කඩුලු 2කින් ජය ලංකාවට
|

කඩුලු 2කින් ජය ලංකාවට

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (01) පැවැති තරගය කඩුලු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරගයට පෙර දෙපිලේ ක්‍රීඩකයින්, නිලධාරීන් විසින් මාධ්‍ය සාකච්ජා වලදී සිදුකළ ප්‍රකාශයන් නිසා මෙය ඉතා උණුසුම්කාරී තරගයක් වීමද විශේෂත්වයක්. කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවෙන් පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා…

cricket

තීරණාත්මක තරගය අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය අද (01) පැවැත්වෙයි. තරගය ඩුබායිහිදී පැවැත්වීමට නියමිත අතර අද තරගය ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ ඊළඟ වටය සඳහා සුදුසුකම් ලබනු ඇත. අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රිඩකයෙකු බොහෝදුරට කැඳවනු ඇති බව කණ්ඩායමේ දඟ පන්දු යවන පුහුණුකරු පියල් විජේතුංග මහතා…

guwan-hamudawa

ජාතික වොලිබෝල් ශූරතාවලියේ ජය ගුවන් හමුදාවට

මෙවර ජාතික වොලිබෝල් ශූරතාවලියේ පිරිමි සහ කාන්තා ඉසව් දෙකෙහිම ශූරතාවය දීනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත්ව තිබේ.

ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානයට පරදී

ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානයට පරදී

ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති පළමු විස්සයි-20 තරගයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක අනපේක්ෂිත පරාජයක්  (27 දා) ලැබුවේය. ශ්‍රී ලංකාවට වඩා ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් තුන් ඉරියව්වෙන්ම ඉදිරියෙන් සිටීම කැපී පෙනෙන්නක් විය. ලකුණු 105 ක් හඹා ගිය ඇෆ්ගනිස්ථානු පිතකිරුවෝ පන්දු 59 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් ප්‍රතිවාදී පන්දු යවන්නන්…

යුපුන්ට කොමන් වෙල්ත් 100m ලෝකඩ පදක්කම
|

යුපුන්ට කොමන් වෙල්ත් 100m ලෝකඩ පදක්කම

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කම දිනා ගන්නට සමත් විය. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක මීටර 100 ධාවන ඉසව්වේ පදක්කමක් දිනා ගත් පළමු ආසියානු ක්‍රීඩකයා ලෙසද වාර්තා අතරට එක් විය. එංගලන්තයේ බර්මින්හම්හිදී පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන්…

foodball

ශ්‍රී ලංකාවට ගෝල 1-0 ක පරාජයක්

ඉන්දියාවේදී පැවැත්වුණු දකුණු ආසියානු ශූරතා 20 න් පහළ පාපන්දු තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ගෝල 1-0 ක පරාජයක් ලැබීය. තරගයට හොඳ ආරම්භයක් ගෙනදුන් කණ්ඩායම් දෙකම පළමු අර්ධය තුළදී කරට කර සටනක නිරතවනු දක්නට ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස පළමු අර්ධය නිමාවට පත් වන විටදී කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කණ්ඩායම් දෙකටම…

lpl-t20

LPL තරගාවලිය දින නියමයක් නැතිව කල් දමයි

ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය වහා ම ක්‍රියාත්මක වන පරිදි කල් දමා තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයකින් දන්වා තිබේ. ඒ අනුව 2022 අගෝස්තු 1 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා ඇත. රටෙහි වත්මන් ‘ආර්ථික තත්ත්වය’, තරඟාවලිය පැවැත්වීම සඳහා හිතකර නොවන බව සඳහන් කරමින් තරගාවලියේ හිමිකම් දරන්නා වන…

yupun-abecon

දකුණු ආසියානු කඟවේනා යුපුන් අබේකෝන්

ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට අද සමත් වුණා. ඒ, ස්විට්සර්ලන්තයේ පැවැති 42 වන රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී එම ඉසව්ව තත්පර 9.96කින් අවසන් කරමින්. ඔහුගේ තරග නිමි කාලය වාර්තා අතරට එක් වුණේ නව දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් ලෙසයි. යුපුන්…

මැතිව්ස්ට කොවිඩ් ආසාදනය වෙයි

මැතිව්ස්ට කොවිඩ් ආසාදනය වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස්ට කොවිඩ් ආසාදනයවී ඇති බව තහවුරු වෙයි. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් ඔහු ඉවත් වී තිබෙයි. ඔහු වෙනුවට ඕෂද ප්‍රනාන්දු කැඳවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

srilnka-crickert
|

කහ ඇඳුම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් තීරණයක

  ඔස්ට්‍රේලියාවට ස්තූති කිරීමට කහ වර්ණයෙන් සැරසී පැමිණෙන ප්‍රේක්ෂකයන්ට සහාය දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන්ට කහ වර්ණයෙන් සැරසී අද තරගයේ රාජකාරී සඳහා පැමිණෙන ලෙසට එම ආයතනය ඉල්ලීමක් කර තිබේ. “අපිට ඉතාමත් ආඩම්භරයක් සහ සන්තෝෂයක් අපි බලාපොරොත්තු වුනාට වඩා සාර්ථකව මේ තරගාවලිය පැවැත්වීමට අපිට හැකි වුණා. ඒ නිසා මම ස්තූති කරන්න ඕන අපේ ක්‍රීඩා ලෝලීන්ට…