karujayasuriya
|

පාස්කු ප්‍රහාරය ගැන ජනතා සැකය අතිශයින් ම බරපතලයි

පාස්කු ප්‍රහාරයට අදාළ කරුණු විමර්ෂණය කිරීම සදහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාදක කරගනිමින් සමාජය තුළ මතුවී ඇති සැකය කිසිසේත්ම සතුටුවිය හැකි කාරණයක් නොවන බව හිටපු කතානායක කරු ජයසුරිය පවසයි. ‘සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය’ මේ බව සඳහන් කළේ කොළඹ ජානකී හෝටලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයට අදාළ කරුණු විමර්ෂණය කිරීම…

ranjan-ramanayake

රන්ජන්ගේ මන්ත්‍රීධුරය අජිත්ට

රන්ජන්ගේ මන්ත්‍රීධුරය හිස්වූ බවට පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දුන් බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටියි. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රන්ජන් රාමනායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 04ක සිරදඬුවම් නියම කරනු ලැබුවා. සිය මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ඔහු විසින් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවත් එය පසුගියදා අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා….

පළාත් සභා මැතිවරණය නොපවැත්වීම බරපතල වරදක්

පළාත් සභා මැතිවරණය නොපවැත්වීම බරපතල වරදක්

පළාත් සභා මැතිවරණය පැවැත්වීම ආණ්ඩුව නොපවත්වා හිඳීම බරපතල වරදක් බවත්   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තව දුරටත් ආණ්ඩුකාරවරුන් හා රාජ්‍ය නිලධාරින් පමණක් යොදාගෙන පළාත් සභා පවත්වාගෙන යාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නොසලකා හැරීමක් බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක  තිස්ස අත්තනායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ  ඓතිහාසික දිඹුලාගල සේනාසනයේ නායක ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටත් වැඳ…

parli

මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෙළි කිරීම පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරයි

ඇමතිවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෙළි කිරීම ඔවුන්ගේ ‘පෞද්ගලිකත්වයට ආක්‍රමණය කිරීමක්’ වනු ඇතැයි පවසමින් පාර්ලිමේන්තුව විසින් එම සුදුසුකම් හෙළි කිරීම ප්‍රතික්ෂේප කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. සන්ඩේ ටයිම්ස් විසින් ගොනු කරන ලද තොරතුරු දැන ගැනීමේ අයිතියට අයදුම්පතකට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් සහ තොරතුරු නිලධාරි ටිකිරි ජයතිලක මහතා කියා සිටියේ අධ්‍යාපනික සුදුසුකම්…

chandrasena

වගකිව යුතු කිසිම පාලකයෙක් පරිසරයට හානි කර කිසිම දෙයක් සිදු කරන්නේ නෑ

“අපේ ජනාධිපතිතුමාටත්, ආණ්ඩුවටත් මඩ ගහන්න යොදා ගෙන තිබෙන අලුත්ම ව්‍යාපාරය තමයි පරිසරය. කිසිම පාලකයෙක් හෝ වගකිව යුතු ආණ්ඩුවක් පරිසරයට හානි කර කිසිම දෙයක් කරන්නේ නැහැ”. ඇමැතිවරයා මේ බව කියා සිටියේ වෝටර්ස් එජ් හී සී පැවැති මාධ්‍ය හමුවේදීය. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ද සහභාගි විය. යුද සමයේ අතහැර ගිය පාරම්පරික කෘෂිකාර්මික ගොවි බිම්…

sajith

ආණ්ඩුවකට හෝ දේශපාලනඥයකුට ජනමාධ්‍යවල හඬ වහන්න බැහැ

ජනමාධ්‍ය සඳහා ස්වයංවරණ ඇති කර ගත යුත්තේ ජනමාධ්‍ය විසින් බවත්, ආණ්ඩුවකට හෝ දේශපාලනඥයකුට හෝ ජනමාධ්‍යවල හඬ වැසීමට කටයුතු කළ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. කවුරුන් බලයේ සිටිය ද ජනමාධ්‍යයේ නිදහස නොමැති නම් ඒකාධිපතීත්වයක් සමාජයේ නිර්මාණය වන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය. කැළෑ කපන බහිරවයන් බිහි වී රටේ විශාල වන සංහාරයක්…

ranil

ඉදිරි මැතිවරණය ජය ගැනීමට සියලු දෙනා එක් විය යුතුයි

ඉදිරි මැතිවරණය ජය ගැනීමේ ඉලක්කය සපුරාගැනීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂයෙන් ඈත් වූ සිංහල බෞද්ධ, කතෝලික, මධ්‍යම පාන්තික ඡනදායකයන්ගේ ඡන්ද මෙන්ම එක්සත් ජාතික පක්ෂය හැර ගිය අයගේ ඡන්ද නැවත පක්ෂය වෙත ලබා ගත යුතු බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති එජාප සංවිධායකවරුන් සහ කළමනාකරුවන් දැනුම්වත් කිරීමේ රැස්වීමකට…

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නෙරපයි

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නෙරපයි

කදුරට ජනතා පෙරමුණ පක්ෂයේ හා කදුරට කම්කරු පෙරමුණ වෘත්තිය සමතියේ සියලුම තනතුරුවලින් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ. අර්වින්ද කුමාර් මහතා ඉවත් කිරිමට තිරණය කල බව කදුරට ජනතා පෙරමුණේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි වි. ආර්. රාධා ක්‍රිෂ්නන් මහතා පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු වි. ආර්. රාධා ක්‍රිෂ්නන් මහතා පවසන ලද්දේ ඒ. අර්වින්ද…

මිහින්තලය වැනසු මන්ත්‍රීවරයෙකු කිඹුල් කදුළු සලයි
|

මිහින්තලය වැනසු මන්ත්‍රීවරයෙකු කිඹුල් කදුළු සලයි

වර්ථමානයේ රජයේ නිලධාරින්ට රජයේ අමාත්‍යවරුන්ට මඩ ගසමින් පසුගිය වසර 10-15ක් මුළුල්ලේ බොරළු කපමින් මිහින්තල ප්‍රදේශය වනසා දැමූ ආකාරය මිහින්තලය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු අමතකවි පරිසර විනාශයන් පිළිබදව කිඹුල් කදුළු සලමින් සිටිනා බව බොරුළු කැනීමේ නිරත ව්‍යාපාරිකයන් පිරිසක් පෙන්වා දුන්හ. මිහින්තලය ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය භූවිද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යංශය ඇතුළු රාජ්‍ය අංශ හයක නිසි අවසරය යටතේ…

kapila

සමගි ජන බල වේගය මස්කෙළිය ප්‍රධාන සංවිධායක ලෙස කපිල පත්වෙයි

සමගි ජන බල වේගය පක්ෂයේ මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ලෙස පත්වු කපිල නාකන්දල මහතා එම ධුරයේ වැඩ බාර ගැනිම එම පක්ෂයේ ගිනිගත්හේන කාර්යාලයේදි සිදු කරන ලදි. ගරුතර සංඝරත්නයේ සෙත් පිරිත් දේශණා මධ්‍යයේ මෙම වැඩ බාර ගැනිම සිදුවු අතර මෙම අවස්ථාවට කපිල නාකන්දල මහතාගේ පවුලේ අය සමග පාක්ෂිකයන් පිරිසක්ද එක් විය. මනුර සුදත් සෙල්ලහේවා…