slwest

දෙවන කොදෙව් සටනේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වූ දෙව​න T20 තරඟය ලකුණු 43 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 160ක් රැස් කිරගැනීමට සමත් වි​ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම​ට සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු 117ක් පමණි….

අකිලගේ කඩුලු ත්‍රිත්වයට පොලාර්ඩ් ගෙන් හයේ පහරවල් 06ක් (වීඩියෝ)

අකිලගේ කඩුලු ත්‍රිත්වයට පොලාර්ඩ් ගෙන් හයේ පහරවල් 06ක් (වීඩියෝ)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම සමත්විය. තරගයේ කාසිය වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුනි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් බිඳවැටී ලකුණු 131ක් ලබාගත්තේය. එහිදී, සිය…

To Andre Russell

ලෝකයේ භයානකම පිතිකරුවාට කොරෝනා

ලෝකයේ භයානකම එක්දින සහ විස්සයි විස්ස පිතිකරුවා ලෙස සැලකෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අන්ඩ්‍රේ රසල්ට ද කොවිඩ් -19 වැළඳී ඇති බව වාර්තා වේ. ඔහුට වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත්තේ පෙබරවාරි මුල් සතියේදී ය. මේ වනවිට ඔහු සුවය ලබා ඇතත් එළඹෙන ශ්‍රී ලංකා – බ ඉ කො එක්දින සහ විස්සයි විස්ස තරඟ සඳහා ඔහුව කැඳවා…

The largest cricket stadium in the world

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වූ ඉන්දියාවේ මොටෙරා ක්‍රීඩාවට සූදානම්

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය බවට නවීකරණය කරන ලද ඉන්දියාවේ මොටෙරා ක්‍රීඩංගණයේ ඉන්දියාවේ සහ එංගලන්තයේ ක්‍රීඩකයන් තරග වැදීමට නියමිත අතර, ඔවුහු එය ඉහළින්ම අගය කර ඇත. එහි ප්‍රේක්ෂකයන් 110,000 කට අසුන් ගත හැකිය. කෝවිඩ්ගේ සීමාවන් හේතුවෙන් ටෙස්ට් තරග දෙක සඳහා ක්‍රීඩාංගණයේ දී තරග නැරඹීමට අවසර ලැබෙන්නේ 55,000ක් පමණි.  

sanath

සනත් යළිත් ක්‍රිකට් පුහුණුවීම් අරඹයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා මාර්ග ආරක්ෂණ ලෝක විස්සයි-20 තරගාවලිය සඳහා සහභාගි වීමට පුහුණුවීම්වල නිරත වන බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන්නේ සනත් ජයසූරිය සහ තිලකරන්ත දිල්ෂාන් වන අතර රසල් ආනල්ඩ්, මලින්ද වර්ණපුර, චාමර සිල්වා, ධම්මික ප්‍රසාද්, නුවන් කුලසේකර, චින්තක ජයසිංහ සහ අජන්ත මෙන්ඩිස් ඇතුළු හිටපු ක්‍රීඩකයන් රැසක් මෙම තරගාවලියේදී…

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් යනු අමුතුම ආකාරයේ ගේම් එකක්

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් යනු අමුතුම ආකාරයේ ගේම් එකක්

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් යනු අමුතුම ආකාරයේ ගේම් එකක් බවට පත්ව තිබේ. ඒ නිසාම ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ හිටි නොහිටි හැමෝටම ඒ ගැන බලවත් ආශාවක් කැක්කුමක් තිබෙනවා. ඒ නිසාම පසුගිය දවස්වල ක‍්‍රිකට්වල ‘හිටි’ කෙනෙක් ක‍්‍රීඩා සංගම්වලට පොඩි ‘සාදයක්’ සූදානම් කළා. මේ හිටි කෙනාට ක‍්‍රිකට් පාලක මණ්ඩලය පැත්ත පළාතේ එන්න තහනම් කර තිබියදීත් එයාගේ  ට‍්‍රයි එක තමන්ගේ ගෝලයෝ…

ක්‍රිකට් තේරීම් කමිටුව එළඹෙන සතියේ

ක්‍රිකට් තේරීම් කමිටුව එළඹෙන සතියේ

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව එළඹෙන සතිය ඇතුළත නම් කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අම්බලන්ගොඩ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. දකුණු අප්‍රිකා සහ එංගලන්ත ටෙස්ට් තරගාවලි දෙක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමෙන් පසු එල්ල වූ චෝදනා මත එවක තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල්…

ආසියානු යොවුන් රග්බි ශූරතාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට

ආසියානු යොවුන් රග්බි ශූරතාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට

අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවලියට සහභාගිවීම සඳහා පාසල් රග්බි සංගමය මඟින් කළ ඉල්ලීම අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රතිකේෂ්ප කර තිබේ. කොරෝනා වසංගත තත්ත්වය මත සෞඛ්‍ය අංශ විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරනු ලැබූ සෞඛ්‍ය උපදෙස්මාලාවට අනුව අධි අවදානම් ක්‍රීඩාවක් ලෙස රග්බි ක්‍රීඩාව නම් කර තිබෙන බැවින් ඊට අවසර දිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික හා ක්‍රීඩා අධ්‍යක්ෂ…

ක්‍රිකට් පරිපාලනයට මැදිහත්වීමට දේශපාලන අධිකාරියට අයිතියක් නැහැ

ක්‍රිකට් පරිපාලනයට මැදිහත්වීමට දේශපාලන අධිකාරියට අයිතියක් නැහැ

ක්‍රිකට් පරිපාලනයට මැදිහත්වීමට දේශපාලන අධිකාරියට අයිතියක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කලා. ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින්. තමන් ක්‍රීඩා අමාත්‍යවරයා වී මස 5ක් පමණක් බවත් ක්‍රිකට් වැටීමට පටන් අරන් අවුරුදු 5ක් බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසු අතර සියලුම ක්‍රීඩා සඳහා අදට ගැලපෙන…

මුන් සල්ලිවලට ක‍්‍රිකට් කනවා

මුන් සල්ලිවලට ක‍්‍රිකට් කනවා

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන්නේ ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන සඳහන් කරයි. ක්‍රිකට් අද ක්‍රීඩාවක් නොව ව්‍යාපාරයක් සහ මාෆියාවක් බවට පත්වී ඇතැයි ද ඔහු පවසයි. ක්‍රිකට් ක්‍රීඩාව අද කල්ලි කණ්ඩායම් කීපයක් අතට පත්වී ඇති බවත් පවසන ඔහු ක්‍රිකට් පාලනය කර ගත නොහැක්කේ ඒ සඳහා ක්‍රමවේදයක් නැතිකම නිසා සඳහන් කරයි.