slc

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට

එළඹෙන එංගලන්ත තරඟ සංචාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් සහ කුසල් මෙන්ඩිස්ගේ උප නායකත්වයෙන් යුත් 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කරනු ලැබීය. ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, චරිත අසලන්ක, දසුන් ශානක, වනිදු හසරංග, රමේෂ්…

නාවික හමුදා ක්‍රීඩිකාවක් 2020 ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් ලබයි

නාවික හමුදා ක්‍රීඩිකාවක් 2020 ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයෙහි නියුතු නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල කාන්තා නාවිකයා, කාන්තා මීටර් 10 වායු රයිෆල් 0.177 ඉසව්වෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. 2011 වසරේ සිට නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය නියෝජනය කරනු ලබන නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල, 2012 වසරේ සිට ජාතික වෙඩි තැබීමේ සංචිතය නියෝජනය කරමින්…

slteam

බංග්ලාදේශයට එරෙහි තුන්වන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

බංග්ලාදේශය සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 97කින් අද ජය ගත්තේය. කෙසේ නමුත් බංග්ලාදේශය තරග 2ට 1ක් ලෙස තරගාවලිය ජය ගෙන අවසන්. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 286ක් රැස් කළේය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ මුල් පෙල කඩුලු 3…

bangaladesh

පළමු එක්දින තරඟයේ ජය බංග්ලාදේශයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 33ක ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. බංග්ලාදේශයේ ඩකා නුවරදී ආරම්භ වූ එම තරඟයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු ගණන 257කි. ජයග්‍රහණය…

kusaljanith
|

නව නායක කුසල් ජනිත් යටතේ ශ්‍රී ලංකා පිල පළමු වරට අද බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග බිමට

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ඩකාහිදී අද ආරම්භ වේ. මෙම තරගාවලිය එක්දින තරග 03ක් ඇතුළත්ය. කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වීමෙන් අනතුරුව සහභාගී වන පළමු තරගය මෙයයි. මේ අතර බංග්ලාදේශය මේ දක්වා ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගැනීමට සමත්ව නැහැ. දෙරට අතර මේ දක්වා එක්දින තරගාවලි…

dolor

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගෙවීම් සංශෝධනයට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ 2021 / 2022 තරග සමය සඳහා ක්‍රීඩකයන් 24 දෙනකු කොන්ත්‍රාත් ගත කර තිබේ. ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව මෙවර ක්‍රීඩක වැටුප් පසුගිය කොන්ත්‍රාත්තුවට වඩා 35%කින් පමණ අඩුකර ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට මෙවර ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ඔවුන්ගේ දක්ෂතා පදනම් කරගත් ක්‍රමවේදයක් යටතේය. එහිදී මූලිකවම 2019…

kusaljani

එක්දින නායකත්වය කුසල්ට

බංග්ලාදේශ එක්දින තරඟාවලිය සඳහා 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර තිබේ. එම කණ්ඩායමේ නායකත්වයට කුසල් ජනිත් පෙරේරා සහ උප නායකත්වයට කුසල් මෙන්ඩිස් පත්කර ඇති බව වාර්තා වේ. අනුමැතිය සඳහා යොමුකළ එම සංචිතය සඳහා නව ක්‍රීඩකයන් සිව් දෙනෙකු ඇතුළත් වන බවත් යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම හේතුවෙන් අවිශ්ක ප්‍රනාන්දු එම සංචිතයෙන් ඉවත්…

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 209ක් විශිෂ්ට ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 209ක් විශිෂ්ට ජයග්‍රහණයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 209ක් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම තම මුල් ඉනිම සඳහා කඩුළු 07කට ලකුණු 493 ලබා සිටියදී තම ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව බංගලාදේශ පිලට ලබාදුන්නේය. ඔවුන් තම මුල් ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 251 ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව තම…

legends Sri Lanka

ශ්‍රේෂ්ඨයන්ගේ තරඟය කල් යයි

‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ  ‘ටීම් ශ්‍රී ලංකා’ අතර පැවැත්වීමට නියමිතව තිබූ 20/ 20 ප්‍රදර්ශනාත්මක ක්‍රික‍ට් තරඟය කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. රටේ පවතින කොවිඩ් තත්ත්වයත් එම තරඟයට සහභාගීවිමට සිටි ක්‍රිඩකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාවත් සලකා එම තීරණය ගත්බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. එම ක්‍රිකට් තරඟය එළඹෙන මැයි 4 වනදා…

‘Galaxy Cup’  සුපර්ලීග් කාන්තා වොලිබෝල් ශූරතාවය නාවික හමුදාවට

‘Galaxy Cup’  සුපර්ලීග් කාන්තා වොලිබෝල් ශූරතාවය නාවික හමුදාවට

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ ‘Galaxy Cup’ වයස අවුරුදු 25න් පහළ සුපර්ලීග් වොලිබෝල් ශූරතාවය – 2021 අවසන් මහා තරගයේදී විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජ කාන්තා කාණ්ඩායම පරදා එහි කාන්තා ශූරතාවය දිනා ගැනීමට සමත් විය. මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වූ මෙම ශූරතාවලියේ…