slwest

ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු සටනේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 187කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම  සමත්විය. තරගයේ 5වන දිනයේ ලකුණු 348ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සංචාරක කොදෙව් කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 160කට සියලු දෙනා දැවී ගියේය. කොදෙව් දෙවැනි ඉනිම වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ බෝනර් නොදැවී ලකුණු 68යි. මෙම…

mickey-arhur

මිකී යන්න යයි

එළඹෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව තමා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් වන බව මිකී ආතර් පවසයි. ඔහු ඒ බව පවසා ඇත්තේ සිය ට්විටර් ගිණුම හරහා සටහනක් නිකුත් කරමිනි.  

football

දිගින් දිගටම ලැබූ පාපන්දු පරාජයන්ට තිත තබමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි. රීඩ් මාවත තුරඟ තරග පිටියේ ඊයේ විදුලි ආලෝක ධාරා මැද පැවැති බංග්ලාදේශය සමඟ තරගය ගොල් 2-1කින් ජය ගැනීමත් සමඟ ශ්‍රී ලංකා පිලට අවසන් මහා තරගයේ දොරටු විවර විය. ගෝල් 1-1ක් ලෙස තරගය සම වී අවසන් තරගයට පිවිසීමට අසීරු මලානික අවස්ථාවක ශ්‍රී…

eran-finch

ඔස්ට්‍රේලියාව ලෝක කුසලානය දිනූ රහස

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කරා පැමිණි ගමනේදී සහභාගි වූ තරග 7කින් 6කම කාසියේ වාසිය දිනා ගැනීම තීරණාත්මක සාධකයක් වූ බව ඔස්ට්‍රේලියා නායක එරන් ෆින්ච් පවසයි. අවසන් මහා තරගයද ඇතුළුව මෙවර තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහභාගි වූ තරග 7කින් කාසියේ වාසිය දිනාගත් අවස්ථා 6දීම ඔවුන් දෙවනුව පන්දුවට පහරදෙමින් ජය වාර්තාකර ගත්තේය. විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේදී…

Australian team

T 20 කිරුළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට

හත්වැනි වරට පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ආරොන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත් විය. ඩුබායිහිදී පැවැති අවසන් මහා තරගයෙන් නවසීලන්තය කඩුලු 8කින් පරාජයට පත් කළ ඔස්ට්‍රේලියාව දිනාගත් මංගල විස්සයි20 ලෝක ශූරතාව මෙයයි. ටෙස් ලෝක ශූරතාව හිමි කර ගෙන සිටියද තවමත් අයිසීසී සීමිත ඕවර ශූරතාවක් දිනා නැති නවසීලන්තය විස්සයි20…

unusum puwath

ICC යේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට මහේලත් එකතුවෙයි

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ඇතුළත් කර තිබෙනවා. මහේල ජයවර්ධන අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් ලැයිස්තුවට ඇතුළත් කෙරුණේ 1996 – 2016 කාලයට අදාළවයි. ශ්‍රී ලංකාවෙන් මීට පෙර අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇතුලත්ව සිටියේ මුත්තයියා…

election sri lanka
|

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ක්‍රිකට් කණ්ඩායමක්

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කණ්ඩායමක් සහ මාල දිවයිනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමක් අතර ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීම සඳහා සාකච්චා ඇරඹී ඇත. ශ‍්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම මාලදිවයිනේ තරඟාවලියක් සඳහා පිටත්ව යනු ඇති අතර එය අවසානයේ මාලදිවයින් මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරඟයකට සහභාගී වීමට සාකච්ඡා කර ඇත.      

t20worldcup

ඕස්ට්‍රේලියාව ලෝක කුසලානයේ අවසන් තරගයට

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා. ඒ, කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි එතෙක් කිසිඳු තරගයක් පරාජයට පත් නොවී සිටි පකිස්තානය කඩුළු 05 කින් පරාජයට පත් කරමින්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 04 ක් දැවී ලකුණු 176 ක් රැස්…

lpl-t20

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 කණ්ඩායම්

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රීකට් තරගාවලියේ දෙවැනි අදියරේ ක්‍රීඩක වෙන්දේසිය සූම් තාක්ෂණය ඔස්සේ පැවැති අතර ඒ සඳහා කණ්ඩායම්වල හිමිකරුවන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ. එහිදී එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයන් 6 දෙනකු සහ දේශීය ක්‍රීඩකයන් 14 දෙනකු සමග ක්‍රීඩකයන් 20 දෙනකු තෝරා ගනු ලැබිණි. තිසර පෙරේරා යාපනය කණ්ඩායමේද, චරිත් අසලංක මහනුවර කණ්ඩායමේද,…

iyanbisop

ඉයන් බිෂොප් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ගැන කතා කරයි

ශ්‍රී ලංකා පිල ඉදිරියේදී ලොව පෙරැළිකාර ක්‍රිකට් කණ්ඩායම වනු ඇතැයි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ රුපවාහිනී විස්තර විචාරක බටහිර ඉන්දීය කොදෙව් ජාතික ඉයන් බිෂොප් මහතා පවසයි. ශ්‍රී ලංකා පිල ගොඩනැගීමට අවශ්‍ය සම්පත් මේ වන විට උපරිම අයුරින් ඇති අතර, අවශ්‍ය වන්නේ ඔවුන්ට නිවැරදි මග පෙන්වීම පමණක් බව ඉයන් බිෂොප් මහතා පැවැසීය. “ගොඩාක් දුර යන්න…