ජනාධිපති මාධ්‍ය අංශයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
ජනාධිපති මාධ්‍ය අංශයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය නජිත් ඉන්දික මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර තිබේ. වෛද්‍ය නජිත් ඉන්දික මහතා හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්වන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා ගෙන තිබේ. පසුගිය වසර පහ තුළ ඔහු විවිධ රජයේ රෝහල්වල වෛද්‍යවරයකු ලෙස සේවය…