politics
|

නව දේශපාලන පක්ෂ 07ක්

නව දේශපාලන පක්ෂ 07ක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ. 2022 වර්ෂයේ ඉදිරිපත් වූ අයදුම්පත් අතරින් පක්ෂ 07ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව එහි සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා පැවසුවේය. පසුගියදා රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන ඇත. එක්සත් කොංග්‍රස් පක්ෂය, දෙවන පරපුර, ශ්‍රී…

ladies
|

කාන්තාවන් සවිබලගැන්වීම වෙනුවෙන් පනතක්

ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් එම පනත කෙටුම්පත් කිරීම සඳහා කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයට තමා උපදෙස් දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ පමණක් නොව, අනෙකුත් අංශවලද කාන්තා නියෝජනය වැඩි කළ යුතු බවත් රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ඒ සම්බන්ධව අවධානය යොමු කළ…

ranil-wickkaramasighe
|

අංගුලිමාල සිවුරු දාගෙන තමයි බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කළේ!

සිවුරු ඇදගත් බට්ටො යනුවෙන් ඇතැම් භික්ෂූන් වහන්සේලාට පෙර දින ආමන්ත්‍රණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේද ඇතැම් භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ඒ මහතා කියා සිටියේ අංගුලිමාල සිවුරු දරාගෙන බුදුරාජණන් වහන්සේට විරුද්ධව කටයුතු කළ බවකි. එමෙන්ම පරාක්‍රමබාහු රජතුමා භික්ෂූන් වහන්සේලාට මරණ දඩුවම දුන් බවද ජනාධිපතිවරයා කීය. ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

sajith premadasa news sinhala
|

සංඝයාට සිවුරු හැඳගත් බට්ටන් කීවාට සජිත්ගේ අප්‍රසාදය

පාලකයන් මහා සංඝරත්නය සිවුරු හැඳගත් බට්ටන් ලෙස ආමන්ත්‍රණය කිරීම නුසුදුසු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවැසීය. මහා සංඝරත්නයට අපහාස කරන අයට පරාභව සූත්‍රය කියවා ගන්න ආරාධනා කරනවා යැයිද ඔහු සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ ජනමාධ්‍ය විදේශ කටයුතු සහ ප්‍රවාහන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

ranil-wickkramasighe
|

සිවුරු ඇදගත් බට්ටො දාල හිමිවරුන්ට තර්ජන කරන විට අපි නිකන් ඉන්නේ නැහැ

රටේ ආණ්ඩු පෙරලන්න එන විට හමුදාවට පැත්තකට වෙලා ඉන්න බැහැ.පාරට බැහැලා පන්සල්වල ස්වාමීන් වහන්සේලාට තර්ජනය කරන විට, සිවුරු ඇඳ ගත්ත බට්ටො දාලා තර්ජනය කරන විට අපි නිකන් ඉන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. පැවිදි පුද්ගලයන් මේවට දමා රටේ කලබල කරන සෙල්ලම නතර කළ යුතු බව කී ජනාධිපතිවරයා පැවිද්දන්ට පැවිද්දන්ගේ වැඩ කටයුතු කරන්න කියන්නැයි…

suwasariya
|

කරුණාකරල සුවසරියට ප්‍රතිපාදන වෙන් කරන්න

සෞඛ්‍යයට වෙන් කරන මුදල් වලින් සුවසරිය පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කල යුතු බවත් වර්තමානය වන විට ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටුකරන සුවසරිය පවත්වාගෙන යා නොහැකි තරමට අර්බුදයට හෝස් ඇති බවත් හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී පැවසීය. එතුමා වැඩිදුරටත් සදහන් කලේ දිනකට රෝගීන් දහස් ගණනකට සේවා සපයන සුව සැරිය ගිලන් රථ සේවය මුදල් නොමැතිකමින් පවත්වාගෙන යාම අසීරු…

mathiwarana komisin sabawa
|

මැතිවරණය ගැන ඉඟියක්

ලබන වසරේ මාර්තු 20 වැනි දා වනවිට පළාත් පාලන මැතිවරණය පවත්වා නව සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ලබන මාර්තු මස 20 වැනි දා වනවිට පළාත් පාලන ආයතනවල නව සභාවාරයන් ආරම්භ කිරීමට හැකි පරිදී එම කටයුතු සිදු කරන බවය. ඒ සඳහා…

SRI LANKA-POLITICS-VOTE
|

විපක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුම ආණ්ඩුවට

විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් ඇතුළු හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ආණ්ඩුවට එකතුවීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම මන්ත්‍රී කණ්ඩායම අය-වැයට පෙර හෝ ඉන් පසුව ඉතා ආසන්න දිනකදී ආණ්ඩුවට එකතු වනු ඇති බවටයි වාර්තා වන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිබඳව රාජිත සේනාරත්න සාධනීය හැඟීමකින් පසුවන අතර රට ගොඩ ගැනීමට හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ…

mahindadesappriya
|

පළාත් ඡන්දය කල් යන හැටි හිටපු මැකෝ කියයි

පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවෙන් කිසිදාකවත් පළාත් පාලන මැතිවරණය කල් දැමීමක් සිදු නොවන බව පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. පළාත් පාලන මැතිවරණය නියමිත කාලයට පවත්වනු ඇති බවත්  මහින්ද දේශපිය මහතා කියයි. පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික…

government information center
|

දිගුකාලීන ක්‍රමික වෙනස්කම් ඇතිකිරීමේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී පාර්ලිමේන්තුව ප්‍රමාදයි

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් (Far Reaching Systematic Changes) ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකිවී ඇති බව පෙන්වාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇත. ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති මෙම ලිඛිත දැනුම් දීමෙන්…