මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා මන්ත්‍රිවරුන් අට දෙනකු තෝරා ගැනිමට නියමිතයි

මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා මන්ත්‍රිවරුන් අට දෙනකු තෝරා ගැනිමට නියමිතයි

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්ය සදහා මන්ත්‍රිවරුන් අට දෙනකු තෝරා ගැනිම සදහා ඡන්දදායකයන් පන්ලක්ෂ හැත්ත හත් දාහාස් හත්සිය දාහත් දෙනකු (577,717) සුදුසුකම් ලබා ඇති අතර ඔවුන්ට ඡන්දය භාවිතා කිරිම සදහා ඡන්ද මධ්‍යස්ථාන හාරසිය අනු හයක් (496) ස්ථාපිත කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ මෙවර…

ranil

එ.ජා.ප මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අතිහිටුවයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රඹුක්කන පැවති ජනහමුවකදී හිටපු මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අතිහිටුවීම පිළිබඳව අදහස් පළ කර තිබේ. එක්සත් ජාතික පක්ෂ 2ක් නෑ 3ක් නෑ 4ක් නෑ. එක එක්සත් ජාතික පක්ෂයයි අද ලංකාවේ තියෙන්නේ. මේ පක්ෂය ආරක්ෂා කරන්න ආරම්භ කරලා තියෙනවා පක්ෂයෙන් ගිය අය පිළිබඳව නැත්නම් පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු වෙලා…

ගෝඨා නීතිගරුක රටක් හදන්නේ මොවුන් සමගද?

ගෝඨා නීතිගරුක රටක් හදන්නේ මොවුන් සමගද?

වත්මන් ජනාධිපතිවරයා බවට පත් වූ පොහොට්ටු පක්ෂයේ පුත්ලම දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක සනත් නිශාන්ත මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විනය ගරුක රටක්, නීති ගරුක රටක් යන තේමාව උල්ලංඝණය කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවෙමින් සිටින බවට මේ වනවිට තොරුතරු වාර්තා වෙමින් තිබේ. ඔහු අද නීතිවිරෝධී ලෙස හිස්වැසුම් සහ අංක තහඩු නැති අධිබලැති යතුපැදියක ධාවනය කරමින් ප්‍රදේශයේ ජනතාව…

sajith premadasa news sinhala

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම – සජිත්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම පැනවීමට තමන් පක්ෂපාතී යැයි සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔවුන්ට ඓරෙහිව නඩු විභාග කිරීම සාධාරණ විනිවිදභාවයෙන් යුත්තව සිදුකරන බව මහනුවර දී පැවැති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. තරණ පරපුර මෙන්ම පාසල් වියේ දරුවන් පවා අද මත්ද්‍රව්‍යවලට යොදා ගැනීමට ජාවාරම්කරුවන් කටයුතු කරන බවත් මේ ආණ්ඩුව…

ජනපති හෝ අගමැති සිහිනයක් තමන් සතු නොවන බව මයන්ත පවසයි

ජනපති හෝ අගමැති සිහිනයක් තමන් සතු නොවන බව මයන්ත පවසයි

ජනපති හෝ අගමැතිවීමට අපේක්ෂාවක් නොවුණත් මෙරට අනාගතය භාර ගත හැකි නායකයෙකු යටතේ වැඩ කිරීම තමන්ගේ ඉලක්කය වන බව සමඟි තරුණ බලවේගයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසයි. තමන්ගේ අනාගත දේශපාලන අරමුණ කුමක්දැයි පාක්ෂිකයන් නිරන්තරයෙන් විමසන නමුත් ජනපති හෝ අගමැති සිහිනයක් තමන් සතු නොවන බව මහනුවර දී පැවැති පාක්ෂික හමුවකට එක්වෙමින් මයන්ත දිසානායක මහතා…

මාධ්‍ය ප්‍රකාශකට මාධ්‍ය නිදහස නොදෙන උදවිය ඡන්දෙන් පස්සෙ මාධ්‍ය නිදහස දෙයිද?

