‘මර්දනය’ සහ පුරවැසි වගකීම
මේ දවස්වල බොහෝ අය කතාකරන්නේ මර්දනය ගැනයි. මර්දනය යන්න ද තවත් එක් භාෂාත්මක යෙදුමකි. එය ද අර්ථගන්වනු ලබන්නේ සංදර්භය විසිනි. ‘අරගලය’ මෙවැනි තවත් යෙදුමකි. අප ද යෙදී සිටින්නේ අප ද ඇතුළු සමස්ත ලංකාවම වෙනුවෙන් යහපත් අනාගතයක් උදාකරගැනීමේ අරගලයකය. එහෙත් ‘අරගලය’ යනු වෙනස් සංදර්භයකි. එය කුමක් වෙනුවෙන් කරනු ලබන්නක්දැයි පැහැදිලි නැත. මුලින් ජනාධිපති ගෝඨාභය පැන්නීමටය. දැන්…