එළියකන්ද වධකාගාරයේදී පොලිසිය මගෙන් කටඋත්තර ගත් හැටි
කකුල් දෙකෙන් එල්ලලා, ඔලුව යටින් මිරිස් කුඩු පුච්චලා, නියපොතු ගලවලා, හම ගහලා කටඋත්තර ගනිද්දි ඒ සියල්ල විඳදරාගෙන කටඋත්තර දීම ප්රතික්ෂේප කරපු වීරයෙක් ගැන කියවන්න ආසාවෙන් ආවා නම් ආපහු යන්න. මේක එහෙම මයිල් කෙළින් වෙන කතාවක් නෙමෙයි. මං එහෙම වීරයෙක් නෙමෙයි. 1989 මැයි මාසෙ මාව හමුදාව විසින් අත්අඩංගුවට අරගෙන එළියකන්ද වධකාගාරයට අරන් යනකොට හදිසි නීතිය තිබුණෙ…