නව පත් කිරීම ගැන හිටපු ක‍්‍රිකට් සභාපති සතුටින්

නව පත් කිරීම ගැන හිටපු ක‍්‍රිකට් සභාපති සතුටින්

අරවින්ද සිල්වාගේ නායකත්වයෙන් යුතුව ක‍්‍රීඩාවෙන් සාර්ථක මහත්වරුන් ක‍්‍රිකට් තාක්ෂණික කමිටුවට තෝරා පත් කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල සුබපැතුම් එක්කර තිබෙනවා. ඒ ට්විටර් සටහනක් තබමින්. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින්  පත් කරනු ලැබුවා. එම කමිටුවේ සභාපතිවරයා…

covid infections today

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් සංචාරය නවතී

ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අත්හිටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි. ඒ අනුව කොදෙව් සංචාරය දින නියමයකින් තොරව කල් දමා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට සහ ක්‍රීඩක ළහිරු තිරිමාන්නට කොවිඩ් ආසාදනය වීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් මේ වනවිට ස්වයං නිරෝධායනයට…

බෝර්න් අගේන් චෝදනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනාධිකාරිය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වර්තමාන පරිපාලනය ‘බෝන් එගේන්’ නම් ආගමික න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට ඇතැම් පාර්ශ්ව විසින් එල්ල කරනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම චෝදනා සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර සිටියි. ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ඇතැම් ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට, තේරීම්…

නාමල්  ක්‍රිකට් ආයතනයේ මුල්පුටු සාමාජිකයන්වත් හමුවෙයි

නාමල් ක්‍රිකට් ආයතනයේ මුල්පුටු සාමාජිකයන්වත් හමුවෙයි

ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙහිදි අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව, දේශිය සහ පළාත් තරඟාවලියන් පිළිබඳවත්, විනය හා යෝග්‍යතාවය සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු දේවල් පිළිබඳවත්, කාර්ය සාධනය මත පදනම් වූ ගිවිසුම් ගත වීම් පිළිබඳවත් සාකච්ඡා…

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පඩි කප්පාදු කිරීමට සූදානම්

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පඩි කප්පාදු කිරීමට සූදානම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් අඩු කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ ඉදිරියේදී ‘දක්ෂතා මත පදනම්ව’ ගෙවීම් සිදු වන ආකාරයට කොන්ත්‍රාත් ගිවිසුම් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගන්නා බවයි. දේශීය ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් ගණන අඩු කිරීමේ නියෝග ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා…

එංගලන්ත කණ්ඩායමට ජය

එංගලන්ත කණ්ඩායමට ජය

ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස සංචාරක එංගලන්තය ජය ගත්තේ ය. ඒ, දෙරට අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 6කින් ජය ගනිමින් ය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 381ට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 344ක් රැස් කළේ ය. දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු…

එංගලන්තයට ජය

එංගලන්තයට ජය

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. ලකුණු 74ක ජයග්‍රාහී ඉල්ලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම, කඩුලු 3ක් පමණක් දැවී අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබාගැනීමට තරඟයේ 5වැනි දින උදෑසන සමත් විණි. තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී  පැවැත්විණි.

ලකුණු 74 ජයග්‍රාහී ඉලක්කයක් එංගලන්තයට

ලකුණු 74 ජයග්‍රාහී ඉලක්කයක් එංගලන්තයට

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සඳහා එංගලන්ත කණ්ඩායමට ලකුණු 74ක පහසු ඉලක්කයක් හිමිවිය. ඒ අනුව ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට එංගලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 38ක් රැස් කරගෙන සිටියේය. එංගලන්ත ඉනිමේ පළමු කඩුළු 3 ලකුණු 14ක් තුළ දැවී යාම විශේෂත්වයකි. ලසිත ඇඹුල්දෙණිය කඩුලු 2ක් ලබාගත් අතර එංගලන්ත නායක ජෝ රූට් එක් ලකුණකට දුවද්දී…

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වගකීම් විරහිත පිතිකරණය කෙරෙහි දැඩි විවේචන
|

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වගකීම් විරහිත පිතිකරණය කෙරෙහි දැඩි විවේචන

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සහ වගකීම් විරහිත පිතිකරණ විලාසය ප්‍රවීණ දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දැඩි විවේචනයට ලක්වී තිබේ. හිටපු ටෙස්ට් නායක කුමාර් සංගක්කාර පවසන්නේ කණ්ඩායමේ තාක්ෂණය, සූදානම සහ තීරණ ගැනීම ඉතා දුර්වල මට්ටමක පැවති බවය. එංගලන්ත තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වය පිළිබඳව ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට තමා අපේක්ෂා කරන බව ක්‍රීඩා…

ශ්‍රී ලංකා පළමු ඉනිම දියාරුවුවත් වාර්තා අතරට
|

ශ්‍රී ලංකා පළමු ඉනිම දියාරුවුවත් වාර්තා අතරට

වසර 20කට පසු ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයක ආරම්භක ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය පළමු අවස්ථාව වාර්තා කරමින් ඊයේ (14) සංචාරක එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමා විය. ඊට පෙර වසර 2000දී පාකිස්තානය සමඟ පැවැති ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 181කට දැවී යෑමෙන් එම වාර්තාව…