කොරෝනා අර්බුදයෙන් ගොඩඒමට සහායක් වශයෙන් පාර්ලිමේන්තුව රැස්කළ යුතුය. කේ.ඩබ් ජනරංජන

කොරෝනා අර්බුදයෙන් ගොඩඒමට සහායක් වශයෙන් පාර්ලිමේන්තුව රැස්කළ යුතුය. කේ.ඩබ් ජනරංජන

කොරෝනා අර්බුදයෙන් ගොඩඒමට සහායක් වශයෙන් පාර්ලිමේන්තුව රැස්කළ යුතුය යන අදහස ඉස්මත්තට පැමිණීමත් සමග ඊට එරෙහිව අවි අමෝරාගත් පොහොට්ටු භික්‍ෂූන්, විසකුරු ජාතික චින්තකයන් හා ව්‍යාජ උගතුන් කියන කතාවලින් මේ දිනවල ආණ්ඩුවට හිතවත් මාධ්‍යවල ප්‍රවාත්ති ප්‍රකාශ පිරී තිබේ. මේ පිරිසගේ අවශ්‍යතාව වන්නේ පාර්ලිමේන්තුව රැස් නොකර, ගෝඨාභය රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් ඒකාධිපති ආණ්ඩුවක් දිගටම පවත්වා ගැනීමත්, ලද පළමුවැනි අවස්ථාවේ…

බන්දුලගේ කතාවෙන් හෙළිවන ප්‍රගතිශීලී ගෝලීයවාදයක අවශ්‍යතාවය – දුලාන් දසනායක

බන්දුලගේ කතාවෙන් හෙළිවන ප්‍රගතිශීලී ගෝලීයවාදයක අවශ්‍යතාවය – දුලාන් දසනායක

ඊයේ (02) දින උදෑසන කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි. ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එහි ප්‍රධානත්වය ගත් අතර අමාත්‍ය රමේෂ් පතිරන හා රජයේ නිලධාරීන් එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වී සිටියහ. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භයේදීම බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ඉතාමත් වැදගත් කරුණු දෙකක් හෙළිදරව් කළේය. අපි හම්බ කලොත් අපි කනවා තියරිය මුලින්ම බන්දුල…

“කොරෝනා” වෙන් ඔබ්බට මිලිටරි ආධිපත්‍යයක්ද? – දුලාන් දසනායක

“කොරෝනා” වෙන් ඔබ්බට මිලිටරි ආධිපත්‍යයක්ද? – දුලාන් දසනායක

මේ වන විට නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 වෛරසය ලෝකය පුරාවටම ව්‍යාප්ත වෙමින් පවතියි. එය දියුණු නොදියුණු භේදයකින් තොරව සියලු රටවල් ආක්‍රමණය කරමින් සිටියි. සන්නද්ධ යුද්ධ මගින් සිදු කෙරුණු ආක්‍රමණයන් අභීබවමින් කොවිඩ් 19 පෙරළි කරයි. රටවල් ආක්‍රමණය කරයි. දෙවන ලෝක යුද්ධයට එහා ගිය දරුණු මානව ඛේදවාචකයකට ලෝකය යොමු වෙමින් තිබේ. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට අනුව…

ධනවාදයට ඒරෙහිව නූතන විප්ලවවාදියා

ධනවාදයට ඒරෙහිව නූතන විප්ලවවාදියා

ඈත අතීතයේ සිටම ලෝක ධනවාදී සමාජ ක්‍රමයට ඒරෙහිව විශාල සමාජ ව්‍යාපාරයන් ලොව පුරා ගොඩනැගුණි. සමහර රටවල ඒසේ ගොඩනැගුණු සමාජ ව්‍යාපාරයන් විශාල බලවේගයන් බවට පත්වී, පැවති ධනේෂ්වර රාජ්‍යයන් පෙරලා දමා ඒහි සමාජවාදී රාජ්‍යයන් පිහිටුවීම සදහා ද කටයුතු කරනු ලැබීය. රුසියාවේ පැවති සාර් රජ්‍ය ආණ්ඩුව පෙරලා දමා 1917 දී රාජ්‍ය බලය පැහැරගත් රුසියාවේ බොල්ෂෙවික් ව්‍යාපාරය ගැන මුලු…

