සුරකිමු ගංගා වෙනුවට වනසමු ගංගා ! කුඩා ජල විදුලි බලාගාර මාෆියාව නැවතත්
කුඩා ජලවිදුලි බලාගාර මාෆියාව ලංකාවේ තෙත් කලාපයේ සහ කඳුකරයේ දිය ඇලි, ගංගා ඇල දොළ වනසමින් කළ විනාශය පරිසරය පිළිබඳව සංවේදී වන කිසිවකුටත් රහසක් නොවේ. අප ඇතුළු පරිසර සංවිධාන විසින් දිගින් දිගටම පෙන්වා දෙන ලදුව එවක පරිසර අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ ලාල් මර්වින් ධර්මසිරි මහතාගේ මැදිහත්වීම මත විශාල වශයෙන් පාලනය කිරීමට පියවර ගැනිණ. නොයෙක් සාකච්ඡා…