ipl

අයි.පී.එල්. සටනට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 36ක් වෙන්දේසියට

2022 අයි.පී.එල්. තරඟාවලිය මාර්තු 27 වැනිදා ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙවර තරගාවලියට සහභාගි වන කණ්ඩායම් දහයේ රැස්වීමක් ඊයේ (22) පැවති අතර, එහිදී තීරණය වී ඇත්තේ තරඟාවලිය මාර්තු මාසයේ අග භාගයේ පැවැත්වීමටයි. විදේශීය ක්‍ර්‍රීඩකයින් 318 ක් ඇතුළු ක්‍රීඩකයින් 1214 ක් ලියාපදිංචි වී ඇති අතර, ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 36 දෙනෙකුද ඊට ඇතුළත්. පසුගිය අයි.පී.එල්. තරගාවලියේ…

සිම්බාබ්වේ පිල ලකුණු 22ක ජයක් වාර්තා කරයි

සිම්බාබ්වේ පිල ලකුණු 22ක ජයක් වාර්තා කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 22ක ජයක් වාර්තා කරමින් තරග 3කින් සමන්විත මෙම එක්දින තරගාවලිය 1 ට එකක් ලෙස සම තත්වයට රැගෙන ඒමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ සමත්වුණා. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුලු 8ක් දැවී ලකුණු 302 ක් රැස්…

sl-sm

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලිය නැරඹීමට ඉඩ

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ජාත්‍යන්තර තරගාවලිය නැරඹීම සඳහා ක්‍රීඩාංගණයේ සමස්ත ප්‍රේක්ෂක ධාරිතාවෙන් 50%කට අවස්ථාව ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. තරගය නැරඹීමට පැමිණෙන සියලුම ප්‍රේක්ෂකයන් කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන තිබිය යුතු අතර එන්නත ලබාගත් බව තහවුරු කිරීම සඳහා එම කාඩ්පත රැගෙන යාම හෝ එහි ඡායාරූපයක්…

awiska

එක්දින කණ්ඩායමට අවිශ්කත් අහිමි වෙයි

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ නිසා සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට ඔහුට අහිමි වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් අද ජෛව ආරක්ෂක බුබුළට ඇතුළු වන අතර අවිශ්ක ඊට ඇතුළත්ව නොමැත. අවිශ්ක පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින අයෙකු වන අතර…

lpl-campion
|

LPL කුසලානය ජැෆ්නා කිංග්ස් දෙවැනිවරටත් දිනා ගනී

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ජයගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (23) සමත් වුණා. ඒ, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත් කරමිනි. අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා සමත් වූ අතර එහිදී ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටය. ඒ අනුව පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් නියමිත පන්දුවාර…

lpl final match

උතුර සහ දකුණ අද (23) අවසන් තරගයට

ශ්‍රී ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (23) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර යි. තරගය අද රාත්‍රී 7.30ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතය. පසුගිය වසරේදී ද අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබීමට ගෝල් ග්ලැඩියේටර් සහ ජැෆ්නා කණ්ඩායම් සමත් වු අතර ඉන් ජැෆ්නා…

fgoo

ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් මහ තරගයට

ගෝල් ග්ලැඩියේටර්ස් පිල ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඊයේ (19) සමත් විය. සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී භානුක රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් පිල ලකුණු 64 කින් ජැෆ්නා කිංග්ස් පිල පරාජය කිරීමට සමත් විය. ලකුණු 189ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට…

riyasewana

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට බොක්සිං ක්‍රීඩකයන් තේරීමේදි පරාජිතයන් ඉදිරියට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට සහභාගි කරවීම උදෙසා පැවැති බොක්සිං තේරීම් පරීක්ෂණයේදී ජයග්‍රහණය කළ ක්‍රීඩකයන් කිහිපදෙනකු ඉවත් කොට පරාජිතයන් තෝරාගෙන ඇති බවට පේරාදෙණියේ කිංග්ස්වුඩ් බොක්සිං සමාජය හා ශ්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං සමාජය, ශ්‍රී ලංකා බොක්සිං සංගමයට විරෝධතා ගොනු කරයි. පසුගියදා කොළඹ රාජකීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති බොක්සිං තේරීම් තරගයේදී කිලෝග්‍රෑම් 75 බර පන්තියෙන් තරග කළ නිරාජ්…

slwe

ශ්‍රි ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්වන් දෙවන ටෙස්ට් තරගෙනුත් පරද්දයි

ශ්‍රි ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගය ද  ජයග්‍රහණය කළේය. . ලකුණු 297ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන්ට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 132කි. ඒ අනුව ලකුණු 164කින් ජය ගැනීමත් සමග තරග දෙකකින් යුත් තරගාවලිය ම ජය ගැනීමට ශ්‍රීලංකා කණ්ඩායම සමත් විය. පන්දු යැවීමෙන් ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 35ට කඩුලු…

chichi
|

රෝහිත රාජපක්‍ෂ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා මෙවර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක‍්‍රිඩා කරයි. ඔහු අංක 07 සදහන් ඇදුමක්ද සහිතව දඹුල්ල කණ්ඩායමට සඳහා තරඟ වදින බව එම කණ්ඩායමේ සමාජ ජාල ගිණුමේ පින්තූර පල කර ඇත. ශ‍්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ ප‍්‍රහාරත්කමකම පිතිකරු ලෙස සැලකෙන සනත් ජයසූරියද ජාත්‍යන්තර තරග සදහා එක් වූයේ…