විරාත් කෝලි හා අනුෂ්කා ෂර්මාට දියණියක්

විරාත් කෝලි හා අනුෂ්කා ෂර්මාට දියණියක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් නායක විරාත් කෝලි හා බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ කුළුදුල් දරු ප්‍රසුතිය අද සිදු වූ බව වාර්තා වේ. ඔවුන් දෙපළට සිඟිති දියණියක ලැබීමත් සමග ඔවුන්ගේ ක්‍රීඩා ලෝලීන් හා ප්‍රේක්ෂකයින් අන්තර්ජාලය හරහා සුබ පැතුම් එක් කර තිබේ. එසේම තම බිරිඳ අනුෂ්කා ෂර්මා හා දියණිය නිරෝගීව සිටි බවත් , සියලුදෙනාගේ සුබ පැතුම්වලට ස්තුති කරන බවත්…

පාසල් ක්‍රීඩා තරග යළි ඇරඹීමට තීරණයක්

පාසල් ක්‍රීඩා තරග යළි ඇරඹීමට තීරණයක්

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් ක්‍රීඩා තරග ආරම්භ කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතර අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි. ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික කුමාර සංගක්කාර සහ අධ්‍යාපන අමාත්‍යංශයේ…

දකුණු අපි‍්‍රකානුවන්ට පූර්ණ තරගාවලි ජයක්

දකුණු අපි‍්‍රකානුවන්ට පූර්ණ තරගාවලි ජයක්

ශ‍්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලැබීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අද සමත් වුණා. ඒ, දෙවන ටෙස්ට් තරගයෙන් කඩුළු 10 ක ජයක් ලබා ගනිමින්. තරගයේ පළමු ඉනිමට පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව රැස්කළ ලකුණු 157 ට පිළිතුරු ලෙස දකුණු අපි‍්‍රකාව ලකුණු 302 ක් රැස්කළා. ශ‍්‍රී ලංකා පිළට දෙවන…

ශ්‍රී ලංකාව පළමු ඉනිම 156යි

ශ්‍රී ලංකාව පළමු ඉනිම 156යි

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 156ක් පමණයි. දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී පන්දු 69 කදී ලකුණු 60ක් ලබා ගනිමින් සිටියදී ශ්‍රී ලංකා පිලේ දෙවන කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරා දැවීයන අවස්ථාවේදී ඔහු විසින් වසර 116ක් පැරණි වාර්තාවක් බිඳ දැමීමට…

සෞරව් ගංගුලි හදිසියේ රෝහල් ගත කරයි

සෞරව් ගංගුලි හදිසියේ රෝහල් ගත කරයි

ඉන්දීය හිටපු ක්‍රිකට් නායකයෙකු සහ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති සෞරව් ගංගුලි හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. හෘදයාබාධයක් හේතුවෙන් ඔහු කොල්කටා නුවර රෝහලකට ඇතුලත් කර ඇති බව සදහන් වේ. ඔහු අද සිය නිවසේ කායවර්ධන මධ්‍යස්ථානයේ සිටියදී ඇති වූ අසනීප තත්ත්වයක් මත රෝහල් ගත කිරීම සිදු කර ඇත.

sf-win

පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක පරාජයක්

පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක පරාජයක් අත් විඳීමට සිදු වූයේ ප්‍රබලතම ක්‍රීඩකයන් රැසක් ආබාධවලට ගොදුරුවීම නිසා බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේය. පෙරේදා දකුණු අප්‍රිකානු පිල සමග සෙන්චූරියන්හිදී නිමාවට පත්වූ පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක පරාජයක් ලැබීමෙන් පසු දිමුත් කියා සිටියේ තමා කිසි දිනෙක මෙවැනි අත්දැකීමකට මුහුණ පා නොමැති බවකි. ‘මම කවදාවත් මේ…

Virat-Kohli

දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයා විරාත් කෝලි

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මගින් දශකයේ විශිෂ්ඨතම ක්‍රිඩකයන්  ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර ඒ අනුව ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සම්මාන දෙකක් හිමිකර ගත්තා. ගෙවී යන දශකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය හිමිකර ගත් කෝලි දශකයේ අයි.සී.සී. එක්දින ක්‍රීඩකයා ලෙස ද පිදුම් ලැබුවා. විරාට් කෝලි ටෙස්ට් තරග 86 කදී ලකුණු 7240ක් ලබා ගෙන…

ශ්‍රී ලංකා – ද. අප්‍රිකා ප්‍රථම ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා – ද. අප්‍රිකා ප්‍රථම ටෙස්ට් තරගය අද

අද (26) දිනයේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වේ. දකුණු අප්‍රිකාවේ සෙන්චුරීයන් හිදී මෙම තරඟය පැවැත්විමට නියමිතව තිබේ. එම කණ්ඩායමේ පුහුණු සංචිතයේ සිටි ක්‍රීඩකයන් කිහිපදෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බවට හඳුනාගැනීමෙන් පසු පසුගිය 23 වනදා නව සංචිතයක් ප්‍රකාශ කෙරුණි.

අබුඩාබි T-10 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12ක්

අබුඩාබි T-10 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12ක්

අබුඩාබි කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයින් 12 දෙනෙකු තෝරාගෙන තිබෙනවා. තිසර පෙරේරා, පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ ප‍්‍රධාන කී‍්‍රඩකයා ලෙසත්, ඉසුරු උදාන,  බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ ප‍්‍රධාන කී‍්‍රඩකයා ලෙසත් තෝරාගෙන තිබෙනවා. වනිදු හසරංග සහ චාමර කපුගෙදර තෝරාගෙන ඇත්තේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින්. අජන්ත මෙන්ඩිස්, පූනේ ඩෙවිල්ස් කණ්ඩායම විසින් තෝරාගෙන තිබෙනවා. භානුක රාජපක්ෂ සහ ළහිරු කුමාර,  ඩෙකෑන් ග්ලැඩියේටර්ස්…

ටෙස්ට් තරග සංචාරය අභියෝගයක්

ටෙස්ට් තරග සංචාරය අභියෝගයක්

සති 3ක දීර්ඝ විස්සයි20 තරග මුහුණුවරකින් පැවැති එල්පීඑල් තරගාවලියෙන් පසු සිය කණ්ඩායම ටෙස්ට් තරග සංචාරයකට සහභාගි වීම අභියෝගයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් පවසයි. තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගමාලාවකට සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරතව සිටින අතර, දෙපිල අතර පළමු ටෙස්ට් තරගය මේ මස 26 වැනිදා ආරම්භ වේ. ටෙස්ට් තරගමාලාවට…