exam results 2020 grade 5
|

2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳ‌වීම අද සිට

2024 වසරේ ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳ‌වීම අද (27) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව 5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා අද (27) සිට ලබන ජුනි 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය, එළඹෙන සැප්තැම්බර් 15 වන ඉරිදා දිනයේ පැවැත්වීමටයි සැලසුම්…

flood
|

කැළණි – කලු ගංගාවල ජල මට්ටම ඉහළට

කැලණි සහ කළු ගංගාවල ධාරා ප්‍රදේශ වෙත අධික වැසි ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු spc සුගීෂ්වර මහතා මේ බව සඳහන් කරයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර මහතා පැවසුවේ කළු සහ කැළණි ගංගාවල ඉහළ ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු…

2024 IPL කිරුළ KKR ට
| |

2024 IPL කිරුළ KKR ට

2024 IPL තරගාවලියේ අද පැවැති අවසන් මහා දී ජයග්‍රාහී කිරුළ හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය. සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කොල්කටා කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 3ක් අවසානයේ කඩුලු 8ක් අතැතිව එම ඉලක්කය හිමිකරගත්තේය. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වෙන්කටේෂ් අයියර් පන්දු 26කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමග…

කාන්තා අයිතිවාසිකම් සුරැකීමට රජය කැපවී කටයුතු කරනවා – ජනපති
|

කාන්තා අයිතිවාසිකම් සුරැකීමට රජය කැපවී කටයුතු කරනවා – ජනපති

දිවයින පුරා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජයේ අරමුදල් මත රුපියල් මිලියන 5,320ක වියදමින් කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre of Excellence for Women’s Healthcare) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි. 2006 වසරේ ඉදි කරන ලද කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහල…

ලොවක් සතුටු කළ කබෝසු සුනඛයා
|

ලොවක් සතුටු කළ කබෝසු සුනඛයා

වසර 14ක් පුරා අන්තර්ජාලය පුරා ජනප්‍රියත්වයට පත්ව සිටි ”Doge මීම්” වූ කබෝසු සුනඛයා මියගොස් තිබෙනවා. මේ සුනඛයා අන්තර්ජාලය තුළ පරම්පරාවක්ම සිනහ ගැස්වූ අතර Dogecoin cryptocurrency හි මුහුණත බවටද පත්වුණා. කබෝසු සුනඛයා ලියුකේමියාව සහ අක්මා රෝගයෙන් පෙළුණු බවයි සුනඛයාගේ හිමිකරු පවසා ඇත්තේ. කබෝසු සුනඛයා මියයන විට වයස අවුරුදු 18ක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

nayayam
|

රත්නපුර දිස්ත්‍රිකයේ ප්‍රා.ලේ කොටිඨාස 9 කට නායයාම් නිවේදන

රත්නපුර දිස්ත්‍රිකට පවතින අධික වර්ෂාවත් සමග ප්‍රදේශිය ලේකම් කොටිඨාස 09 කට නාය යැමෙිි දෙවැනි මටිටමේ පුර්ව නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු අභිත වනසුන්දර පවසයි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ,කුරැවිට,කිරිඇල්ල,අයගම,කලවාන රත්නපුර , ඇලපාත ,බලන්ගොඩ ,ඉඹුල්පේ යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා මෙලෙස නායයැමේ දෙවැනි මටිටමේ පුර්ව නිවෙිදන නිකුත් කර ඇති…

දැඩි සුළං හේතුවෙන් බ්‍රවුන්ස්ව්ක් වතුයායේ නිවාස වලට හානි

දැඩි සුළං හේතුවෙන් බ්‍රවුන්ස්ව්ක් වතුයායේ නිවාස වලට හානි

මස්කෙළිය බ්‍රවුන්ස්ව්ක් ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුලං හේතුවෙන් එම වතුයායේ නිවාස අටකට හානි සිදුවිමත් සමග එම නිවාසවල පිරිස් අවතැන්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින දැඩි සුලං හා වැසි තත්වයන් මත 24වන දින මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ නිවාස අටක වහල සෙවිලි සුලගට ගසා ගෙන…

ශ්‍රිපාද වන්දනා සමය නිමාවට පත්වෙයි

ශ්‍රිපාද වන්දනා සමය නිමාවට පත්වෙයි

ශ්‍රිපාද වන්දනා සමය නිමාවට පත් කරමින් ශ්‍රිපාද මහ මළුවේ තැන්පත් කර තිබු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රථිමාව ඇතුළු දේව ආභරණ ශ්‍රිපාද මහ මළුවේ සිට නල්ලතන්නිය දක්වා වැඩම කරවිම 24වන දින සිදු කරන ලදි. ප්‍රදේශයට පවතින අධික වැසි තත්වයන් මධ්‍යයේ ලක්ෂපාන යුධ හමුදා කදවුරේ නිලධාරින් විසින් සදාතුක කරඩුව සමන් දේව ප්‍රථිමාව ඇතුළු දේව ආභරණ මෙසේ මහත්…

මෙරට සිටින මාලදිවයින් ජාතිකයින්ට දැනුම්දීමක්
|

මෙරට සිටින මාලදිවයින් ජාතිකයින්ට දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ සංචාරක වීසා පිළිබඳ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කර තිබේ. ඔවුන් එහි සඳහන් කර ඇත්තේ, දැනට පවතින ක්‍රියා පටිපාටිය අනුව මාලදිවයින් වැසියන්ට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු දින 30ක සංචාරක වීසා බලපත්‍රයක් නොමිලේ ලබා ගත හැකි බවයි. එමෙන්ම දින 30කට වැඩි රැඳී සිටීමක් සඳහා, මාලදිවයින් ජාතිකයින්ට https://www.srilankaevisa.lk/ යන වෙබ් අඩවියට…

weather is today tomorrow weather weather 10 days weather today
|

මධ්‍යම කදුකරයේ දැඩි සුලං හා වැසි තත්වයන් හේතුවෙන් ගස් කඩා වැටිමේ අවදානමක්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින දැඩි සුලං හා වැසි තත්වයන් හේතුවෙන් ගස් කඩා වැටිමේ අවදානමක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ එච්. එම්. එම්. බී. බණ්ඩාර මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු බණ්ඩාර මහතා පවසන ලද්දේ මේ වන විට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රිකය තුල දැඩි සුලං…