SRI LANKA-POLITICS-VOTE
|

20 බලාත්මකයි

කෙටුම්පත්කරණය සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමුකළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත යළි අද දිනයේ පාර්ලිමේන්තුව වෙත ලැබීමෙන් අනතුරුව තානායකවරයා විසින් ඊට අත්සන යොදා සහතික කර තිබෙනවා. තුනෙන් දෙකක බහුතර බලයකින්, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 22 වන දා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

ශවේන්ද්‍රගේ ඇමරිකානු ගමන් ඉවත් කිරිමට කටයුතු කරන ඉල්ලයි

ශවේන්ද්‍රගේ ඇමරිකානු ගමන් ඉවත් කිරිමට කටයුතු කරන ඉල්ලයි

වැඩ බලන ආරක්ෂක ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඒරෙහිව ඇමරිකාව විසින් පනවා ඇති ගමන් තහනම ඉවත් කිරිමට ලංකාවට පැමිණෙන ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා සමඟ සාකච්ඡා කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා අද (23) දින පාර්ලිමේන්තුවේදි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය. ඒළැඹෙන ඔක්තෝබර් 28 වනදා ඇමරිකානු රාජ්‍ය ලේකම්…

ඉමදුව ප්‍රාදේශිය සභාව මහා ගාල ගෝටිටියක්
|

ඉමදුව ප්‍රාදේශිය සභාව මහා ගාල ගෝටිටියක්

ඉමදුව ප්‍රදේශීය සභාවේ බහුකාර්ය ගොඩනැගිල්ල ඇඟළුම් කර්මාන්ත ශාලාවකට බදු දීමට අදාළ යෝජනාවක් ඉමදුව සභාවේ සභාපතිවරයා විසින් අද (20) දින පැවති ඉමදුව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කිරීමත් සමඟින් එම ප්‍රා දේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වු අතර එහි දී එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී (කෙසෙල් ඇවරිය) ඒ.ජී. අරුණ මහතා අදාළ යෝජනාවට විරෝධය පල කරමින් එම යෝජනාව ඉරා…

රට වෙනුවෙන් සියලුදෙනා එක තැනක

රට වෙනුවෙන් සියලුදෙනා එක තැනක

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද අපේ කණ්ඩායම් යම් – යම් මත ප්‍රකාශ කළත් මේ රට වෙනුවෙන් සියලුදෙනා එක තැනක සිටිනවා. යැයි කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පසුගිය දා කීවේය. විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය පිළිබද අදහස් දක්වමින් පියල් නිශාන්ත ද…

ගම් මට්ටමින් මෙහෙයුම් කමි‍ටු ශක්තිමත් කිරීමට යයි
|

ගම් මට්ටමින් මෙහෙයුම් කමි‍ටු ශක්තිමත් කිරීමට යයි

සමගි ජන බලවේගය මාස දෙකක් තුළ විශාල ජයග්‍රහණයක් ලැබූ බවත් ඉදිරියේ තව දුරටත් තම පක්ෂය ශක්තිමත් කිරීම සදහා ගම් මට්ටමින් ඡන්දපොල මෙහෙයුම් කමි‍ටු ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත් සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පොලොන්නරුව තඹාල මුස්ලිම් ගම්මානයේ දී පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ උතුරු මැද පළාතේ සිය පක්ෂයේ බිම්මට්ටමේ යාන්ත්‍රණය ශක්තිමත්…

දේශපාලනය නිසා විවාහය මඟ ඇරුන මන්ත්‍රී
|

දේශපාලනය නිසා විවාහය මඟ ඇරුන මන්ත්‍රී

හිටපු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ. න් තම ව්‍යාපාර කටයුතු සිදු කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට තීරණය කළ බවත් නැවතත් දේශපාලනය කිරීමට බලාපොරොත්තු නොවන බවත් ඔහු සඳහන් කළේය. පසුගිය මහ මැතිවරණ ජනහමුවකදී ඔහු කියා සිටියේ තමන්ට දේශපාලනය නිසා විවාහයක්ද කර ගැනීමට නොහැකි වූ බවයි.

රාජ්‍ය අමාත්‍යවරයෙක් පොල් කඩයි
|

රාජ්‍ය අමාත්‍යවරයෙක් පොල් කඩයි

සම්ප්‍රදායිකව සිදුනොකරන මාධ්‍ය ආමන්ත්‍රණයක් සිදු වුණා. ඒ දංකොටුව ප්‍රදේශයේ දී යි. වත්මන් රජයේ, රාජ්‍ය අමාත්‍යවරයෙක් වන අරුන්දික ප්‍රනාන්දු මහතා පොල් ගසක් උඩට නැගී මාධ්‍යයට අදහස් පළ කර සිටිම නිසා. ලෝක වෙළෙඳපොළේ පොල් ආශ්‍රිත නිෂ්පාදනවල ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් ලංකාව තුළත් පොල් මිල ඉහළ ගොස් ඇතැයි පොල්,තල්, කිතුල් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මෙහිදී පවසා ඇත….

අර්ජුන කනස්සල්ලෙන්

අර්ජුන කනස්සල්ලෙන්

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය රුවන් විජේවර්ධන මහතා පත් කිරීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා දැඩි කනස්සල්ලට පත්ව තිබේ. මෙම සිදුවීමෙන් පසු තමන් මහත් කලකිරීමට පත්ව ඇති බවත් පසෙකට වී සිටීම වඩා යහපත් බවක් ද ඔහු සදහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පරම්පරාවෙන් බූදලයක් සේ ලබාදීමට තමන් විරුද්ද බවත් ඔහු පවසයි. මෙම තත්වය…

20වන සංශෝධනය නිසා ඉදිරියේදි ගැටලු රැසක්

20වන සංශෝධනය නිසා ඉදිරියේදි ගැටලු රැසක්

වත්මන් රජය විසින් 19වන සංශෝධනය ඉවත් කර යෝජිත 20වන සංශෝධනය ගෙන ඒමෙන් ඉදිරියේදි විවිධ ගැටලු නිරිමාණය විමේ අවස්ථාවන් පවතින බව ශ්‍රි ලංකා සාම මණ්ඩලයේ ව්‍යාපෘති කළමණාකාර සමන් සෙනවිරත්න මහතා පවසයි. සංස්කෘතික හා පාරිසරික සංසදයේ නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව මගින් දික්ඔය නගර ශාලාවේදි පවත්වන ලද මාධ්‍ය හමුවකදි සමන් සෙනවිරත්න මහතා 14වන දින මේ බව පවසන…

ruwan

එජාප නි. නායක ධුරයට රුවන් විජයවර්ධන

එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රුවන් විජයවර්ධන මහතා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ වැඩි ඡන්දයෙන් තේරී පත්විය. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ  පැවති රහස් ඡන්ද විමසීමේදී රුවන් විජේවර්ධන මහතාට ඡන්ද 28ක්ද රවී කරුණානායක මහතා ඡන්ද 10ක්ද ලබා ගත් බව වාර්තා වේ. දේශපාලන රාජවංශයක උපත ලැබූ රුවන් විජේවර්ධන රංජනී සේනානායක සහ රංජිත් විජේවර්ධනගේ බාල…