mathiwarana komisin sabawa
|

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් යොමු කරන්න අවස්ථාවක්

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් යොමු කිරීම හෙට (23) සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පවසයි. ඊට අදාළ ගැසට් නිවේදනය හෙට (24) නිකුත් කරන බව එහි සභාපති නීතිඥ, නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේය. මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 ක් වන අතර ඒ අතරින් නීතිමය ගැටලු පවතින ලියාපදිංචි දේශපාලන පක්ෂ 6 ක් පමණ අක්‍රිය…

mithreepala
|

නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. පක්ෂයේ ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට නියමිත ජාතික ආර්ථික වැඩපිළිවලේ ප්‍රගතිය විමසා බැලීම මෙන්ම දිස්ත්‍රික් නියෝජිත සමුළු පැවැත්වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමු කෙරෙනු ඇති.

dolor
|

ඩොලර් අහේනියට ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් විසදුම්

වර්තමානයේ රටේ උද්ගතව ඇති ඩොලර් අර්බුදය යනු රජය හිතාමතා ඇති කරගත් එකක් නොවන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. ”පිළිතුර තමයි ශක්‍ර දේවේන්ද්‍රයාව මෙහෙට ආනයනය කරන එක. ශක්‍ර දේවේන්ද්‍රයාව ආනයනය කරලා ශක්‍ර දේවේන්ද්‍රයාට කියන්න ඕනෙ මෙන්න දැන් ඩොලර් ටිකක් මවලා දෙන්න, මෙහෙමයි කියලා … දැනුයි රට විවෘත වෙන්නෙ. දැන් අපි ආර්ථිකය…

patali
|

මොන බයිල ගැහුවත් ඉන්ධන තියෙන්නේ දින 10කටයි

තෙල් සංස්ථා ගබඩාවල ඉන්ධන ඇත්තේ තවත් දින 10කට බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ අනුව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 30000ක් හා ඩීසල් මෙට්‍රික් ටොන් 50000ක් පමණ ගබඩාවල පවතින බව ඔහු සිය ෆේස්බුක් ගිණුමට සටහනයක් තබමින් පවසයි. “ඉන්ධන, තෙල් සංස්ථා ගබඩාවල ඇත්තේ තව දින 10 කට ය. (පෙට්‍රල් මෙ.ටො. 30,000 ඩීසල් මෙ.ටො. 50,000) දැනට…

gazet
|

පළාත් පාලන ආයතන සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කෙරේ

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව නගර සභා, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභාවල සභිකයින්ගේ ධුර කාලය අවසන් වන දිනය 2023 වසරේ මාර්තු මස 19…

mithreepala
|

මෛත‍්‍රීගෙන් අලුත් ආණ්ඩුවක්

ඉදිරියේදී පුළුල් ජාතික වැඩපිළිවෙළක් සහිත නව සන්ධානයක් හරහා නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි කාලය තුළ ප‍්‍රබල හා ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ගොඩනගන බව ද ඔහු පැවසීය. තම පක්ෂය විසින් ඉදිරියේදී පුළුල් ජාතික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බවත් ඒ හා එක්වන අය සමග ඉදිරියේ නව…

mithreepala
|

සුසිල්ගේ ලොතරැයිය මෛත්‍රීටත් ඇදෙන ලකුණු

දෙල්කඳ පොලේ ගිය පසු සුසිල් ප්‍රේමජයන්ත මහතාට ලොතරැයියක් ඇදුන බවත් ඒ ආකාරයෙන් ම තමන් රට වටේ ගොස් අවසන් වන විට තමන්ට ද ලොතරැයියක් ඇදීමට බැරි කමක් නැතැයි ද හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. අද ආණ්ඩුව කරන අය එදා තමන්ගේ ආණ්ඩුවට පහර දුන් ආකාරය මතක තිබෙන බවද හෙතෙම පැවසීය….

rajitha
|

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිතට කොවිඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඒ අනුව මන්ත්‍රීවරයා මේ වනවිට නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ. ජනවාරි මස 1 වනදා සිට මන්ත්‍රීවරයා ආශ්‍රය කළ සියලුදෙනා මේ වන විට නිරෝධායනයට ලක්කර ඇත.

mithreepala
|

ජාත්‍යන්තර ආධාර මානව හිමිකම් සුරැකෙනවා නම් පමණයි

ජාත්‍යන්තර ආයතන ආධාර ලබා දෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, නීතිය, සාමය සුරැකෙනවා නම් පමණයි. මගේ පාලන සමයේ කිසිසේත් නොදැමූ කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වත්මන් ආණ්ඩුවට ඉදිරිපත් කරන බව මා දන්නවා යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෝට්ටේ ආසන බලමණ්ඩල රැස්වීමට පසුගිය දා එක් වෙමිනි. ජාත්‍යන්තරව…

sajith premadasa news sinhala
|

“වගා සංග්‍රාමයක්” ගැන කතා කළත්, රටේ ඇත්තේ “සාගත සංග්‍රාමයක්”

ආණ්ඩුව අද “වගා සංග්‍රාමයක්” ගැන කතා කළත්, රටේ ඇත්තේ “සාගත සංග්‍රාමයක්” බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. අන්තනෝමතිකව ගත් තීන්දු හේතුකොටගෙන රටේ කෘෂිකර්මාන්තය විනාශ කොට දමා ඇති ආණ්ඩුව ගෙයක් ගෙයක් පාසා ගෑස් සිලින්ඩර පිපිරෙන රටක් බවට මේ රට පත්කොට ඇතැයි ද පැවැසීය. ඇතැම් ඇමතිවරුන් ජනතාවට සහන පැකේජයක් දෙන බවට කයිවාරු ගැසුවත්, දී ඇති එකම…