විකල්ප බලවේගයක් පසු පස ගොස් විනාශ විය යුතුද ? – නීතිඥ දුලාන් දසනායක

විකල්ප බලවේගයක් පසු පස ගොස් විනාශ විය යුතුද ? – නීතිඥ දුලාන් දසනායක

ශ්‍රී ලංකාවේ ජනතාව ලබන නොවැම්බර් 16 වන දින තීරණාත්මක ජනාධිපතිවරණයකට මුහුණ දෙයි. ඒ සඳහා ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද තරග වදියි. මෙවර ජාතික ජන බලවේගය ව්‍යාපාරය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හා ජාතික ජනතා ව්‍යාපාරය නියෝජනය…

රජයේ අසාර්ථකත්වයන් නිසා අප විසින්ම අපගේ දෛවය ඒකාධිපතියෙකුගේ අතට භාර නොදිය යුතුය

රජයේ අසාර්ථකත්වයන් නිසා අප විසින්ම අපගේ දෛවය ඒකාධිපතියෙකුගේ අතට භාර නොදිය යුතුය

මනිලාල් දිසානායක – විශාල අන්තරායන් ඇති කාලවලදී පුරවැසියන් නැගී සිටිනු ඇතැයි අපේක්ෂා කරනු ලබන්නේ ය. 2015 ජනවාරියේ මැතිවරණයදී, අධික මර්දනකාරී පාලනයක් තිබියදීත්, පුරවැසියන් එයට එරෙහිව නැගී සිටීමට කැමැත්තෙන් සිටි බව රහසක් නොවේ. දූෂණය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් කෝපයට පත් පුරවැසියන් එවකට පැවති පාලන තන්ත්‍රය වෙනස් කිරීමට ඡන්දය ප්‍රකාශ කළේය. වසර පහකට ආසන්න කාලයකට…

ජනාධිපතිවරණයේ වියදම  2015 සාපේක්ෂව දෙගුණය පනී
|

ජනාධිපතිවරණයේ වියදම  2015 සාපේක්ෂව දෙගුණය පනී

මෙවර ජනාධිපතිවරණය සඳහා රජය විසින් දැරීමට සිදුව ඇති වියදමද දිගින් දිගටම ඉහළ ගොස් තිබෙන බවත්,  ඒ අනුව මෙවර මැතිවරණය සදහා රුපියල් මිලියන 5500ක් ඇස්තමේන්තු කර ඇති බවත්, එය 2015 මැතිවරණයට සාපේක්ෂව දෙගුණයටක වැඩි මුදලක් බවත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. 2005 ජනාධිපතිවරණය මිලියන 712 එක් ඡන්දදායකයෙකුට රුපියල් 54ක්, 2010 ජනාධිපතිවරණය මිලියන 1825 එක් ඡන්දදායකයෙකුට රුපියල්…

ආන්දෝලනාත්මක #Padman හැෂ් ටැගය ගැන අයි.සි.සී.තරග තීරක කතා කරයි

ආන්දෝලනාත්මක #Padman හැෂ් ටැගය ගැන අයි.සි.සී.තරග තීරක කතා කරයි

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වයට හෝ ආයතනික සංස්කෘතියට පමණක් සීමා නොවිය යුතු බවත් කාන්තා අයිතිවාසිකම් ජනාධිපතිවරණ ප්‍රචාරක ගැටලුවකට වඩා වැඩි දෙයක් බවත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක, අයි.සි.සී.තරග තීරක රොෂාන් මහානාම මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුම හරහා දීර්ඝ සටහනක් යොමුකරමින් ඔහු පවසන්නේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය යනු කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට අධ්‍යාපනයට, සෞඛ්‍ය සේවා සහ…

ශ්‍රී ලාංකික සමාජය තුළ ගැඹුරින් මුල් බැස ගත් දූෂණය – රජීව ජයවීර

ශ්‍රී ලාංකික සමාජය තුළ ගැඹුරින් මුල් බැස ගත් දූෂණය – රජීව ජයවීර

ඉංග්‍රීසි භාