සයිටම් හා ධම්මික
ලංකාවේ ඊනියා අන්ත වාමාංශිකයන් හා ඊනියා ප්‍රගතිශීලීන් නම් වන සංරක්ෂණවාදීන්ගෙනුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම් වන පසුගාමී වෘත්තීය ගෝත්‍රික සංවිධානයේ විවිධ මට්ටම්වල සාමාජිකයන්ගෙනුත් බලු බැනුම් අසමින් අපි පසුගිය කාලයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වෙනුවෙන් පෙනීසිටියෙමු. එහිදී අප හඳුන්වනු ලැබුවේ සයිටම් එකට පක්ෂ පිරිස් ලෙසයි. සයිටම් විශ්වවිද්‍යාලය යනු දේශීය ව්‍යවසායකයකු වන නෙවිල් ප්‍රනාන්දු විසින් තම අරමුදල් යොදවා…