gamemaraya
|

ඔන්ලයින් පන්ති නැතිවුණා… ගේම්වලට යොමු වූ පුතා ගේම් මාරයා අරන් යයි

‘ඔන්ලයින් අධ්‍යාපනයට මම දරුවට ෆෝන් එකක් අරං දුන්නා. ඔන්ලයින් නැති වුණ නිසා එයා ගේම් ගහන්න පුරුදු වෙලා. ඩේටා කාඞ් ටික හමුවුණාට පස්සෙයි ඒක දැනගත්තෙ. අනේ අම්මේ තාත්තේ වැඳලා කියන්නම් දරුවන්ට ෆෝන් නම් දෙන්න එපා. අනේ මගේ දරුවා’’ යැයි සිය එකම දරුවාගේ වියෝව දරාගත නොහැකි වූ පියෙක් හඬා වැළපෙමින් පැවසීය. බණ්ඩාරගම රයිගම, ගුන්ගමුව, හර්බට් වික‍්‍රමසිංහ මාවතේ…

petral
| |

ඔබ සුදානම්ද? මීළග වැඩි වීම…

මේ වනවිට රජය කරනු ලබන සියලු වෙළඳාම් අලාභ ඒවාය. උදාහරණයක් ලෙස, ඉන්ධන, ගෑස් වැනි දේ ආනයනය කර තොග මිලට ලබාදීම නම් සරල වෙළඳ ව්‍යාපාරය කරගන්නටවත් ආණ්ඩුවට බැරිය. මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවේ ණය ගෙවන්නට වෙනම ණය ගන්නට සිදුවී තිබේ. 2020 වසරේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 18ක් පාඩු ලැබූ බව සංස්ථාවේ සභාපති…

dr.ajith-amarasingha
|

රට නැගීමට රජෙකු සොයන රාජ මිත්‍යාව

අනේ කුහුඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ අපට නැත එන්නේ ඒ නිසාවෙනි අපි තැවෙන්නේ රජෙකු ලැබුනෝතින් කැවුම් කිරිබත් කන්ඤම් පෙරහැර කරන්ඤම් සාදු නාදෙන් ගිගුම් දෙන්ඤම් නුවර රජකම් කල ලංකාවේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පිටුවහල් කල පසු, එකල විසු කුංකුනාවේ හිමිනම කියූ කවියක් යැයි, මෙය පතලය. නන්දා මාලිනිය “පවන” ප්‍රසංගයේ ගැයූ ගීයක මුල් පද කිහිපය වූ නිසා,…

mother
|

පුතා බේර ගන්න ඉරටු සුද්ද කර ලක්ෂ 60ක් හොයන අම්මා

මුහුදට වැටුණු ලේන පැටවුන්ගේ ජීවිත බේරා ගැනීමට ලේන් අම්මකු නැට්ටෙන් මුහුද සිඳින්නට ගත් උත්සාහයක් පිළිබඳව ජාතක කතා වස්තුවක් අපි අසා ඇත්තෙමු. එදා මෙන්ම අදත් ලේන කුලයේ වීරිය වඩන අම්මා කෙනකු පිළිබඳ කතා පුවතක් අපට අසන්නට ලැබෙන්නේ ගලේවෙල බේලියකන්ද රටමිරිස් හේන ගම්මානයෙනි. සැමියා විසින් ඇයව අතහැර දමා ගොස් ඇති අතර තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවා සමඟ බොහෝ…

strick
|

මෙරට දේපල විකිණීමට එරෙහිව වෘත්තීය සමිති ජනාධිපතිට ලියයි

ජාතික ආර්ථිකයට හා ස්වෛරීභාවයට හානිකර අයුරින් ජනතා දේපළ විකිණීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව විසින් පත් කර ඇති ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තීය සමිති කිහිපයක් විසින් ජනාධිපතිවරයා ලිපියක් යවමින් ඉල්ලා ඇත. ඒ සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු සියලූ පාර්ශවයන් සමග සාකච්ඡාකර විසඳුම් ජනතාවට දැනුම්දීමට කටයුතු කරන ලෙසත් එයින් ඉල්ලා ඇත. කම්කරු දෙපාර්තමේන්තුව විසින් පත් කර ඇති ජාතික කම්කරු උපදේශක…

