රටේ ආර්ථිකය 25%කින් හකුළුවමු
|

රටේ ආර්ථිකය 25%කින් හකුළුවමු

මිත්‍ර රාජ්‍යයන් අපට උදව් නොකරන්නේ නම් රටේ ආර්ථිකය 25%කින් සංකෝචනය කරගෙන අප මෙම ආර්ථික අර්බුදයට මුහුණ දීමට වැඩපිළිවෙලක් සකස් කරගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. “ශ්‍රී ලංකාව ස්වෛරී බංකොලොත්භාවයක් (19) ප්‍රකාශයට පත් කළා. ඒ අනුව අපට නැවත තව දශකයකටවත් අන්තර්ජාතික වෙළඳපොලෙන් ණය ලබාගන්න අපහසුයි. දැනටමත් චීනය තමන්ගෙ තදබල…

ඉක්මන් නොවුනොත් රට කඩා වැටේවී
|

ඉක්මන් නොවුනොත් රට කඩා වැටේවී

අමාත්‍යාංශ ලේකම්වරුන් පත් නොකිරීම හේතුවෙන් සමස්ත රටම අකර්මන්‍ය වී ඇති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමට අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය පත් කළ යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කඩිනමින් සාකච්ඡා කර අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට අවශ්‍ය පුද්ගලයන් පිළිබද අවසන් තීරණයක් ගත යුතු බවයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය නෙත්…

අලුත් නමක් අගමැතිකමට කැරකෙයි
|

අලුත් නමක් අගමැතිකමට කැරකෙයි

අන්තර්කාලීන ආණ්ඩුවක අග්‍රාමාත්‍යධුරය සදහා නම් කිහිපයක් මේ වන විට යෝජනා වී ඇතැයි අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි. අග්‍රාමාත්‍යධුරය සදහා නම් කිහිපයක් මේ වන විට යෝජනා වී ඇතැයි අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි. කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ මහජන අරගලය හමුවේ අග්‍රාමාත්‍ය…

ranil wickremesinghe news
|

රටේ කඩා වැටීමක් අත ළඟ

මැයි මාසයේදී ඉන්දියාවෙන් ලැබෙන මුදල් ද අවසන් වන අතර අලුතින් ණයක් ලැබෙන පාටක් තවම පෙනෙන්නට නැතැයි ද එසේ වුවහොත් ආර්ථික ප්‍රශ්නය තවත් උග්‍ර වී ව්‍යාපාර කඩ සාප්පු සියල්ලම වසා දමන තත්ත්වයකට පැමිණිය හැකි යැයි ද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පවතින ප්‍රශ්න කල් දමන්නට හැකියාවක් නැති අතර පාර්ලිමේන්තුවට මූල්‍ය…

SRI LANKA-POLITICS-VOTE
|

මන්ත්‍රීවරුන් දහතුන් දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වන්න සුදානම්

පවතින අර්බුදකාරී තත්වය මත අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් ආණ්ඩුවට දක්වන සහයෝගයෙන් ඉවත්වී ස්වාධීනව කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දහතුන් දෙනෙකු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. මෙම මන්ත්‍රීවරුන් දහතුන් දෙනා ස්වාධීන වී විපක්ෂයේ අසුන් ගතහොත් ආණ්ඩුවේ බහුතර බලය නිශ්චිතවම අහිමි යාමට නියමිතය. මීට පෙර ආණ්ඩුවෙන් හතළිස් එක් දෙනෙක් ඉවත්වූ අතර ඊයේ දිනයේ තවත් තුන්…

duminda
| |

දේශපාලනයෙන් තොර වෙලා මේ රටේ අනාගතය හදමු

අරගලය පිළිබඳ යම් යම් මත තියෙන්න පුලුවන්, අරගලයේ අයිතිකාරත්වය ගැනීම තුල අනාගත දේශපාලන ගමන් ගැන හිතන්න පුලුවන්, හැබැයි දැන් රට ඉල්ලන්නේ ඒක නෙමෙයි. ඒ නිසා සියලු දේශපාලන පක්ෂ වලට, සියලු දේශපාලන නායකයන්ට අපි ඉල්ලීමක් කරනවා සුජාත භූමියක් තුළ මේ ඇති වෙලා තියෙන අරගලය ජය ගන්න අවශ්‍යය සහයෝගය ලබා දෙනවා මිසක් මේ රටේ අනාගත පරපුර වෙනුවෙන්…

santha
|

ශාන්ත ශ‍්‍රීලනිපයේ පළු ගලවයි

කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර (11) රාත්‍රී කාලයේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇතැයිද වාර්තා විය. නිදහස් පක්ෂය මේ වන විට ආණ්ඩුවට සහාය ලබා දීමෙන් ඉවත් වී ස්වාධීන වන බවට ප්‍රතිපත්තියක සිටියදී ශාන්ත බණ්ඩාර ජනපති හමුවට ගොස් තනතුරක් භාර ගැනීම තවත් දේශාපාලන විහිලුසහගත ක්‍රීඩා…

gotabaya
|

වැදගත් තීරණ නොගෙන අවසන්වූ ජනපතිගේ සාකච්ඡාව

රටේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය විසඳීමේ අදහසින් ඊයේ රාත්‍රී ජනපති ගෝඨාභය රාජපක්ෂ හමුවන්නට ගිය මෛත්‍රී සමග ශ්‍රීලනිප කණ්ඩායම, අනුර ප්‍රියදර්ශන සමග ස්වාධීන කණ්ඩායම හා වාසු ඇතුළු අනුබද්ධ පක්ෂ 11 කණ්ඩායම පැවැත්වූ සාකච්ඡා වැදගත් තීරණ නොගෙන අවසන්වී තිබේ. මෙම සාකච්ඡාවේදී හිටපු ජනපති මෛත්‍රිපාල 20 වන සංශෝධනය අහෝසිකර 19 යළි පිහිටුවමු යනුවෙන් ගෙනා යෝජනාවට ජනපති එකඟවී නැති…

rohini
|

ජනපතිට – අගමැතිට වඩා වන්නිලැත්තන් හොඳ නායකයෙක්

ආදිවාසී නායක වන්නියලැත්තන් ජනාධිපතිතුමාට මෙන්ම අගමැතිතුමාට වඩා හොඳ නායකයෙක් බව පිළිගෙන තිබෙන බවත් කවුරුන් හෝ ගෙනත් මේ ප්‍රශ්නය විසඳිය යුතුව ඇති බවත් සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

lockdown
| |

රට වහන්නැයි ඉල්ලීමක්

මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වසා දැමීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම විදුලිබල මණ්ඩලය වහාම විශේෂඥ මණ්ඩලයකගේ පාලනයට භාර දිය යුතු බවද කොළඹදීමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රණවක මහතා කීවේය. ජනතාව ඉදිරියේ තියෙන අර්බුදය මේ ආණ්ඩුව තවදුරටත් තේරුම් ගෙන නැතැයිද රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.