යුක්රේනයේ සහ ලංකාවේ කිලෝමීටර් ගණනක් දිගු පෝළිම්

යුක්රේනයේ සහ ලංකාවේ කිලෝමීටර් ගණනක් දිගු පෝළිම්

යුක්රේනයත් රුසියාවත් අතර, බෙලරූස් දේශසීමාවේ, සාම කතා පැවැත්වෙද්දී, රුසියන් හමුදා යුක්රේනයේ කියෙව් අගනුවර වට කර ඇති බවත්, චන්ද්‍රිකා ඡායාරූප අනුව, රුසියන් හමුදා රථ නගරය අද්දර සිට කිලෝ මීටර් 64 ක් දුරට විහිදී තිබෙනු දකින්න ලැබෙන බවත් ඇමෙරිකාව පවසයි. ඇමෙරිකාවට කිලෝ මීටර් 64 ක් දුරට විහිදී ඇති රුසියන් සන්නද්ධ රථ, යුද ටැංකි ආදිය දකින්න ලැබී ඇත්තේ…

අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ යුරෝපා සංගමය වෙත ප්‍රභල අනතුරු ඇගවීමක්

අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ යුරෝපා සංගමය වෙත ප්‍රභල අනතුරු ඇගවීමක්

යුක්‍රේන අර්බුදය හමුවේ බටහිර රටවල හා යුරෝපා රටවල ක්‍රියාකලාපය මගින් රුසියාව උදහසට ලක් කර තිබෙනවා. එහි ප්‍රථිපලයක් ලෙස රුසියාව, අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ යුරෝපා සංගමය වෙත ප්‍රභල අනතුරු ඇගවීමක් නිකුත් කළා. ඒ අනුව රුසියාව පවසන්නේ යුක්‍රේනයේ පවතින යුදමය තත්ත්වයට මැදිහත්වී යුක්‍රේනයට සහය දැක්වීමෙන් අත්විදීමට සිදුවන බරපතල ප්‍රතිවිපාක වටහා ගැනීමට ප්‍රමාද නොවන ලෙසයි. අමෙරිකාව ප්‍රමුඛ…

selenki

බටහිර රාජ්‍යයන් රුසියාවට බය වෙයි – යුරෝපය මා තනි කළා

බටහිර රාජ්‍යයන් රුසියාවට බියවී තමන්ව තනි කර ඇතැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මහතා පවසා ඇත. නේටෝ සංවිධානය රුසියාවට බියවී කියෙව් තනි කර ඇති මේ මොහොතේ යුක්රේනයේ පිහිටට සිටින්නේ යුක්රේනය පමණක් බව සෙලෙන්ස්කි ද ඔහු පවසා ඇත. කවුද අපිත් එක්ක යුද්දෙට යන්න කැමති කවුරුත් නෑ අපිට අපි විතරයි” ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පැවසීය.

russiya-attack
|

1945න් පසු සිදුවන විශාලතම යුද්ධය ලඟදීම – 190,000ක සේනාවක් සහ බෝම්බ යානා 500ක් දැනටමත් සුදානම්

යුක්රේනය ආක‍්‍රමණය කිරීම සඳහා රුසියානු ජනපති ව්ලැඩමීර් පුටින් නියෝග කර ඇතැයි බි‍්‍රතාන්‍ය මාධ්‍ය හෙළි කර ඇත. මේ ආක‍්‍රමණය සිදු වූවොත් එය 1945න් පසු සිදුවන විශාලතම යුද්ධය වේ. මේ ගැන වාර්තා වූ විගස ආක‍්‍රමණයට පෙර වහාම ක‍්‍රියා කරන ලෙස යුක්රේනය බටහිර රටවලට ආයාචනය කර තිබේ. ඇමෙරිකානු බුද්ධි අංශ හෙළි කළේ රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීමේ සැලසුම්…

oil
|

කෝටි 55ක් පාඩු ලබන බව කියන තෙල් සංස්ථාව කෝටි 150ක බෝනස් ගෙවයි

දිනකට රුපියල් කෝටි 55ක් පාඩු ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීම සඳහා පමණක් වසරකට රුපියල් කෝටි 150ක් පමණ වැය කරන බව අනාවරණය වෙයි. සේවකයන් 5,200ක පිරිසකට වසරකට තුන්වරක් ඛනිජ තෙල් සංස්ථාව මෙසේ බෝනස් ලබා දෙයි. එසේම ඛනිජ තෙල් සංස්ථාවේ සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන් සඳහා මේ වන විටත් මාසකට රුපියල්…

sehanmalak

ෂෙහාන් මාලක අත්අඩංගුවට ගැනීමෙන් යළි කරළියට එන පසුගාමී යටත් විජිත වගන්තිය

රෝමානු කතෝලික තරුණ සිවිල් ක්‍රියාධරයකු වන ෂෙහාන් මාලක පසුගියදා අත්අඩංගුවට ගැනීම බරපතළ ආන්දෝලනයක් ඇති කර තිබේ. ඔහු වැඩිවැඩියෙන් සමාජය තුළ ජනප්‍රිය මෙන්ම බලපෑම්සහගතද වී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු විසින් ඉදිරිපත් කරන අදහස් හේතුවෙනි. බැලූ බැල්මට ඔහු අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය නීතියෙන් නියම කර ඇති නිසි ක්‍රියාපටිපාටියට පටහැනිය. පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී වරෙන්තුවක් ඇතිව මෙන්ම ඇතැම් වැරදි…

vijaya
|

විජය නම් සුන්දර මිනිසා මරා දැමූ මහින්ද නම් අවංක විප්ලවවාදියා

විජයට වෙඩි තැබූ ලයනල් රණසිංහට හා යතුරුපැදිය පැද්ද ටාසන් වීරසිංහ යන දෙදෙනාම මට හමු වී තිබේ. ලයනල් රණසිංහ මට මුලින්ම හමු වුණේ 1985දී ජවිපෙ විසින් යට්ටපාත ප්‍රදේශයේ සංවිධානය කළ සත් දින අධ්‍යාපන කඳවුරකට සහභාගි වෙද්දීය. එම අධ්‍යාපන කඳවුරේ එක් දේශකයකු වූයේ ටිල්වින් සිල්වා හෙවත් එවක සුසිල් අයියාය. එම කඳවුරින් පසු මම ජවිපෙ පූර්ණ කාලීන දේශපාලනයට…

pura
|

“රට කා දමන විෂකුරු සර්පයාගෙන් බේරීමට එක් වන්න” හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානයකගෙන් විද්වතුන්ට විවෘත ඇරයුමක්

ජනතාවට පාර පෙන්වා දී ජනයාට සරණ විය හැකි; රට පිළිගත්,එමෙන්ම දේශපාලන පක්ෂවලට ගැති නොවූ, හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදිහටත් දකින මධ්‍යස්ථ මතධාරීන් ඇතැමෙක් කුමක් හෝ හේතුවක් මත ප්‍රමාණවත් තරම් කල එළි බසින්නේ නැහැ. ඔවුන් එළි බැස ජනතාවට නිසි මඟ පෙන්වුවහොත් දේශපාලකයන් කිසිවෙකුට හා ඔවුන්ගේ වහලුන්ට කළ හැකි හා කිව හැකි දෙයක් නොමැති…

mangala
| |

අභාවප්‍රාප්ත කෘතහස්ත දේශපාලඥයකු වූ මංගල සමරවීර මහතා වෙනුවෙන් වූ ශෝක‌ යෝජනාව

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් වෛරසය අසාදනය වීම හේතුවෙන් කොළඹ, පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට 65 වන වියේ පසු විය. 1983 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර සංවිධායකවරයා වශයෙන් දේශපාලනයට පිවිසි මංගල සමරවීර මහතා, 1989දී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වශයෙන් තේරී පත් වුණි. 1994 වර්ෂයේ දී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග…

epf

වැඩ කරන ජනතාවගේ කඳුළින් දහඩියෙන් උපයා ගත් මුදලටත් බද්දක්

රුපියල් බිලියන 02 කට වඩා වාර්ෂික ලාභයක් උපයන සමාගම්වලින් සියයට 25% ක අධිභාර බද්දක් අයකර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින්  (07 ) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 2020 අපේ‍්‍රල් 01 වැනිදායින් ආරම්භ වන තක්සේරු වර්ෂයට අදාළව මෙම බද්ද අය කරගනු ලැබේ. මෙසේ බදු අය කරගනු ලබන්නේ 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතට අයත්…