කොරෝනාවෙන් පීඩා විඳින කලාපේ සේවිකාවන්ගේ ශෝකාලාපය

කොරෝනාවෙන් පීඩා විඳින කලාපේ සේවිකාවන්ගේ ශෝකාලාපය

රට පුරාම මිනිසුන් කොරෝනාවෙන් බේරීමට ගෙවල් වලට වී සිටිති. සෞඛ්‍ය කාර්යමණ්ඩල, ආරක්ෂක අංශ ඇතුළු සුවිශේෂී අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක හැර අන් සියලුම මිනිසුන් මේ වන විට නිවෙස් වලට වී සිටිති. ඉහත කී සුවිශේෂී අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වන්නන්ට කොරෝනාවෙන් බේරීමට ආරක්ෂිත උපක්‍රම රජය මගින් හා වෙනත් ආයතන මගින් සපයා ඇත. රජය රින්ගින් ටෝන් එකේ සිට රූපවාහිනී දැන්වීම…

කොරෝනා අගමැති සහ අප – සුනන්ද දේශප්‍රිය

කොරෝනා අගමැති සහ අප – සුනන්ද දේශප්‍රිය

වසරකට පෙර බක්මහ ලෙයින් නැහැවූ පාස්කු ප්‍රහාරයන්හි උණුසුම නීවී යන්නටත් මත්තෙන් තමා ජනධිපතිවරණයට ඉදිරිපත්වන බව අපට කීවේ ගෝඨාභය රාජපක්ෂ ය. දැන් කොතරම් දරුණු වේ දැයි නොපෙනෙන අනතුරකට රට මුහුණ දී සිටිය දී ඒ ගෝඨාභය රාජපක්ෂ ම ජනාධිපති වශයෙන් ජාතිය අමතා කියා සිටින්නේ සිය වැඩිමහල් සොහොයුරා වන මහින්ද රාජපක්ෂ අගමැති කරවන්නට ඡන්දය දෙන ලෙසයි. රට විපතකට…

ජනාධීපතිවරයා ජාතිය අමතමින් සිදු කල සම්පූර්ණ කතාව

ජනාධීපතිවරයා ජාතිය අමතමින් සිදු කල සම්පූර්ණ කතාව

‘‘අද මා ඔබ අමතන්නේ කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය සම්බන්ධයෙන් අප ගෙන ඇති පියවර සහ වර්තමාන තත්වය ගැන ඔබ දැනුවත් කිරීමටයි. මේ වසරේ ජනවාරී මාසයේදී කොරෝනා වෛරසය පිළිබඳව ලෝක අවධානය යොමුවෙද්දී චීනයේ වූහාන් ප්‍රදේශයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් 34 දෙනෙක් ලංකාවට ගෙන්වා ගැනීමට මා තීරණය කළා. ඒ වන විට කිසිදු කොරෝනා වෛරස් ආසාදිතයෙකු…

සජිත් කොළඹින් මහ මැතිවරණයට

සජිත් කොළඹින් මහ මැතිවරණයට

පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන් සමඟි ජන බලවේගය යටතේ කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරඟ කරන බව සජිත් ප්‍රේමදාස මහතා නිල වශයෙන්  ප්‍රකාශයට පත්කළා. ඔහු මේ බව කියා සිටියේ අවිස්සාවේල්ලේ පැවැති ජනහමුවක් අමතමින්.

වෙල්ගම සජිත් පිළට

වෙල්ගම සජිත් පිළට

කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතු නව ලංකා නිදහස් පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය සමග එක්ව තිබේ. කොළඹ දි ඒ පිළිබඳ උත්සවයක් පැවති අතර එහිදි අදහස් දැක්වු සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ තම සන්ධානයේ ඒකායන අරමුණ ජනතා ජයග්‍රහණ තහවුරු කිරීම බවයි.  

ආසන 20ක් දිනා ගැනීම අපේ අරමුණයි – ආර්. සම්බන්ධන්

ආසන 20ක් දිනා ගැනීම අපේ අරමුණයි – ආර්. සම්බන්ධන්

පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙවර ආසන 20ක් දිනා ගැනීම තම අරමුණ බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්  මහතා පවසයි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තම පක්ෂයේ ඇති සූදානම පිළිබදව ඊයේ (4) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසුවාය. දෙමළ ජනතාවගේ ඒකම අවිය ඡන්ද අයිතිය බවත්, ඉදිරි මහ මැතිවරණයේ දී දෙමළ ජනතාව ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු බවත්, රාජ්‍ය අනුග්‍රහය…