කතා කිරීමේ නිදහස නැත්තන් ඒ මිනිහා මැරුණා වගේ! – කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ

කතා කිරීමේ නිදහස නැත්තන් ඒ මිනිහා මැරුණා වගේ! – කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ

මිනිසුන්ට මොන තරම් සැප සම්පත් තිබුණත් කථා කිරීමේ නිදහස නැත්නම් ඔවුන් මැරුණා හා සමාන යැයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා පවසයි. ඊළඟ ආණ්ඩුවේ තනතුරු බලාගෙන තමන් මේ සටනට පැමිණ නැති බවත් පැමිණියේ කථා කිරීමේ නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා බවද ඔහු පවසයි. ඔහු මේ අදහස් පළ කර සිටියේ කුරුණෑගල පැවති ජනහමුවකදීය.

PAFFREL

රූපවාහීනි නාලිකා දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරිම වහා නවත්වන්න! -පැෆරල් සංවිධානය ඉල්ලයි

රූපවාහීනි නාලිකා  මාධ්‍ය උපමානයන් නිර්ලජ්ජිත ලෙස උල්ලංඝනය කරමින් සිටින බවත් වහාම මෙම තත්වය හැකි ඉක්මනින් නියාමනය කරන ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි. නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර තිබේ. මැතිවරණයක ජනමතය වෙනස් කිරීමට ජනමාධ්‍යය…

“ළමා අපචාර කළ අයෙකුට ළමා නිවාසයක් පවත්වාගෙන යා හැකිද?” – මහාචාර්ය සරත් විජේසුරිය

“ළමා අපචාර කළ අයෙකුට ළමා නිවාසයක් පවත්වාගෙන යා හැකිද?” – මහාචාර්ය සරත් විජේසුරිය

ළමා අපචාර කළ අයෙක් ළමා නිවාසයක් පවත්වාගෙන යන්නා සේ, මහින්ද, ගෝඨාභයත් අද ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය  ගැන කථා කරන බව මහාචාර්ය සරත් විජේසුරිය මහතා පවසයි. පහුගිය සමයේ අතුරුදහන් කර ඇත්තේ, මරා දමා ඇත්තේ තමන්ගේ කෙනෙකු නොවෙන්න පුලුවන් බවත් නමුත් එසේ සිතා අපට කරබා සිටිය හැකිනම් අප මිනිසුන් නොවන බවද ඔහු ප්‍රකාශ කළේය. ඔහු මේ අදහස් පළ…

ජනමාධ්‍ය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව සඳහා භාවිත කළ හැකි තියුණුම අවියක්

ජනමාධ්‍ය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව සඳහා භාවිත කළ හැකි තියුණුම අවියක්

මහජන මුදල් ආරක්ෂා කිරිමටත්, දුෂණයට එරෙහිව නිර්භයව පහරදීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමටත්, සුවිසල් කාර්ය භාරයක් ඉටුකළ හැකි ජනමාධ්‍ය දෙපැත්තම කැපෙන තියුණ අවියක් වන බව කථානායක කරු ජයසුරිය මහතා පැවසීය. ජාතියක ඉදිරි ගමන සඳහා මෙන්ම සදාචාර පවුරු ආරක්ෂා කිරිම සඳහාද පෙනී සිටය යුතු මාධ්‍යට කිසියම් විනයක් හා සදාචාර සීමාවන් මෙන්ම වගකීමක්ද තිබිම අත්‍යාවශ්‍ය බවද කථානායකක කරු ජයසුරිය මහතා පැවසීය. කථානායකවරයා…

කඩ කාමර බෙදාදීමට ගොස් අධිකරණයට යයි

කඩ කාමර බෙදාදීමට ගොස් අධිකරණයට යයි

ජනාධිපති මැතිවරණයට දින නියමකර තිබියදි උතුරුමැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් අනුරාධපුර නව බස් නැවතුම්පලේ කඩ කාමර විසි හයක් බෙදාදීමට ටෙන්ඩර් කැදවීම මැතිවරණ නීති උල්ලංගණය කිරිමක් බව පවසමින් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සමකට කරුණු දැක්විම සදහා මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු හය දෙනෙකුට ලබන මස (11දා) අධිකරණය හමුවේ…

