ශ්‍රී ලංකාවට 3-0ක ජයක්

ශ්‍රී ලංකාවට 3-0ක ජයක්

මහනුවර පල්ලෙකැලේ පිටියේදී පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 6කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තෙැවැනි එක්දින තරගයද ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනිමින් දෙරට අතර පැවැති එක්දින තරගාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තේය. ශ්‍රී ලංකාව රැස්කළ ලකුණු 307ට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායමට රැසකළ හැකිවූයේ ලකුණු 301ක් පමණි. ලකුණු සාරාංශය ශ්‍රී…

“බිග් මැච්” පෙලපාලි වලට නව නීති
|

“බිග් මැච්” පෙලපාලි වලට නව නීති

“බිග් මැච්”  තරගාවලියට සමගාමීව පැවැත්වෙන රථවාහන පෙලපාලිවලදී පාසල්වල කීර්තිනාමය ආරක්ෂා වන ආකාරයෙන් කටයුතු කරන ලෙසත්   බාලිකා පාසල්වල දැරියන්ට හිරිහැර කිරීම, එම පාසල්වලට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දැරීම, තම පාසලේ අනන්‍යතාවට, කීර්තිනාමයට නිගරු වන ආකාරයේ අසභ්‍ය වදන් සහිත දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම, ඉතා අපරීක්ෂාකාරී අයුරින් රථ වාහනවල නැඟ ගමන් කිරීම යනාදී ක්‍රියාවන්ගෙන් වැලකී  කටයුතු කරන…

ක්‍රීඩා ඉතිහාසයේ පැරණිතම මලල ක්‍රීඩා තරඟාවලිය

ක්‍රීඩා ඉතිහාසයේ පැරණිතම මලල ක්‍රීඩා තරඟාවලිය

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පැරණිතම මලල ක්‍රීඩා තරඟාවලියක් ලෙස ඉතිහාසයට එක්වන ශ්‍රී ලංකා පොලිස් මලල ක්‍රීඩා උළෙල පෙබරවාරි මස 26, 27 සහ 28 යන තෙදින තුල  බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගණයේදී අති උත්කර්ශවත් අන්දමින් පවත්වනු ලබයි. 83 වන වරට පවත්වනු ලබන මෙම සුවිශේෂි මලල ක්‍රීඩා උළලේ සාමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා…

ලෝක වාර්තාවක් සමග ශ්‍රී ලංකාවට ලකුණු 161ක ජයක්

ලෝක වාර්තාවක් සමග ශ්‍රී ලංකාවට ලකුණු 161ක ජයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අද පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්වූවා. ඒ බටහිර ඉන්දීය කොදෙව් තරගයේදී ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 345 ට එක් හයේ පහරක් හෝ ඇතුලත් නොවීම නිසායි. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 08ක් දැවී ලකුණු 345ක් රැස් කරනු ලැබුවා. කුසල් මෙන්ඩිස් (119) සහ අවිශ්ක ප්‍රනාන්දු…

කුසල් හා අවිශ්කගෙන් ශතක

කුසල් හා අවිශ්කගෙන් ශතක

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 345ක් ලබා ගැනීමට සමත් වුණි. විශිෂ්ඨ පිති හරඹයක නිරත වූඅවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 127 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 119 ක් ලබා ගත්තේය. තරගය පැවැත්වෙන්නේ සූරියවැව ක්‍රීඩාංගණයේයි.

වනිදුගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට ජය

වනිදුගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට ජය

කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැති තරගයෙන් සංචාරක කොදෙව් කණ්ඩායම  පරදා පළමු එක්දින තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකාව සමත්විය. කොදෙව් කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 290 ක ඉලක්කය පන්දුවාර 49.1 කදී පසුකර යාමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 52 ක්ද අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 52 ක්ද රැස් කළහ. ශ්‍රී ලංකා…

කොදෙව්වන්ට එරෙහි තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

කොදෙව්වන්ට එරෙහි තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ලෙස දිමුත් කරුණාරත්නගේ – නායක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ශෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක,  වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප් සහ ලහිරු කුමාර ඇතුළත්ව ඇත. තරග 3…

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (Council International Sports Military – CISM) සංවත්සරය නිමිත්තෙන් එහි සාමාජික රටවල සහභාගිත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය මෙවරත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධානයෙන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ, ගාලු මුවදොරදී 2020 පෙබරවාරි 18 වන දින 0530 පැයට පැවැත්විමට සියළු කටයුතු සූදානම් කර…

19 න් පහළ ලෝක කුසලාන අවසන් තරගයේදී ගැටුමකට මැදිවූ ක්‍රීඩකයන් 5 කට දඩුවම්

19 න් පහළ ලෝක කුසලාන අවසන් තරගයේදී ගැටුමකට මැදිවූ ක්‍රීඩකයන් 5 කට දඩුවම්

දකුණු අප්‍රිකාවේ  පැවති  අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයේ අවසාන මහා තරගයෙන් පසුව කළහකාරීව හැසිරුණු ඉන්දීය සහ බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයන් 5 දෙනෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දඩුවම් නියම කර ඇත. බංග්ලාදේශ ක්‍රීඩකයන් 3 දෙනෙකුට අසාදු ළකුණු 6 බැගින්ද ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනෙකුට අසාදු ළකුණු 5 බැගින්ද පිරිනැමීමටයි අයි.සී. සී.ය තීරණය කරයි.  

චීන ෆෝර්මියුලා වන් තරගය පැවැත්වීම අවිනිශ්චිතයි

චීන ෆෝර්මියුලා වන් තරගය පැවැත්වීම අවිනිශ්චිතයි

චීනයේ මේ දිනවල ව්‍යාප්තවන කොරෝනා වෛරසය හේතුවෙන් ෂැංහයි නුවර පැවැත්වීමට සැලසුම් කර තිබූ සියලු ක්‍රීඩා තරග අත්හිටුවීමට නගරයේ පරිපාලකයින් තීරණය කර තිබීම හේතුවෙන් ෆෝර්මියුලා වන් තරගය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ. මෙම තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ එළැඹෙන අප්‍රේල් 19 වැනි දායි. ෂැංහයි නගරයේ පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් නියමිත පරිදි තරගය පවත්වන්නේ ද යන්න…