dusmantha-chameera
|

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ශල්‍යකර්මයක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාව බලා ගිය ක්‍රීඩකයෙකු හෙට (29) එරටදී ශල්‍යකර්මයකට ලක්කෙරෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙලෙස ශල්‍යකර්මයකට ලක්කෙරෙන්නේ තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන දුෂ්මන්ත චමීරයි. ඔහු හෙට උදෑසන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී මෙලෙස ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතව ඇත.

t20worldcup
|

ලංකාවට සෙමි ෆයිනල් යන්න කරන්න ඕන දේ මෙන්න

T20 ලෝක කුසලානයේ සුපිරි දොළොස් දෙනාගේ වටයෙහි දෙවන තරගය ලෙස පැවති ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟයේදී ඕස්ට්‍රේලියාව හමුවෙන් කඩුලු 7කින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා. ඒත් එක්කම බොහෝ දෙනෙක් හිතනවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට පරාජය වෙද්දී මෙම තරගාවලිය තුල අපට තිබුණු හැම බලාපොරොත්තුවක්ම ඉවරයි කියලා. ඒ වගේම තවත් අයට…

stonis
|

ස්ටෝනිස් ගේ ප්‍රහාරයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්

ඕස්ට්‍රේලියානු පිතිකරු මාර්කස් ස්ටෝනිස් ගේ ප්‍රවේගකාරී පිතිහරඹය නිසා ශ්‍රී ලංකාව සමග පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගයෙන් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වුවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 157ක් රැස් කර ගනු ලැබුවා. ලකුණු 158ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ඕස්ට්‍රේලියාව…

sl
|

ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට පිවිසේ

ලෝක කුසලාන තරගාවලියේ A කොටසේ තීරණාත්මක තරගයේ දී ශ්‍රී ලංකාව නෙදර්ලන්තය පරාජයට පත් කිරීම නිසා සුපිරි 12 වටයට යාමට අවස්තාව උදා කරගත්තේය. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාපිල ලකුනු 162 ක් එහිදී ලබාගන්නා ලදි. කුසල් මෙන්ඩිස් අවසන් ඕවරය තෙක් රැඳී සිටිමින් පන්දු 44 කදී ලකුනු 79 ක් ලබාගැනීම විශේෂිතය. චරිත් අසලංකට 31 කි….

slwin
|

ශ්‍රී ලංකාව මුහුණදෙන අවදානමක් ගැන අලුත් කතාබහක්

අද (18) ලෝකකුසලාන විස්සයි20 තරගාවලියේ Geelong හි සවස පැවති තරගයෙන් UAE හමුවේ පහසු ජයක් වාර්තාකිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකාව ලබාගත් 152 ට පිලිතුරු ලෙස ඔවුන් ලබාගත්තේ 73 ක් පමණි. අද දින සාර්ථක වූයේ පැතුම් නිශ්ශංක (74) ධනංජය ද සිල්වා (33) හා කුසල් මෙන්ඩිස් (18) පමණි. පන්දු යැවීමේදී දුශ්මන්ත චමීර හා වනිදු හසරංග කඩුළු…

sl-vs-uae
|

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ අද පිටියට

20යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් අතර තරගය අද (18) පැවැත්වීමට නියමිත යි. තරගය ඔස්ට්‍රේලියාවේ ජීලෝන්ග් හි දී පැවැත්වෙන අතර, එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වනවා. පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වීම හේතුවෙන් තරගාවලියේ රැඳී සිටීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයෙන් අනිවාර්යයෙන් ජයගත යුතු…

dasun-shanaka

ඊළඟ තරග දෙක ජයග්‍රහණය කරවීමට සුදානම්

තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ඉදිරි තරග දෙක ජයගෙන රට ජයග්‍රහණය කරවීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ”චරිත් අසංලක ඉන්නවා. ඔහු ගියපාර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත්ත ක්‍රීඩකයා. ඔහුට හොඳ අවස්ථාවක් තියෙනවා ඊළග අවස්ථාවලදී ඉදිරියට ඇවිල්ලා ක්‍රීඩා කරලා හොඳින් කරන්න. ලෝක…

slcricwin

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් තරඟයට

ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය පකිස්තානය පරදා ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඒ අනුව වසර 14 කට පසු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කන්ඩායමක් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා තිබේ. තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු…

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරගය අද

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරගය අද

ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු පුහුණු තරගය අද (11) පැවැත් වේ. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ආරම්භ වන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 09ට ආරම්භ වෙයි. සිම්බාම්බේ කණ්ඩායම සමග එම තරගය පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන පුහුණු තරගය ලබන 13 වැනිදා අයර්ලන්තය සමග පැවැත් වේ. 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට්…

road-safty

ශ්‍රී ලන්කන් ලේජන්ඩ්ස්ලාට තවත් ජයක්

රෝඩ් සේෆ්ටි වර්ලඩ් සීරීස් පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායම් අතර පැවැති තරගය ලකුණු 11කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කාණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කිරීමට සමත් වුණි. දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6…