gota-ranil
|

ජනපති ගෙන් අගමැතිට දැනුම් දීමක්

තමන් පෙර දැනුම් දුන් අයුරින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට දැනුම් දී ඇත.

anurakumara
|

09 වනදා උද්ඝෝෂණයට ජවිපෙ සහය

ආණ්ඩුවට එරෙහිව ජූලි 09 වනදා ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන උද්ඝෝෂණයට සිය පක්ෂය සහය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණවලදී සාමකාමීව ක්‍රියාකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

ආණ්ඩු පක්ෂය රැස්වීම කාලය කා දමන කතා මණ්ඩපයක් පමණයි
|

ආණ්ඩු පක්ෂය රැස්වීම කාලය කා දමන කතා මණ්ඩපයක් පමණයි

ආණ්ඩු පක්ෂය රැස්වීම කාලය කා දමන කතා මණ්ඩපයක් පමණක් බැවින්,  ආණ්ඩු පක්ෂ රැස්වීමට සහභාගී නොවන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත. මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන කිසිදු වැදගත් යෝජනාවක් ඉටුකිරීමට හෝ ඉදිරිපත් කරන ප්‍රශ්නයකට නිවැරැදි පිළිතුරක් දීමට කිසිවකු ඉදිරිපත් නොවන බවත්…

hirunika
|

හිරුණිකා රනිල් බලන්න යයි

සමඟි වනිතා බලවේගයේ සභාපතිනි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අැතුළු කාන්තාවෝ පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවෙස ඉදිරිපිටට රැස්වී ඊයේ (22) උද්ඝෝෂණයක නිරත වූහ. මේ කණ්ඩායම එහි පැමිණෙන බව කල්තියා දැන සිටීම හේතුවෙන් පොලිසිය අග්‍රාමාත්‍යවරයාගේ නිවෙසට ඇතුළු වීමටත් පිට වීමටත් ඇති 5 වැනි පටුමඟේ මාර්ග ආවරණය වන ලෙස බාධක යොදා ආරක්ෂාව තහවුරු…

sajith
|

සමගි නීතීඥ සංවිධානය පිහිටුවමින් නීතිගරුක රටක් ගොඩනගන හැටි සජිත් කියයි!

අවස්ථාවාදී තීන්දු තීරණ බැහැර කොට ජාතික අවශ්‍යතාවයට ප්‍රමුඛස්ථානය ලබා දී තින්දු තීරණ ලබා ගන්න කාලයක අපි සියලු දෙනාම සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. අද දවසේ අවනීතිය, අයුක්තිය, අසාධාරණත්වය රජ වෙලා තියෙන බවත් දුර්වල නායකත්වයක් තුළ මේ රටේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙන බවත් විපක්ෂ නායකතුමා පැවසීය. උද්ධමනය අහස උසට ගොස් ඇති අතර,…

SRI LANKA-POLITICS-VOTE
|

ඊයේත් 21 රබර් වෙයි

ඊයේ (13) පැවති කැබිනට් රැස්වීමේදී ද 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්මත කරගෙන නොමැති බව වාර්තා වේ. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් පක්ෂ නායකයින් දැනුවත් කිරීමට අවශ්‍ය බැවින් එය ඊයේ දිනයේදී සම්මත කර නොගත් අතර ලබන බ්‍රහස්පතින්දා දිනයේදී ද මේ සම්බන්ධයෙන් පක්ෂ කිහිපයක නායකයින් දැනුවත් කිරීමට නියමිත බවයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන්…

parliament-of-sri-lanka
|

බිලියන 695ක පරිපූරකයක් අද පාර්ලිමේන්තුවට

අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා අද දිනයේ රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊට අදාළ විවාදය හෙට පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.  

government information center
|

21 වැනි සංශෝධනයට ඇතුළත් කළ යුතු යෝජනා 07ක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයට ඇතුළත් කළ යුතු ප්‍රධාන යෝජනා 07ක් ඇතුළත් ස්වාධීන පක්ෂ එකමුතුවේ යෝජානවලිය අග්‍රාමාත්‍යවරයාට සහ අධිකරණ ඇමතිවරයාට භාර දී ඇත. නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට එම ධුරයට අමතරව දැරිය හැක්කේ ආකරක්ෂක අමාත්‍ය ධුරය පමණක් බව ස්වාධීන පක්ෂ එකමුතුව සකස් කරන ලද යෝජනාවලියේ සඳහන්ව ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුව විදේශ රටක් සමග ගිවිසුමක් අත්සන්…

gota-ranil
|

ගෝඨාට පළියට අපිත් නැසෙමුද?

නිරුවත් මිනිසකු විනාස වුණු කඩපිළක වාඩිවී සිටී. ඔහු වටා පොලු මුගුරු ගත් කිහිපදෙනෙකි. ඒ හුදෙකලා මිනිසාගේත් ඔහු වටා සිටින අවි ගත්තවුන්ගේත් ඉරියව්වලින් කතාවේ ඉතිරි ටික අපට සිතාගත හැක. 83 කළු ජූලියේ ම්ලේච්ඡ හා හද කකියවන සැබෑව පිළිබිඹු කළ ඒ රූපය සමාජ ප්‍රචණ්ඩත්වයට දොර විවර කිරීමේ ආදිනව සිහිගන්වන මතක වස්තුවකි. 2022 මැයි මස 9 වැනිදායින් ඇරඹි…

mithreepala
|

මෛත්‍රීපාලගෙන් නිවේදනයක්

පක්ෂ නායකයන්ට කරුණු නොදන්වා යළි සම්ප්‍රදායික රජයක් පිහිටුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් හට අමාත්‍ය ධුර පිරිනැමීම හා අදාල අමාත්‍ය ධුර භාර ගැනීම මධ්‍යම කාරක සභාවේ හා පක්ෂයේ තීරණයට පටහැනි බව ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.