විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස
09 වන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස නම් කර තිබේ. ඔහුගේ නම පිළිගත් බව කතානායකවරයා සභාව වෙත දැනුම්දෙන ලදී.
09 වන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස නම් කර තිබේ. ඔහුගේ නම පිළිගත් බව කතානායකවරයා සභාව වෙත දැනුම්දෙන ලදී.
මරණීය දණ්ඩනය නියම වී මේ වන විට බන්ධනාගාරයේ රඳවා සිටින පේ‍්‍රමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිට 20 වෙන දා ආරම්භ වන පාර්ලිමේන්තුවට සහභාගි වීමේ අවස්ථාව ලැබී තිබේ. තමන්ට හිමිවූ මරණ දඬුයමට එරෙහිව අභියාචනා පෙත්සමක් ගොනු කිරීම නිසා මෙම අවස්ථාව ලැබී ඇත.
නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී එස්. බි. දිසානායක මහතාට මෙවර ඇමතිධුරයක් නොලැබිම දැඩි කනගාටුවට කරුණක් බව ශ්‍රිලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක පෙරියසාමි ප්‍රදිපන් මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත 16වන දින මේ බව පැවසු ප්‍රදිපන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. එස්. බි. දිසානායක මහතා 1994 වර්ෂයේ සිටම පැවති විවිධ රජයන්වල…
19 ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් අහෝසි කළහොත් ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය අහෝසි වන බව සමගි බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. රට ඉදිරියට ගෙනයාමේදී අපහසුතාවන්ට ලක්වන වගන්ති පමණක් වෙනස් කිරීම සදහා සාකච්ඡා කිරීමට සූදානම් බවයි ඔහු කියාසිටියේ.
2020 මහ මැතිවරණයේ මනාප ප්‍රතිපල මත පදනම්වූ සුවිශේෂි කරුණු 05ක් පහතින් දැක්වේ. 1. ආසනයක් සඳහා ලබා ගත් උපරිම මනාප ඡන්ද සංඛ්‍යාව : මහින්ද රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, කුරුණගල) – 527,364 2. ආසනයක් දිනා ගනු ලැබූ අවම මනාප ඡන්ද : කුලසිංහම් දිලිපන් (ඊපීඩීපී, වවුනියා) – 3,203 3. දිස්ත්‍රික්කය සඳහා ලබාගත් ඡන්ද හා සසඳන විට මනාප…
වියත්මග සංවිධානය නියෝජනය කොට මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරග කළ රියාද් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන හට ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය ධුරයන් පිරිනමා තිබේ. ඊට අමතරව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් පාර්ලිමෙන්තුවට තේරී පත්වූ වෛද්‍ය සීතා අරඹේපොල හටද රාජ්‍ය අමාත්‍යධුරයක් පිරිනැමීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. 1- ආචාර්ය සරත් විරසේකර : පළාත් සභා…
ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද පැවති ඇමති මණ්ඩල දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වී නොමැති බව වාර්තා වේ. ඔහුට යෝජනා වී තිබූ ඇමති ධුරයද ඔහු බාර ගෙන නැතැයිද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. – Lanka C News
හම්බන්තොට මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී වරයෙකු වූ කේ.එම්. සම්සුධීන් මහතා ඊයේ (10) දින පැවති නගර සභා මාසික රැස්වීමේදී පොදුජන පෙරමුණට එක්වීය. පසුගිය මහමැතිවරණ සමයේදී කේ.එම්. සම්සුධීන් මහතා පොදුජන පෙරමුණ වෙනුවෙන් පෙනී සිටිමින් දේශපාලන කටයුතු වලද යෙදුනි. හම්බන්තොට නගර සභාවේ නාගරික මන්ත්‍රී යූ.කේ.ඒ. දිසානායක මහතා සහ නාගරික මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා පැවසුවේ…
සමගි ජන බලවේගය විසින් පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තුව නම් නොකරන්නේ නම් මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සමග සුළු ජාතික පක්ෂ පාර්ලිමේන්තුවේ තනිව අසුන් ගැනීමට තීරණය කර ඇත. දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා මේ බව පවසමින් සමගි ජනබල පක්ෂයේ මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවේදී පක්ෂ නායකයාට අනතුරු අගවා තිබේ.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවේදීද 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතිපත්තිමය වශයෙන් සුරැකීමට තම පක්ෂය කටයුතු කරන බවයි.