දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තීරණාත්මක ක්‍රිකට් තරඟය අද
|

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තීරණාත්මක ක්‍රිකට් තරඟය අද

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද පැවැත්වෙනවා. තරඟය ආරම්භ වන්නේ පස්වරු 2.30ටයි. තරග 3කින් සමන්විත මෙම එක්දින තරඟාවලිය මේ වන විට එකට එකක් ලෙස සම තත්වයේ පසුවනවා. අද පැවැත්වෙන තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින තරඟයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක්…

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු එක්දින තරඟය අද
|

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු එක්දින තරඟය අද

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය අද (02) පැවැත්වේ. තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වීමට නියමිතය. එම තරඟය අද පස්වරු 2.30ට ආරම්භ කිරීමට සූදානම් කර තිබේ. ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරඟාවලිය ජයග්‍රහණය කිරීම තම ප්‍රධාන අරමුණ බව දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා පැවසීය.  

dinsh
|

දිනේෂ්, හේරත් පැරාලිම්පික් වංශකථාව වර්ණවත් කරයි

ශ්‍රී ලංකා මාතාව රනින් බබළවමින් පැරාලිම්පික් වංශකථාව වර්ණවත් කළ දිනේෂ් ප්‍රියන්ත හේරත් ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ඊයේ (30) ලෝක වාර්තාවක් ද සමග රන් පදක්කමක් දිනා ගත්තේය. මෙය ශ්‍රී ලාංකේය ක්‍රීඩා ඉතිහාසයේ අන්තර්ජාතික මට්ටමේ දැවැන්ත ක්‍රීඩා උලෙළකදී හිමි වූ පළමු රන් පදක්කම මෙන්ම මුල්ම ලෝක වාර්තාව ලෙසද සටහන් වෙයි. මෙය පැරා මලල…

දිනේෂ්ගෙන් නව ලෝක වාර්තාවක් සමගින් පැරාලිම්පික් රන් පදක්කමක්
| |

දිනේෂ්ගෙන් නව ලෝක වාර්තාවක් සමගින් පැරාලිම්පික් රන් පදක්කමක්

ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම අද(30) දිනා ගැනීමට සමත් විය. 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ අවසන් තරග අද උදෑසන පැවැත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් ප්‍රියන්ත හේරත් ඊට සහභාගී වූ අතර ඔහු ලෝක වාර්තාව පිහිටුවූයේ…

dusmanthawanidu
|

වනිඳුට – චමීරට අයිපීඑල් යන්න අවසර

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳාු හසරංගට හා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (අයිපීඑල්) තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා අවසර දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේය. තාක්ෂණික උපදේශන කමිටුව සමඟ සාකච්ඡා කර මේ අවසරය දී ඇති අතර, ඒ අනුව දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියෙන් අනතුරුව ඔවුන් දෙදෙනාට අයිපීඑල් තරගාවලියට…

SLC 20 ශූරතාවය GREYS කණ්ඩායමට
|

SLC 20 ශූරතාවය GREYS කණ්ඩායමට

ආරාධිත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් REDS කණ්ඩායම ලකුණු 42කින් පරාජයට පත් කරමින් දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් GREYS කණ්ඩායම සමත්වී තිබේ. පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති අවසන් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් GREYS කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 201ක් ලබාගත්තේය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි REDS කණ්ඩායමට පන්දුවාර 19යි…

sugathadasa
|

ලංකාවේ ක්‍රීඩාංගන ටිකත් පුද්ගලික අංශයට

ක‍්‍රීඩා අමාත්‍යාංශය සතු ක‍්‍රීඩාංගන, ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු සතු ක‍්‍රීඩාංගන සහ පළාත් පාලන ආයතන සතු ක‍්‍රීඩාංගන පුද්ගලික අංශයට විකිණීමට මේ දිනවල ආණ්ඩුව සූදානම් වෙමින් පවතින බව පැවසේ. රාජ්‍ය ආයතන සතු ක‍්‍රීඩාංගන නිසි පරිදි නඩත්තු නොකරන බවට චෝදනා කරමින් මේවා පුද්ගලික අංශයට පැවරීමට අදාල කැබිනට් පත‍්‍රිකාව සකස් කර ඇතැයිද එය ඊයේ (09) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට…

වනිඳු උපන් දිනයදා වාර්තාවක් ද තබමින් ඉන්දියාවට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
|

වනිඳු උපන් දිනයදා වාර්තාවක් ද තබමින් ඉන්දියාවට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති T20 තරඟාවලිය, තරඟ 2-1ක් ලෙස ජය ගැනීමට සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඊයේ (29) අවසන් වූ තෙවැනි විස්සයි 20 තරඟය ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 7කින් ජයගැනීමත් සමගය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සංචාරක ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 81ක්…

slin-win
|

T20 තරඟයේ ජය ශ්‍රී ලංකාවට

ඉන්දීය – ශ්‍රී ලංකා දෙවැනි  විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායම ට හිමිවිය. ඒ කඩුලු 4කිනි. පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 132ක් රැස්කළේය. ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 133 පන්දු ඕවර 19.4දී කඩුලු 6ක් දැවී ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 40යි.

cricT20
|

පළමු විස්සයි විස්ස තරගයේ ජය ඉන්දියාවට

ඊයේ (25) පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ ජය ඉන්දීය කණ්ඩායමට හිමිවිය. පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 164ක් ලබා ගැනීමට සමත් විය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සුරේෂ් යාදේව් ලකුණු 50ක් ලබාගැනීමට සමත් විය.පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග කඩුළු දෙක බැගින් ලබාගැනීමට හැකි විය. අනතුරුව පන්දුවට පහරදීමට…