Habitat-for-Humanity
|

වහලක් නැති අටලක්ෂයක්

මැති ඇමැතිවරුන් වෙනුවෙන් නවතම නිවාස සංකීර්ණ ඉඳි කෙරෙද්දී ලංකාවේ ජනගහනයෙන් ලක්‍ෂ අටකට පමණ පදිංචියට නිවසක් නොමැති බව අනාවරණයවී තිබේ. “මිලියන 6 ක පවුල් වෙසෙන ලංකාවේ යම් ආකාරයක නිවසක් හිමිව ඇත්තේ පවුල් මිලියන 5.2 කට පමණක් බවත්, අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් ලක්‍ෂ අටකට ආසන්න සංඛ්‍යාවක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන අතර ඔවුන්ට නිවසක් කියා කියන්නට ආරක්ෂිත ස්ථානයක් පවා…

cyber
| |

දත්තවල වැදගත්කම හා සයිබර් ත්‍රස්තවාදය

“සංඛ්‍යානමය චින්තනය අනාගතයේදී කාර්යක්ෂම පුරවැසිභාවයක් සඳහා කියවීම හා ලිවීම තරමට ම වැදගත් වනු ඇත.” – විද්‍යා ලේඛක එච්.ජී. වෙල්ස් නූතන සමාජයේ ජීවත් වන පුරවැසියන් කියන්නේයනු දත්ත සමග ජීවත් වන ජනතාවක්. දුම්රිය කාලසටහනේ සිට, කාලගුණ තොරතුරු, වෙළඳපොළ මිළ උච්චාවචනයන් ආදී වූ දත්ත රැසක් අප එදිනෙදා භාවිතා කරනවා. ඒ අතර, කොවිඩ්-19 සම්බන්ධ දත්ත මෑත කාලයේදී ඉතා වැදගත් වුණා. අපගේ ජීවිතයට…

civil
| |

අදුරු වලාවන් මැද රීදී රේඛාවන් සොයා යාම

ලෝක සිවිල් ව්‍යාපාරයට මෙන්ම, ලංකාවේ සිවිල් ව්‍යාපාරයට ඉතා විශාල ඉතිහාසයක් තිබේ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාට අනුව 1912-1915 කාලයේ පැවති අමධ්‍යප ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ඇරඹි පැරණිතම සිවිල් ව්‍යාපාරය ලෙස සදහන් කර තිබේ. ඉන් පසුව වෘත්තීය සමිති ව්‍යාපාරයත්, 1971 කැරැල්ලෙන් පසුව ඇති වූ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයත්, ජාතීන් අතර යුක්තිය හා සාමය ඇති කිරීමේ ව්‍යාපාරය (MIRJE), ප්‍රජාතන්ත්‍රීය අයිතින්…

pulathisi

ලෝක ගුරු දිනය නමට පමණද?

රටක අද ලබන අධ්‍යාපනය එරට අනාගතයේ කැඩපතක් ලෙස සැලකෙයි.එම අධ්‍යාපනය බිම් මට්ටමේ ක්‍රියාවට යොදවන්නේ ගුරු ප්‍රජාව විසිනි. වර්තමානයේ ගුරුවරුන් නිර්මාණය කරන පාඨමාලාත් ඔන්ලයින් මගින් ම ක්‍රියාත්මක වෙයි. අපේ රටේ ගුරු අධ්‍යාපනයේ වර්තමානය ගැන  සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමයේ විධායක සභික කථිකාචාර්ය එස්.එම්.පී. බණ්ඩාර මහතා  දැක්වූ අදහස් මෙසේ සටහන් කරමු. “ලෝකයේ ඕනැම රට ගුරු…

mudith

සහල් අර්බුදයේ නොකී කතාව!

වත්මන් රජය විසින් පහුගියදා හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබුයේ මෙරට ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ලබා දීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරිමට යැයි පවසමිනි. එහිදි රජය අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක්ද පත් කරමින් සහල් වලට/ සීනි වලට උපරිම පාලන මිලක් නියම කරමින් ගැසට්ටුවක්ද ප්‍රකාශයට පත් කළහ. ඊඨ අමතරව හදිසි නීතිය පෙන්වා සඟවා තිබුණේ යැයි කියන සීනි/ සහල් ගබඩා වැ ටලීම් සිදු කළහ….