හඬපට සමාජගත වූයේ කෙසේද වහාම විමර්ශනයක් සිදුකළ යුතුයි

හඬපට සමාජගත වූයේ කෙසේද වහාම විමර්ශනයක් සිදුකළ යුතුයි

අධිකරණය භාරයට පත් හඬපට කිහිපයක් සමාජගත වූයේ කෙසේද යන්න පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකළ යුතු බව යුක්තිය සුරැකීමේ නීතීඥ එකමුතුව සභාපති නලින් පතිරණ මහතා සදහන් කරයි. “කාගේ අවශ්‍යතාවටද නඩුභාණ්ඩ එළියට එන්නේ. ඔවුන් ලබන වරප්‍රසාදය කුමක්ද?. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කළයුතුයි” ඒ සම්බන්ධව යුක්තිය සුරැකීමේ නීතීඥ එකමුතුවේ නියෝජිතයින් පිරිස පොලිස් මූලස්ථානය වෙත මෙම පැමිණිල්ක්ද සිදුකරනු ලැබීය.    

unp
|

එජාපය නව ලකුණකින් මැතිවරණයට

මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය නව ලකුණක් තරග වදින බව විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන නියෝජිතයින් ඊයේ කොළඹට කැඳවා පැවති හමුවෙන් අනතුරුව සඳහන් කළේය. “අලුතින් හිතමු.. නැඟිටිමු” යන්න තේමා කරගනිමින් පැවති මෙම හමුවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයෝ ද එක්ව සිටියහ.

රන්ජන්ගේ හඬපට සභාගත කර නැහැ

රන්ජන්ගේ හඬපට සභාගත කර නැහැ

පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාගේ හඩ පට සභාගත කර නැති බව කතානායක කරූ ජයසූරිය මහතා සදහන් කරයි. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් රන්ජන් රාමනායක මහතා කියා සිටියේ අදාළ හඩපට සභාගත කරන බව කිව්වත් එවැනි සභාගත කිරිමක් සිදුව නැති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

බන්දුල ගුණවර්ධන මහතාට අයත් තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරක්ෂක අමාත්‍යාංශය යටතට

බන්දුල ගුණවර්ධන මහතාට අයත් තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරක්ෂක අමාත්‍යාංශය යටතට

බන්දුල ගුණවර්ධන මහතාට අයත් තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයට අයත්ව තිබූ සියලුම තොරතුරු තාක්ෂණ උද්‍යාන  රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගනියි. බන්දුල ගුණවර්ධන  මහතාගේ  අමාත්‍යාංශයේ තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය ලෙස නම් කර තිබේ. තොරතුරු තාක්ෂණ හා සන්නිවේදනය ප්‍රවර්ධනය සඳහා අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මින් ඉදිරියට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සිදුකෙරේ.

මහමැතිවරණයේදී රනිල් – සජිත් – කරූ එකට සිටගත යුතුයි

මහමැතිවරණයේදී රනිල් – සජිත් – කරූ එකට සිටගත යුතුයි

ඉදිරි මහමැතිවරණය ජයග්‍රහණය වෙනුවෙන් ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට රනිල්,  සජිත්, කරූ එකට සිටගත යුතු බව හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති   මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය. දිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් සියලු නායකයින් සමගියෙන් කටයුතු කළ යුතු බවත්  සඳහන් කළේය.

sajith

එජාප ආසන සංවිධායකවරු අද කොළඹට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන හමුවක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන්  අද කොළඹට පැමිණීමට නියමිතයි. මහමැතිවරණය සඳහා පක්ෂයේ සූදානම ඇතුළු කරුණු පිළිබඳව අද සවස 3.00ට පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කෙරෙනු ඇති.  

unp

එ.ජා.ප යේ තුන්කොන් සාකච්ඡාව අදයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කථානායක කරූ ජයසූරිය යන මහත්වරුන් අතර අද පැවැත්වීමට නියමිතයි. මෙම සාකච්ඡාවේදි නායකත්වය පිළිබඳ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන්  එකඟතාවකට එළඹීමට හැකිවනු ඇති බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

unp
|

එ.ජා.ප නායකත්වයට සජිත්ව ගේන්න මන්ත්‍රීවරු 52 ක් එකඟවේ

එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු පත් කරන ලෙස සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමේදී ඊයේ යෝජනාවක් ඉදිරිපත් විය. රනිල් වික්‍රමසිංහ මහතා එහිදී එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර යෝජනාව කළ මන්ත්‍රීවරුන් පිටතට නොගොස් එහි රැඳී සිට ඡන්දයක් විමසා තිබේ. ඡන්දය සඳහා මන්ත්‍රීවරුන් 65 දෙනකු සහභාගි වූ බවත්, ඉන් මන්ත්‍රීවරුන් පනස් දෙදෙනකු සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්කර…

government information center

තේරීම් කාරක සභාව පත් කිරීමට නාම යෝජනා කැදවයි

අට වැනි පාර්ලිමේනතුවේ සිව්වැනි සැසිවාරයට අදාළ “තේරිම් කාරක සභාව’’ පත්කිරීම සදහා  නාම යෝජනා කැදවීමට  අද රැස්වු  පාර්ලිමේන්තුවේ පක්ෂ නායක හා දේශපාලන පක්ෂ නියෝජිත  රැස්වීමේදී තීරණය විය. මේ අනුව පක්ෂ විපක්ෂ නියෝජිතයන්ට අදාළ නාම යෝජනා ලබන බ්‍රහස්පතින්දා (16) ප.ව 3.00ට පෙර පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට ලබා දෙන ලෙස කථානායකවරයා දැනුම් දී තිබේ. ඊට අදාළ යෝජනාව ලබන 21 වැනිදා…

unp

මහමැතිවරණයට මුහුන දීම සදහා නායකයන් තිදෙනාම එකතු විය යුතුයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපකෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් එකට එක්ව  ඉදිරි මහමැතිවරණයට මුහුන දීම තුළින්  සිංහළ බෞද්ධ, සුලූ ජාතින්, මධ්‍යම ප‍්‍රාන්තික  සහ ග‍්‍රාමීය ජනතාවගේද ඡන්ද සියල්ල  එක්සත් ජාතික පෙරමුණට ලබාගත හැකි බව එක්සත් ජාතික භිකෂු පෙරමුණ ප‍්‍රකාශ කරති. ජාතික මැතිවරණයකින් පරාජය වී  ඊළඟ ඡන්දයට මුහුන  දෙන අවස්ථාවේදී …