‘රට බල්ලට යාම’ ගැන බොහෝ දෙනෙකු නොදත් බණ කතාවක්
“දැන් නම් රට බල්ලටම ගිහින්” ඉහත සඳහන් කියුම දැන් යළි බොහෝ දෙනෙකුගේ මුවින් පිටවනු අසන්නට ලැබෙමින් තිබේ. යම් අදහසක් ප්‍රකාශ කිරීම පිණිස සාමාන්‍ය ජනයා විසින් භාවිතා කරනු ලබන අවියත් වහරක් වන මෙමගින් පැවසෙනුයේ යමක් පිළිබඳ ඉතා නරක, පහත්, අධම හෝ පවිටු තත්වයක් එළැඹී ඇති බවකි. මෙම ජන වහර කෙසේ අප සමාජය තුළට සම්පේ්්‍රෂණය වූයේ ද…