ගෝඨාභය කියන්නේ සංවාදයට පුරුද්දක් නැති මනුස්සයෙක්! – ගාමිණී වියන්ගොඩ

ගෝඨාභය කියන්නේ සංවාදයට පුරුද්දක් නැති මනුස්සයෙක්! – ගාමිණී වියන්ගොඩ

ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ සංවාදයට, සාකච්ඡාවට, වාදයට, විවාදයට, අදහස් හුවමාරුවට, මොනව විදියකටවත් පුරුද්දක් නැති මනුස්සයෙක්. ගෝඨාභයගේ සංස්කෘතිය සමන්විත වෙලා තියෙන්නේ, තුවක්කු බටෙන්. ඔහු දන්න එකම ශිල්පය තමයි, තුවක්කු බටෙන් කොහොමද වෙඩි උන්ඩයක් නිකුත් කරන්නේ කියලා. මේක තමයි ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා ස්වභාවයෙන්ම අතීතයේ දක්වමු අත්දැකීම් අනුසාරයෙන් තමන්ට ආරෝපනය කරගෙන තියෙන ගුණාංගයන්. ඒ ඇරෙන්ම වෙන කිසිම…

කලාකරුවන්ට සජිත්ගෙන් ප්‍රඥප්තියක්!

කලාකරුවන්ට සජිත්ගෙන් ප්‍රඥප්තියක්!

ලංකාවේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය බවට පත් වු කූඹියෝ හා සහෝදරයෝ ටෙලි නාට්‍ය 2015 ට පෙර පෙන්වීමට තහනම් කර තිබු නාට්‍ය බවත් එම නාට්‍ය පෙන්වීමට අවසර ලබා දුන්නේ මේ රජයෙන් බවත් ප්‍රවීණ කලාකරු අනුර ශ්‍රීනාත් මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (23) දින රාජගිරියේදි පැවති මාධ්‍ය හමුවකදීය. ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ…

පූජිත්, හේමසිරි තවදුරටත් රිමාන්ඩ්

පූජිත්, හේමසිරි තවදුරටත් රිමාන්ඩ්

  පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට හිටපු පොලිස්පතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට චෝදනා කරමින් නීතිපති වරයා ගොනු කර ඇති නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් ලබන නොවැම්බර් මස 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (23)…

අබ්දුල් රාසික්, හිස්බුල්ලා, පිල්ලෙයාන්, කරුණා ඔක්කොම ගෝඨා එක්ක  – සමන් රත්නප්‍රිය

අබ්දුල් රාසික්, හිස්බුල්ලා, පිල්ලෙයාන්, කරුණා ඔක්කොම ගෝඨා එක්ක  – සමන් රත්නප්‍රිය

සිංහල – බෞද්ධ කණ්ඩායම් පාලනය කිරිමට ගෝඨාභය රාජපක්ෂලා සහරාන්ලා රැගෙන ආ බවත්, බොදු බල සේනා සංවිධානය මෙන්ම ඉන්දියාවේ අන්තවාදී කණ්ඩායමක් වු සිවසේනා පක්ෂයත් ලංකාවට ගෙන ආවේ ගෝඨාභයලා විසින් බව පුරවැසි බලයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි. උතුරු, නැගෙනහිර සහෝදර දෙමළ කණ්ඩායම් විසින් ජනාධිපතිවරණය වෙත යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර එය සැකසීමට මුල් වී ඇත්තේ…

මහජන සාමය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව කැඳවයි

මහජන සාමය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව කැඳවයි

මහජන සාමය පවත්වාගෙන යාම සදහා දිවයින පුරා  ත්‍රිවිධ හමුදාවේ සියළු සාමාජිකයින් යෙදවීමට අදාලව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අයත් බලතල අනුව ශ්‍රි ලංකා යුද්ධ හමුදාව, ශ්‍රි ලංකා ගුවන් හමුදාව, ශ්‍රි ලංකා නාවික හමුදාව සියලුම සාමාජිකයින් (22) දිනයේ සිට මෙලෙස මහජන ආරක්ෂාව සඳහා යොමු කර තිබේ. අංක 2146/11 දරණ අති…