bandula-warnapura
|

හිටපු ක්‍රිකට් නායක බන්දුල වර්ණපුරට හදිසි හෘදයාබාධයක්

හිටපු ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන්  කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. 68 වැනි වියේ පසුවන බන්දුල වර්ණපුර, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින ක්‍රිකට් ක්‍රීඩාංගණයක උපදේශකවරයා ලෙස කටයුතු කරනවා.

jaffna

ජැෆ්නා ස්ටැලියන්ස් හිමිකාරීත්වය ලයිකා මොබයිල් සමාගමට

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL ක්‍රිකට් තරගාවලියේ පළමුවර ශූරතාව දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය ශ්‍රී ලංකාවේ උපන් ව්‍යාපාරික අලිරාජා සුබාස්කරන් මහතාට අයත් ලයිකා මොබයිල් සමාගමට හිමිවී ඇතැයි වාර්තා විය. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනස්වීමත් සමග ඉදිරියේදී කණ්ඩායමේ නම සහ ලාංඡනය ද වෙනස්වනු ඇති. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට මෙම තරගාවලිය යොදා ගැනීමට තමන් උත්සාහ…

unusum puwath
|

20 – 20 ලෝක කුසලානයේ අලුත්ම තුරුම්පුව

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස පත් කර තිබෙනවා. ඒ අනුව එළඹෙන 20 – 20 ලෝක කුසලානයේ පළමු වටයේදී ඔහු එම උපදේශක තනතුරේ කටයුතු කරනු ඇති. ජෛව බුබුල යටතේ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී එක්වනු ඇති. මහේල මේවන විට ඉන්දීය ප්‍රිමියර් ලීග්…

unusum puwath
|

ඉන්දියාවේ යෝජනාව මහේල ඉවත දමයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටුයතු කරන්නැයි සිදු කෙරුණු යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එහෙත් මහේල ජයවර්ධන එය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වුණේ. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඉදිරියේදී ඔහු කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටීමත් මේ වන විටත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමත්…

lasthi-malinga
|

මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදිමට තිරණය කර තිබෙනවා. ” වසර 17 ක් පුරාවට ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මම ලබාගත් දැනුම, අත්දැකීම් තවදුරටත් මට ක්‍රිකට් පිටියක් තුල අවශ්‍යය වෙන එකක් නෑ.. මොකද..මගේ ක්‍රිකට් ජීවිතයේ ඉතිරි වුන අවසන් පුරුක,T20 ක්‍රිකට් වලටත් සමුදීමට මම අද තීරණය කළා….

දකුණු අප්‍රිකානුවෝ තරගාවලිය ජය ගනිති
|

දකුණු අප්‍රිකානුවෝ තරගාවලිය ජය ගනිති

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ ආර්.ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති දිවා රාත්‍රී දෙවැනි විස්සයි20 තරගය කඩුලු 9කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ. ඒ සමඟම තරග 3කින් සමන්විත මේ තරගාවලියේ ජයග්‍රහණය තවත් තරගයක් ඉතිරිව තිබියදීම දකුණු අප්‍රිකාව සතු විය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 18.1කදී ලකුණු 103කට දවා ගැනීමට දකුණු අප්‍රිකානුවෝ…

පළමු විස්සයි 20න් දකුණු අප්‍රිකාවට ජය
|

පළමු විස්සයි 20න් දකුණු අප්‍රිකාවට ජය

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ ප්‍රථම තරගයෙන් ලකුණු 28ක ජයක් වාර්තා කිරීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ (10) සමත් විය. මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව ඕවර් 20කදී කඩුලු 5කට ලකුණු 163ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාවට ඕවර් 20කදී කඩුලු 6ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු…

cricket

චන්දිමාල් – තීක්‍ෂණ ලෝක කුසලාන තරගාවලියට

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට හිටපු විස්සයි20 නායක දිනේෂ් චන්දිමාල් සහ මහීෂ් තීක්‍ෂණ නම් කර ඇති බව වාර්තා වේ. විස්සයි20 කණ්ඩායමේ නායක දසුන් ශානක එළඹෙන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇත. මෙම විස්සයි20 සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තවමත් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කර නොමැති අතර…

මම ඉනිම ආරම්භ කරන්නේ පෙර තරගයේ ලකුණු නොලබා දැවීගිය ක්‍රීඩකයෙකුගේ මානසිකත්වයෙන්

මම ඉනිම ආරම්භ කරන්නේ පෙර තරගයේ ලකුණු නොලබා දැවීගිය ක්‍රීඩකයෙකුගේ මානසිකත්වයෙන්

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් චරිත් අසලංක මාධ්‍ය සාකච්ඡාවට සහභාගිවී මෙසේ පැවසීය. “මම හැමදාම හිතන්නේ මම තවම මදි කියලා. ඒ නිසා සෑම විටම පුහුණුකරුවන් ඇතුළු සෑම කෙනෙක් එක්කම කතා කරනවා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමග කතා කරලා ඔවුන්ගේ අදහස් ගන්නවා. මේ තරගාවලියේ වුවත් මම හිතන්නේ මට තව හොඳින් ක්‍රීඩා කරන්න…

ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජය ගනී
|

ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජය ගනී

දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ, අද(07) පැවති තුන්වන එක්දින තරගයෙන් ලකුණු 78ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමත් සමගිනි. ඒ අනුව, තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව තරග 2ට 1ක් ලෙස ජය ගත්තේය. කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට…