ඉන්දීයාව ලකුණු 36කට සියලුදෙනා දැවී යයි

ඉන්දීයාව ලකුණු 36කට සියලුදෙනා දැවී යයි

ටෙස්ට් තරගයකදී ඉන්දිය කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව  වාර්තා විය. ඒ ඕස්ට්‍රේලියාව සමග ඇඩිලේඩ් හිදී පැවැත්වෙන තරගයේදීය. ඉන්දියානු කණ්ඩායමේ අවසන් පිතිකරු ලෙස ක්‍රීඩා කරමින් සිටි මොහමඩ් සාමී, පැට් කමින්ස් ගේ පන්දුවක් ඇගේ වැදීමෙන් පිටියෙන් ඉවත්වන විට ඉන්දීය ලකුණු පුවරුව දිස් වුයේ ලකුණු 36ක් ලෙසයි. ඒ අනුව ඉන්දීය කණ්ඩායම සිය දෙවන ඉණිම අවසන් වූ අතර…

LPL ශුරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් සමත් වෙයි

LPL ශුරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් සමත් වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ලකුණු 53ක ජයග්‍රහණයක් වාර්තා කරමින් කුසලානය තමන් සතු කර ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් පිල සමත්විය. මුලින්ම පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් පිල සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6කට ලකුණු 188ක් ලබා ගනු ලැබුවා. ෂොයිබ් මලික් පන්දු 35 කදී ලකුණු 46ක් සහ නායක තිසර පෙරේරා නොදැවී…

lpl

ග්ලැඩියේටර්ස් සහ ස්ටැලියන්ස් LPL අවසන් සටන අද

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හම්බන්තොටදී අද පැවැත්වේ. ඒ, ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතරයි. තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

අද යාපනය සමඟ දඹුල්ල පිටියට

අද යාපනය සමඟ දඹුල්ල පිටියට

LPL ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය දසුන් ශානකගේ දඹුල්ල වයිකින් සහ තිසර පෙරේරා මෙහෙයවන ජැෆ්නා ස්ටැලියන්ස් අතර, අද (14) රාත්‍රී 7.00ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ප්‍රථමවරට පැවැත්වූ ලංකා ප්‍රිමියර් ලීග් T20 තරඟාවලියේ පළමු අවසන් තරඟයට සුදුසුකම් ලැබීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඊයේ (13) දිනයේදී සමත් විය. ඒ කොලම්බු කිංග්ස් කණ්ඩායම සමඟ පැවැති අවසන් පුර්ව…

lpl

LPL – පළමු අවසන් පූර්ව තරගය අද

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (13) රාත්‍රී 7ට  කලම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය. දෙවන අවසන් පූර්ව තරගය දෙසැම්බර් 14 වැනිදා දඹුල්ල වයිකින් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර පැවැත්වේ. ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර ලබන වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී…

danushka

ධනුෂ්ක ගුණතිලකට අෆ්රිඩිගෙන් තරු

මෙවර ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එම කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස කටයුතු කළ ශහිඕ අෆ්රිඩි ට්විටර් සටහනක් තබමින් සුබ පැතුම් එක්කර තිබෙනවා.  ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකගේ පිතිකරණ දක්ෂතා ද ඇගයීමට ලක් කරමින්. ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන ධනුෂ්ක ගුණතිලක මුලික වටයේ පැවති තරග 8දී…

lpl

එල්.පී.එල්. – පළමු ශතකය ලවුරිගෙන්

ලවුරි එවෙන්ස්ගේ නොදැවුණු ශතක ඉනිමෙන් ශක්තිමත් වූ කොළඹ කිංග්ස් කී‍්‍රඩකයෝ තිසර පෙරේරාගේ යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 06ක ජයක් වාර්තා කිරීමට ඊයේ (10 වැනිදා) සමත් වූහ. කාසියේ වාසිය දිනූ යාපනය නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කොළඹට ලබා දුන්නේය.  කොළඹ කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 4ක් දැවී ලකුණු 173ක අභියෝගයක් යාපනයට ලබා දුන් අතර පිළිතුරු ඉනිම…

ගෝල් ග්ලැඩියේටර්ස්ට තරඟ ජයක්

ගෝල් ග්ලැඩියේටර්ස්ට තරඟ ජයක්

ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කඩුලූ 5 ක් දවා ගත් පළමු පන්දු යවන්නා ලෙස ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන කි‍්‍රඩක මොහොමඕ අමීර් අද වාර්තා පොත් අතරට එක් වුණා. ඒ, කලම්බෝ කිංග්ස් කණ්ඩායමට එරෙහි තරගයේදී ලකුණු 26 කට කඩලූ 5ක් දවා ගනිමින්. හම්බන්තොට මහින්ද රාජපක්ෂ කි‍්‍රඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බෝ කිංග්ස් කණ්ඩායම…

චන්දිමාල් ජැෆ්නා ස්ටැලියන්ස්ට පළමු පරාජය ගෙනදෙයි

චන්දිමාල් ජැෆ්නා ස්ටැලියන්ස්ට පළමු පරාජය ගෙනදෙයි

මෙම තරඟයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට කළම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් කළම්බෝ කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහර දීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ආරාධනා කර සිටියා. පිවිසි ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 148ක් පමණයි. ලකුණු 149ක ඉලක්කය සපුරාලීම…

LPL සංවිධායකයන්ට ෂොයිබ් මලික්ගෙන් ප්‍රණාමය

LPL සංවිධායකයන්ට ෂොයිබ් මලික්ගෙන් ප්‍රණාමය

ලොව පුරා දරුණු වසංගතයක් පැතිරයමින් බිලියන ගණන් ජනතාව භීතියට පත්ව සිටියදී දැවැන්ත ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කිරීම පිළිබඳ ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයන් පැසසුමට ලක්කළ යුතු බව පාකිස්තාන හිටපු ක්‍රිකට් නායක ෂොයිබ් මලික් පවසයි. රූපවාහිනිය ඔස්සේ මිලියන ගණන් ජනතාව මේ තරගාවලිය නරඹා මානසික ආතතිය මඟ හරවා ගන්නා හෙයින් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සංවිධානයට දිරිදුන් රජයට හා…