විදෙස් සංචාරකයන් පොදු ප්‍රවාහනයෙන් ශ්‍රිපාදය වන්දනා කරයි
|

විදෙස් සංචාරකයන් පොදු ප්‍රවාහනයෙන් ශ්‍රිපාදය වන්දනා කරයි

ශ්‍රිපාදය වන්දනා කිරිමට දුම්රියෙන් පැමිණි විදෙස් සංචාරකයන් පිරිසක්  හැටන් නගරයේ සංචාරකයට එක්ව සිටින ලදි. මෙම විදෙස් සංචාරකයන් පිරිස දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානයට පැමින හැටන් නගරයේ සංචාරය කිරිමෙන් අනතුරුව පොදු ප්‍රවාහන සේවා බස් රථවලින් නල්ලතන්නියට ගොස් ශ්‍රිපාදය වන්දනා කිරිමට පියවර ගන්නා බව එම විදෙස් සංචාරකයන්ට මග පෙන්වන පුද්ගලයකු පැවසිය. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ 02ක්

පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ 02ක්

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින බවත්, මේ වන විට පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ2ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සැලසුම් කර ඇති බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පැවසීය. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 232ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් වෙන් කර ඇති බව…

ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හින්දු කෝවිලේ කුම්භාභිෂේක උත්සවය
|

ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හින්දු කෝවිලේ කුම්භාභිෂේක උත්සවය

හැටන් ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හින්දු කෝවිලේ කුම්භාභිෂේක උත්සවය මේ මස 25වන දින උත්සවාකාරයෙන් සිදු කිරිමට එම කෝවිල් කමිටුව පියවර ගෙන ඇත‍. මේ පිලිබදව අදහස් දැක්වු එම කෝවිල් කමිටුවේ නියෝජිතයකු පවසන ලද්දේ මෙම කෝවිල නවිකරණය කිරිමෙන් පසුව එහි කුම්භාභිෂේක උත්සවය මෙසේ මේ මස 25වන දින උත්සවාකාරයෙන් සිදු කිරිමට සැලසුම් කර ඇති බවත්ය. එම කුම්භාභිෂේක උත්සවය පැවැත්විමට පෙර…

කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛයා ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ දී ශ්‍රී ලංකාව සම්මානයෙන් පිදුම් ලබයි
|

කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛයා ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ දී ශ්‍රී ලංකාව සම්මානයෙන් පිදුම් ලබයි

කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛයා ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හයවන සැසිවාරයේදී (UNEA-6) ශ්‍රී ලංකාව සම්මානයෙන් පිදුම් ලැබිණි. කෙන්යාවේ නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) මූලස්ථානයේ පැවැති මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ද සහභාගී විය. පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින්…

මසුන් මැරීමට ගිය පුද්ගලයකු අතුරුදහන්
|

මසුන් මැරීමට ගිය පුද්ගලයකු අතුරුදහන්

මස්කෙළිය පොලිස් බල ප්‍රදේශයේ කැනියන් ජලාශයේ මසුන් මැරීමට ගිය අවුරුදු 36ක පුද්ගලයකු අතුරුදහන් විමක් සම්බන්දයෙන් මස්කෙළිය පොලිසිය පරික්ෂන ආරම්භ කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය හපුගස්තැන්න උඩ කොටස පදිංචව සිටි මුරුගයියා කනගේස්වරන් (අවුරුදු 36) යන අය 15වන දින දහවල් සිට අතුරුදහාන්ව ඇති බවට ඔහුගේ පවුලේ ඥතින්…

dailyreporter
| |

කාන්තාවන්ට හිංසා කල ජැක්සන්කෙනෙක් අල්ලයි

හැටන් සාමිමලේ බස් නැවතුම්පලේදි කාන්තාවන්ට හිංසාවන අකාරයෙන් හැසිරුන පුද්ගලයකු කාන්තා පොලිස් නිලධාරි උපාය දුතයකු ලෙස යොමු කර අත් අඩංගුවට ගැනිමට හැටන් පොලිසියේ නිලධාරින් පියවර ගෙන ඇත. හැටන් සාමිමලේ බස් නැවතුම් පලේ රැදි සිටින පාසල් සිසුවියන්ට හා කාන්තාවන්ට හිංසාවන අකාරයෙන් පුද්ගලයකු හැසිරෙන බවට ලද තොරතුරක් මත එය සනාත කර ගැනිම සදහා කාන්තා පොලිස් නිලධාරියක් උපාය දුතයකු…

dailyreporter

නුවරඑළිය සදතැන්න පාරිසරක උද්‍යානයේ සිට හිරු උදාව නැරබිමට අවස්ථාව

නුවරඑළිය සදතැන්න පාරිසරක උද්‍යානයේ සිට දෙස් විදේස් සංචාරකයන්ට හිරු උදාව නැරබිමේ අවස්ථාව නැවත ලබා දිමට පියවර ගන්නා බව මධ්‍යම පලාත් ආන්ඩුකාර නිතිඥ ලලිත් යු. ගමගේ මහතා පවසයි. සදතැන්න පාරිසරක සංචාරක කලාපය පිලිබදව සොයා බැලිමට හදිසි නිරික්ෂන චාරිකාවට එක්වු මධ්‍යම පලාත් ආන්ඩුකාර නිතිඥ ලලිත් යු. ගමගේ මහතා මේ බව පැවසිය. මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ලලිත්…

laksahan-dias

කොළඹ නීතිඥ සංගමයේ සභාපති සටනට නීතිඥ ලක්ෂාන් ඩයස්

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ සභාපති ලක්ෂාන් ඩයස් මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශාලතම ශාඛා සංගමය වන කොළඹ නීතිඥ සංගමයේ (Colombo Law Society) 2024 වර්ශයේ සභාපතිධූරය සදහා තරග වැදීමට නියමිතයි.

unhr unhrc members unhrc president unhrc full form unhrc mun unhrc headquarters unhrc resolution un human rights council members 2023 unhrc sri lanka
|

යුක්තියට මානව හිමිකම් කොමිසමත් මැදි වෙයි

විෂ මත් ද්‍රව්‍ය වැටලීම සඳහා ආරම්භ කර ඇති ‘‘යුක්තිය‘‘ මෙහෙයුම පිළිබඳ සමාලෝචනයක් කරන ලෙසත් මානව හිමිකම් ආරක්ෂා කරමින් එම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව එම කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා ලිස් ත්‍රොසෙල් මහත්මිය ප්‍රකාශ කළාය. මේ වනවිට යුක්තිය මෙහෙයුම යටතේ 29000 කට ආසන්න…

dailyreporter

මෙරට පවුල්වලින් සියයට 60කට වැඩි පිරිසකගේ මාසික ආදායම අඩු වෙයි

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් සියයට 60කට වැඩි පිරිසකගේ මාසික ආදායම අඩු වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ‌පෙන්වා දෙයි. මේ අර්බුදය හේතුවෙන්ම රැකියා අහිමි වූ පිරිස සියයට 14.2ක්. මේ තොරතුරු හෙළි වී ඇත්තේ ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් දිවයින පුරා කළ නවතම ගෘහස්ථ සමීක්ෂණයකින්. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කල මෙම සමීක්ෂණයට අනුව…