විෂබීජ නාෂක හිඟයක්
|

විෂබීජ නාෂක හිඟයක්

ගංවතුර තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා විෂබීජ නාෂක දියර වර්ග සහ රසායන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, එම රසායන ද්‍රව්‍යවල විශාල හිඟයක් මේ වන විට පවතී. මේ සඳහා අත්‍යවශ්‍යයෙන්ම භාවිත වන TCL වැනි රසායන ද්‍රව්‍ය මේ වන විටත් වෛද්‍ය සැපයීම අංශය තුළ නොමැති බව වාර්තා වෙයි. එම රසායන ද්‍රව්‍ය වෛද්‍ය සැපයුම් වංශය තුළ නොමැති අවස්ථාවලදී…

dailyreporter
|

වැඩිවියටපත් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට තිළිණපතක්

වැඩිවියටපත් පාසල් සිසුවියන් සදහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා නොමිලේ තිළිණපත් ලබා දීම ආරම්භ කර තිබේ. එම තිළිණපත් ලබා දීමේ සමාරම්භක වැඩසටහන අද (06) දින නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී ආරම්භ කර තිබේ. මේ සඳහා රුපියල් බිලියනක මුදලක් ආයෝජනය කර ඇති අතර මෙම මාසයේ සිට මාස 06ක් සඳහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට තිළිණපත…

ranil
| |

ජනපතිගේ දේශපාලන කාර්යාලය විවෘත කෙරේ

කොළඹ – මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබෙයි. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩුවේ මැති ඇමතිවරු ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් රැසක් එක්ව සිට ඇති බව සඳහන් වෙයි.

දේශගුණික කලාප අනුව උද්භිද උද්‍යාන 10ක් පිහිටුවීමට සැලසුම්
|

දේශගුණික කලාප අනුව උද්භිද උද්‍යාන 10ක් පිහිටුවීමට සැලසුම්

දේශගුණික කලාප අනුව රට තුළ අලුතෙන් උද්භිද උද්‍යාන 10ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කළේය. ගාල්ල, වවුනියාව, අම්පාර, පොලොන්නරුව, දෙණියාය යන ප්‍රදේශවල එම උද්භිද උද්‍යාන ව්‍යාපෘති ඇති කිරීමට සැලසුම් කර ඇති බව ද අගමැතිවරයා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, “උද්භිද උද්‍යාන 10ක් පිහිටවීමට සැලසුම් කරලා…

ගැස් මිල අඩුවුවද රයිස් කොත්තු ඇතළු කෙටි කෑම වර්ගවල මිල එලෙසමයි
|

ගැස් මිල අඩුවුවද රයිස් කොත්තු ඇතළු කෙටි කෑම වර්ගවල මිල එලෙසමයි

ගැස් මිල අඩුවුවද හැටන් ආශ්‍රිත ප්‍රදේශවල සමහර හෝටල්වල රයිස් කොත්තු ඇතළු කෙටි කෑම වර්ගවල මිල ගණන් අඩු නොවිම දැඩි ගැටලුවක් බව ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ ගෑස් මිල ඉහල දැමු විගස රයිස් කොත්තු ඇතුළු කෙටි කැම වර්ගවල මිල දමන මෙම හෝටල් හිමියන් ගෑස් මිල පහල දමන විට…

TikTok ප්‍රධාන ගිණුම් කිහපයකට සයිබර් ප්‍රහාරයක්
|

TikTok ප්‍රධාන ගිණුම් කිහපයකට සයිබර් ප්‍රහාරයක්

සයිබර් ප්‍රහාරයකට ලක්වූ TikTok ගිණුම් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව TikTok සමාජ මාධ්‍ය ජාලය හිමි බයිට්ඩාන්ස් සමාගම පවසයි. විශේෂයෙන් ම සන්නාම කිහිපයකට අයත් TikTok ගිණුම් සහ ප්‍රකට පුද්ගලයින් කිහිපදෙනෙක් ට අයත් TikTok ගිණුම් එසේ සයිබර් ප්‍රහාරයට ලක්ව තිබුණි.ඒ අතර CNN පුවත් සේවය වැනි ප්‍රකට සන්නාම සහ පැරිස් හිල්ටන් වැන්නවුන්ගේ ගිණුම් විය.

නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ආපදා හේතුවෙන් පුද්ලයන් 3641 දෙනකු අවතැන්
|

නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ආපදා හේතුවෙන් පුද්ලයන් 3641 දෙනකු අවතැන්

නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පැවති වැසි හා සුලං තත්වයන් මත සිදුවු ආපදා හේතුවෙන් පවුල් 958ක පුද්ලයන් 3641 දෙනකු අවතැන්ව සිටි බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසුගිය දිනවල මෙම ප්‍රදේශයන්ට පැවති සුලං හා වැසි තත්වයන් මත ගස් කඩා වැටිමෙන් හා වහල සෙවිලි ගසාගෙන යාමෙන්…

ගැරඩි ඇල්ලෙන් පහළට පැන්න තරුණ යුවලක් බේරා ගනියි
|

ගැරඩි ඇල්ලෙන් පහළට පැන්න තරුණ යුවලක් බේරා ගනියි

කොත්මලේ ගැරඩි ඇල්ලෙන් පහලට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කරන ලද තරුණ යුවලක් බේරා ගැනිමට එම ප්‍රදේශයේ පිරිසක් පියවර ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු කොත්මලේ පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 05වන දින පුස්සැල්ලාව ප්‍රොටෙක් වතුයායේ වයස අවුරුදු 18ක තරුණ යුවලක් සිය දිවි හානි කර ගැනිම සදහා කොත්මලේ ගැරඩි ඇල්ලෙන්…

වතු කම්කරුවන්ගේ උගත් දරුවන්ට වතුවල කේෂ්ත්‍ර නිලධාරි හා කාර්යාලවල රැකියා පත්වීම්
|

වතු කම්කරුවන්ගේ උගත් දරුවන්ට වතුවල කේෂ්ත්‍ර නිලධාරි හා කාර්යාලවල රැකියා පත්වීම්

හැටන් වැවිලි සමාගම කියන්නේ ඔබලාගේ පවුලේ දෙයක් මෙහි සේවය කරන වතු කම්කරුවන්ගේ උගත් දරුවන්ට මෙහි රැකියාවන් ලබා දිමට මෙසේ කටයුතු කරන්නේ ඔබලාගේ යහපත වෙනුවෙන් බව එම වැවිලි සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ මේනක අතුකෝරල මහතා පවසයි. හැටන් වැවිලි සමාගමේ වතු 13නක කාන්තාවන් 21 දෙනකු සදහා එම වතුවල කේෂ්ත්‍ර නිලධාරි හා කාර්යාලවල රැකියා පත්විම් ලබා දිමේ උත්සවයක් අමතමින්…

dailyreporter
|

පිටිපන ලෙල්ලමට උසාවි නියෝග ක්‍රියාත්මක කරවීම අනවශ්‍යයි – මීගමු පුරවැසි කමිටුව

මීගමුව පිටිපන ලෙල්ලමට උසාවි නියෝග ක්‍රියාත්මක කරවීම අනවශ්‍ය ලේ සෙලවීමක් හෝ ජීවිත හානියක් විය හැකි බව මීගමු පුරවැසි කමිටුව පෙන්වා දෙයි. මීගමුව පිටිපන ලෙල්ලමේ ගැටලුව විසඳා ගැනීම සම්බන්ධයෙන් මීගමු පුරවැසි කමිටුව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ලිපියක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. පිටිපන ලෙල්ලමේ ගැටලුව සම්බන්ධයෙන් මීගමු පුරවැසි කමිටුව පෙන්වා…