slcric
|

ටෙස්ට් තරග දෙකම දින තුනෙන් අවසන් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ටෙස්ට් තරග 2 කින් යුත් තරඟාවලිය අවසන් වූනේ ඉන්දියාවට එම තරග 2 ම ජය ගනිමින්. එම ටෙස්ට් තරගාවලියේ දක්නට ලැබුණු සුවිශේෂී කරුණක් ලෙස දින පහක් පැවැත්වෙන ඒ ටෙස්ට් තරග දෙකේදිම දින තුනක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම විසින් අවසන් වීමයි. ශ්‍රී ලංකාව සතු අති දක්ෂම පිතිකරුවන් ක්‍රීඩා කරන කණ්ඩායමේ අවසන් ටෙස්ට්…

inwin

ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 222 දැවැන්ත පරාජයක්

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක ඉන්දීය කණ්ඩායම ඉනිමක සහ ලකුණු 222කින්  ජය ගත්තේ ය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 8කට රැස් කළ ලකුණු 574ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 174කට දැවී ගියේ ය. ඉනිමක පරාජයෙන් බේරීමට නැවතත් පන්දුවට පහර දුන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා…

shanewan

සුපිරිතම පන්දු යවන්නා ශේන් වෝන් මෙලොව හැරයයි

ලොව සුපිරිතම දඟ පන්දු යවන්නෙකු ලෙසට සැලකෙන ශේන් වෝන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. 52 හැවිරිදි මේ ඔස්ට්‍රේලියානුවා තායිලන්තයේ සංචාරයක නිරතව සිටියදී මියගොස් ඇත්තේ හදිසියේ හටගත් හෘදයාබාධයක් හේතුවෙන් බවටයි වාර්තා වන්නේ. තායිලන්තයේ සුපිරි හෝටල් සංකීර්ණයක රැඳී සිටියදී ඔහු මෙම හදිසි තත්වයට පත්ව ඇති අතර ඔහු සමග සිටි කාර්ය මණ්ඩලය ශේන් වෝන්ගේ දිවි බේරා ගැනීම සඳහා දැඩි උත්සාහයක්…

in
|

දසුන්ගෙන් සුපිරි ඉනිම අපතේ යයි – ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20තුළ දී කඩුලු 5ක් දැවී ලකුණු 146ක් රැස්කළේය. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කාණ්ඩායමේ නායකයා තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමටය. ශ්‍රී ලංකා කාණ්ඩායම වෙනුවෙන් නායක දසුන් ශානක නොදැවී ලකුණු 74ක් රැස් කළේ පන්දු…

golf

ගොල්ෆ් පදක්කම් තරගාවලිය 25, 26 දෙදින තුල

කොළඹ රාජකීය ගොල්ෆ් ක‍්‍රීඩා සමාජය විසින් කි‍්‍රයාත්මක කරනු ලබන ‘පෙබරවාරි මාසයේ පදක්කම් තරගාවලිය’ ලබන 25 වැනිදා සහ 26 වැනිදා දෙදින පුරා කොළඹ රාජකීය ගොල්ෆ් පිටියේදී පැවැත්වේ. CL Synergy Limited සමාගම, මෙම තරගාවලිය සඳහා අනුග‍්‍රාහක ශක්තිය එකතු කර තිබේ. තරගාවලිය කොළඹ ක‍්‍රීඩා සමාජයේ කීර්තිමත් තරගකරුවන්ගේ සහ ක‍්‍රීඩා ලෝලීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලූ කටයුතු යොදා ඇත. A, B,…

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර තීරණාත්මක තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර තීරණාත්මක තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය තීරණය කෙරෙන තීරණාත්මක තුන්වැනි තරගය අද (15) දහවල් 1.40ට කැන්බරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. පැවැති තරග දෙකම ඔස්ට්‍රේලියාව ජය ගැනීම හමුවේ තරගාවලි පරාජයෙන් බේරීමටනම් ශ්‍රී ලංකාව අද (15) තරගය අනිවාර්යයෙන් ජයගත යුතුව තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20 තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20 තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකාව සමග සිඩ්නි ක්‍රීඩාංගණයේ පැවති පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව සත්කාරක ඔස්ට්‍රේලියාව ලකුණු 20 කින්  ජය ගත්‌තේ ය. ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු නවයක් 9ක් දැවී ලකුණු 143 ක් රැස කළ කර ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 122ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්…

19worldcup
|

19න් පහළ එක්දින ලෝක කුසලානය ඉන්දියාවට

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම සමත් විය. එංගලන්ත යොවුන් කණ්ඩායම සමග පැවැති අවසන් මහා තරගයෙන් කඩුලු 4ක ජයක් ඉන්දියාව වාර්තා කළේය. ඉන්දියාව වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගත් පස්වැනි අවස්ථාව මෙයයි.

සුරංග ලක්මාල් ක්‍රිකට් පිටියෙන් සමුගනී

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිවූවැනි ඉහළතම කඩුලුලාභියා වන දකුණත් වේගය පන්දු සුරංග ලක්මාල් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

IPL2

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් වෙන්දේසිය පෙබරවාරි මස 12 සහ 13

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන වෙන්දේසිය පෙබරවාරි මස 12 සහ 13 බැංගලූර් හිදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා ක්‍රීඩකයන් 590 දෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ සඳහා එක්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 36 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ද මේ වනවිට සමාජ මාධ්‍ය හුවමාරු වෙමින් පවතී.