SRI LANKA-POLITICS-VOTE

විපක්ෂයේ ඉඳගන ආණ්ඩුව එකතුකරවන විශ්වාසභංගයක්

” සජිත් ප්‍රේමදාස මහත්තයගෙ කණ්ඩායම විපක්ෂයේ ඉඳගන ආණ්ඩුව එකතුකරවන විශ්වාසභංගයක් ගෙනවිත් තිබෙනවා.”යයි, අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය පසුගිය දා කථානායකවරයාට ලබාදුන් විශ්වාසභංග යෝජනාව පිළිබද අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙින්තු මන්ත්‍රි, දේශපාලන මණ්ඩල සාමාජික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවේය. “ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු මුළු මහත් ආණ්ඩුව කෙරෙහිම ජනතා විශ්වාසය භංගවෙලා…

karujaya
| |

කොරෝනා වැළඳී මිය යෑම සැනසිලිදායකයි

20 වන සශෝධනය මඟින් රටේ සමස්ත බලය එක හස්තයකට නතු කරගෙන ඇති පසුබිමක සමස්ත රටම අවුල් වී ඇති බව දැන්වත් අප තේරුම් ගත යුතු යයි හිටපු කතානායක කරු ජයසුරිය පවසයි. 20 වන සංශෝධනයෙන් නිර්මිත ඒකාධිපති රාජ්‍යයක අත් පා හකුලුවා ගෙන ජීවත් වනවාට වඩා කොරෝනා රෝගය වැළඳී මිය යෑම වඩාත් සැනසිලිදායක බව හිටපු කතානායකවරයා එහිදී සඳහන්…

ඉන්ධන මිල ඉහළ දැමීම කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක්
|

ඉන්ධන මිල ඉහළ දැමීම කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක්

ඉන්ධන මිල ඉහළ දැමීම අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ තනි තීරණයක් නොවන බවත් එය ජනාධිපතිතුමා ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් සාකච්ඡා කොට එක්ව ගත් තීන්දුවක් බව දන්නා බවත් පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ සංචරණ සීමා පැනවීම නිසා අසරණ බවට පත්ව සිටින පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විසිතුරු මත්ශ්‍ය නිෂ්පාදන…

adiwegaya
|

ඇමති ප්‍රසන්න කිව්වේ බොරු – මහාමාර්ග  ලේකම්

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ කොටසේ වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති වාර්තාව අසත්‍යයක් බව මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි. ඔහු ඊයේ දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා ඇත. ගම්පහ දිස්ත්‍රික්කයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයට හේතුව මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිසා වුවක්ද යන්න සොයා බලන තෙක් ගම්පහ කොටසට අදාළ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු…

ranil-wickramasighe

විපක්ෂ නායක ධුරයේ වෙනසක් ඇති කිරීමට සැලසුමක්

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පිරිසක් එක් කර ගනිමින් පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරයේ වෙනසක් ඇති කිරීමට යම් සැලසුමක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ. ආණ්ඩුව තුළ සිටින කලකිරී ඇති මන්ත‍්‍රීවරු, විපක්ෂයේ භූමිකාව පිළිබඳව නොසෑහීමකට පත්ව ඇති මන්ත‍්‍රීවරු එක් කරගනිමින් මෙම සැලසුම ක‍්‍රියාත්මක කිරීමට නියමිත බවත් මේ වන විටත් එහි සාකච්ඡ අවස්ථා කිහිපයක්ම…

akmemana
|

දේශපාලනයෙන් අතු ගා දැමූ දේශද්‍රෝහී බලවේග යළි කලඑළි බැසීම සිංහල බෞද්ධයින්ට යහපතක් නොවේ

ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණ පොරොන්දුවක් දෙක්ක පමණක් ඉටු කිරීමෙන් 69 ලක්ෂයක ජනතාව සතුටු කළ නොහැකි බවත්, ජාතික වශයෙන්, ආගමික වශයෙන් එහි තිබෙන අති සංවේදී සහ වැදගත් ප්‍රමුඛ පොරොන්දු ඉටු කිරිමට රජයට තවමත් කාලය සහ හැකියාව ඇති බවත් සිංහල රාවය පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අක්මීමණ දයාරතන හිමියෝ කියති මෙහිදී උන් වහන්සේ සදහන් කරන්නේ පසුගිය මහ…

ciththaya

චීත්තයකින් සැරසුනු පොහොට්ටුවේ ප්‍රා.සභා මන්ත්‍රී

කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ මහාචාර්ය ඒකකය කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට සූදානම්වීමට විරෝධය පළකරමින්  විරෝධතාවයක් පැවතුණි. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුලියාපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් විසිනි. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් චීත්තයකින් සැරසී සිටි ආකාරය දක්නට ලැබුණි. එම අවස්ථාවේ දී මන්ත්‍රීවරයා පළ කර සිටියේ මෙවන් අදහසකි. “අපි කතා කරපු විදියට…

karujayasuriya
|

ගජ මිතුරු බලවේගවලට ගිනිගත් නැව වසන්තයක් කරගන්න දෙන්න එපා – කරු ජයසුරිය

රටක් ලෙස එක්සත්ව මුහුණ දිය යුතුව ඇති දැවැන්ත අභියෝගයක් අප ඉදිරියේ තිබියදී ඊට අදාළව බුද්ධිමත් ලෙස තීන්දු තීරණ ගත යුතුව ඇති වාතාවරණයක අහක යන ඛේදවාචක වලට පවා අත වනන තත්වයකට අපේ රට පත්ව තිබෙන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක කරු ජයසුරිය මහතා පවසයි. ඔහු  පවසන්නේ විය හැකි අනතුර දැන දැනම…

rajapaksha
|

මේ ආණ්ඩුව රාජපක්ෂ දේපල වෙළෙන්දෝ බවට පත්වෙයි

රටේ ඉඩම් විකුණන්නේ නැති බව කියමින් බලයට පත් රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට රටේ තිබෙන ආර්ථික මර්මස්ථාන චීනයට විකුණා දමමින් සිටින බවත්, මේ ආණ්ඩුව රාජපක්ෂ දේපල වෙළෙන්දෝ බවට පත්ව තිබෙන බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය. පොළවට ආදරය කරන, පොළව සිඹින දේපල වෙළෙන්දෝ කොළඹ තිබෙන ඉඩම් චීනයට විකිණීමට සෙලන්දිවා නමින්…

vijitha
|

කාබනික පොහොර කියමින් චීනයෙන් නාගරික කසල ගෙන්වන්න සැලසුමක්

රසායනික පොහොර විස සහිත යයි කියමින් රජය විසින් කාබනික පොහොර ආනයනය කිරීමෙන් සිට සූදානම් වන්නේ හිතවත් ව්‍යාපාරිකයන් පිනවීමට බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරන්නේ ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයන් විසින් චීනයේ නාගරික කසළ කාබනික පොහොර ලෙස මෙරටට ගෙන්වීමට සූදානමක් ඇති බවයි. රසායනික පොහොර තහනමට පෙර කාබනික පොහොර ලබාදීමට යාන්ත්‍රණයක්…