මාධ්‍ය ප්‍රකාශකට මාධ්‍ය නිදහස නොදෙන උදවිය ඡන්දෙන් පස්සෙ මාධ්‍ය නිදහස දෙයිද?

මාධ්‍ය ප්‍රකාශකට මාධ්‍ය නිදහස නොදෙන උදවිය ඡන්දෙන් පස්සෙ මාධ්‍ය නිදහස දෙයිද? කොළඹට කැටිපෙ අසයි. තමන්ගේම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ මාධ්‍ය නිදහස අහුරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන දේශපාලඥයන් මහමැතිවරණයෙන් අනතුරුව රටේ මාධ්‍ය නිදහස සහතික කරනු ඇතැයි සිතිය නොහැකි බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විමල් කැටිපෙආරච්චි ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ කැස්බෑව ප්‍රදේශයේ පැවැති…

එ.ජා.ප යට විරුද්ධව කටයුතු කරන අයව ඉවත් කිරිමට පියවර

එ.ජා.ප යට විරුද්ධව කටයුතු කරන අයව ඉවත් කිරිමට පියවර

සමගි ජන බල වේගය වෙනම පක්ෂයක් බව පැහැදිලි බව අධිකරණය මගින් ප්‍රකාශ කර ඇති බැවින් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කටයුතු කරන අයව ඉවත් කිරිමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසන ලදි. එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා තරග කරන අපේක්ෂයන්ගේ ජය පතා නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ….

මත් උවදුර තුරන් කළ රටක් අනාගත දරු පරපුරට දායාද කරනවා – ජනපති

මත් උවදුර තුරන් කළ රටක් අනාගත දරු පරපුරට දායාද කරනවා – ජනපති

ත්‍රස්තවාදයෙන් රට මුදාගත්තා සේම මත් උවදුරෙන් ද රට බේරාදෙන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස  ගම්පහ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිතුමා කිරිබත්ගොඩ පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගීවෙමින් මේ බව පැවසීය. ගංවතුරට ගොදුරුවන පෑලියගොඩ ප්‍රදේශවාසීන් වෙනුවෙන් මහල් නිවාස සංකීර්ණයක් සහ පෙතියාගොඩ…

අන්තවාදීන්ට යටත් නොවුණු පාර්ලිමේන්තුවක් ඉතිහාසයේ පළමුවරට බිහිකිරීමට යයි

අන්තවාදීන්ට යටත් නොවුණු පාර්ලිමේන්තුවක් ඉතිහාසයේ පළමුවරට බිහිකිරීමට යයි

තිස්වසරක තිස්සේ පැවැති පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙනස් කොට අන්තවාදීන්ට යටත් නොවුණු පාර්ලිමේන්තුවක් ඉතිහාසයේ පළමුවරට බිහිකරන බව මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. අන්තවාදීන්ට යටත් නොවුණු පාර්ලිමේන්තුවක් මෙවර මහ මැතිවරණයෙන් අනතුරුව ස්ථාපිත කළ හැකි වාතාවරණයක් දැකිය හැකි යැයි කුණ්ඩසාලේ බලගොල්ලේ අභීත එස් ක්‍රීඩාංගනයේදී ඊයේ (21) පැවති ජනහමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ…

මෙවර පාර්ලීමේන්තු බලය එ.ජා.පය ලබා ගන්නා බව රවි පවසයි

මෙවර පාර්ලීමේන්තු බලය එ.ජා.පය ලබා ගන්නා බව රවි පවසයි

අභියෝග පවතින තරමට එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වන බවත් වර්ථමානයේද එල්ලව ඇති අභියෝග හමුවේ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව මෙවර පාර්ලීමේන්තු බලය ලබා ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති රවි කරුණානායක මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරග කරන කේ. කේ. පියදාස මහතාගේ හා එස්. කේෂවමුර්ති මහතාගේ ජයග්‍රහානය සදහ හැටන් හෙල දිව හිදි පැවති…