jvp
|

ජවිපෙන් නිවේදනයක්

”සමාජ මාධ්‍යයේ අනුර පුම්බන්න ජවිපෙ කෝටි පහක් වියදම් කරලා – සාක්ෂිත් සමග කැම්පේන් විස්තර එළියට” යන ශීර්ෂය යටතේ සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන් අසත්‍යක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ පවසන්නේ අදාළ පුවත තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. තවද මෙය ජනතා විරෝධයට ලක්වෙමින් සිටින ආණ්ඩුවේ බංකොලොත් ප්‍රචාරවලින් එකක් බව ත් එය…

thissa-aththanayake

පොහොර ප්‍රශ්නය විසඳුවේ නැත් නම් විශ්වාසභංගයක්

ගොවි ජනතාවගේ පොහොර ප්‍රශ්නයට කඩිනමින් සාධාරණ විසඳුමක් ලබා දීමට විෂය භාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පියවර නොගත හොත් ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර නොමැති වීම අද දැවැන්ත අර්බුදයක් දක්වා ගමන් කර තිබෙන බවත් මෙය වී…

rathana-himi
|

රතන හිමියන් පක්ෂයෙන් ඉවතට මන්ත්‍රීධුරයට කුමක්වෙයිද?

අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ දේශපාලන බල මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබෙන බව පක්ෂයේ ජාතික සංවිධායක ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු පැවසීය. පක්ෂයේ විනය මණ්ඩලය විසින් චෝදනා හතරකට වැරැදිකරු කරමින් රතන හිමියන් පක්ෂයෙන් නෙරපීම සඳහා නිර්දේශ කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ඔහු පැවසීය. මහා මැතිවරණයේදී පළමු…

bus
|

බස් දෙකයි මිලියන 400 ක ආදායමක්

රුපියල් මිලියන 400 කට වැඩි වත්කම් ප්‍රමාණයක් උපයා ගත් ආකාරය හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් වත්මන් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාටද අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබිණි. රෝහිත අබේගුණවර්ධන මහතාට නාග ප්‍රහාරයකට ලක්වීමට සිදුවූයේද මෙම නඩුව සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබියදීය. මෙම නඩුව සම්බන්ධයෙන් පැවති පළමු සාකච්ඡාවේදී අදාල ජනාධිපති…

manthree
|

මන්ත‍්‍රී සුමන්තිරන් කුඹුරු හායි

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පසුගියදා කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයේ කුඹුරක සාම්ප්‍රදායික ගොවිතැන් සිහිගැන්වෙන අයුරින් ගොවිතැන් කටයුතු වල නිරත වී ඇත. සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් මන්ත්‍රීවරයාගේ ඥාතියෙකුට අයත් කුඹුරක පෙර ගොවීන් සාම්ප්‍රදායිකව සිදුකෙරෙන ගවයින් යොදා සී සෑම , තල්කොලේ ආහාර ගැනීම, කුඹුරේ කිරි උතුරා කිරිබත් පිසීම, සාම්ප්‍රදායික් ගොවීන් හමු වී ඔවුන් සමග තල්පතේ ආහාර…

keheliya-rabukwalla
|

ඉතිහාසයේ පළමුවරට සෞඛ්‍ය අංශයට විශාල මුදලක් වෙන් කරයි.

සෞඛ්‍ය සේවාව සඳහා මෙරට ඉතිහාසයේ පළමුවරට අය – වැය මගින් රුපියල් මිලියන පන්සියඅසූවක මුදලක් වෙන් කොට ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. පවතින වසංගත තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත මෙම මුදල් වෙන්කිරීම සිදුවන බව අය වැය පිළිබදව දැනුවත් කිරීම සඳහා මහනුවර කුණ්ඩසාලේ දී පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව…

parli
|

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවේ පුරප්පාඩු පිරවීමට එකඟතාව

ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවේ දැනට පුරප්පාඩුව පවතින සහ ඉදිරියේදී පුරප්පාඩු වීමට නියමිතව ඇති සාමාජික තනතුරු සඳහා නාමයෝජනා කැදවීමට පාර්ලිමේන්තු සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මේ අනුව ශ්‍රී ලංකා නීතීඥ සංගමය, ප්‍රකාශකයන්ගේ සංගම්, කර්තෘවරුන් සහ ජනමාධ්‍යවේදීන් සහ අනෙකුත් සිවිල් සංවිධානවලින් නාම යෝජනා කැඳවීමට පාර්ලිමේන්තු සභාව තීරණය…

bandula1
|

බන්දුල නිහඬ වෙයි

දැඩි කතාබහකට ලක්වූ සුදු ළුෑණු වංචාවට තමාගේ නමද ඈදා ගනිමින් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවයෙන් සාධාරණයක් ඉටු නොවුනහොත් දේශපාලනයෙන් සමුගන්නා බවයි. තමාට අයත් නොවන ආණ්ඩුවේ කිසිදු කටයුත්තක් සම්බන්ධයෙන් මේ මොහොතේ තමන් කිසිදු අදහසක් පළ නොකර නිහඬව සිටින බවද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවා.

dalus
|

සුදු ළූණු වංචාව හොයන්න පත්තර කර්තෘවරු ගාවගන්න එපා

ලංකා සතොස ආයතනයේ සම්බන්ධව මෑතකදී අනාවරණය වූ සුදුළූණු වංචාව පිළිබඳව වාර්තා කළ මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමෙන් වලකින ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියි. කැබිනට් මණ්ඩල මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ පුවත්පත් කිහිපයක කර්තෘවරුන් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

harin
|

හරීන් රෝහල් ගත කෙරේ

සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු රෝහල් ගත කර තිබෙනවා. ඒ ඔහුගේ හෘද වස්තුව ආශ්‍රිතව ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන්. මන්ත්‍රීවරයාට ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. මිට මාස කිහිපයකට පෙර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා හෘද වස්තුව ආශ්‍රිත සැත්කමකට භාජනය කරනු ලැබුවා. වාර්තා වන පරිදි පෙර සිදුකළ…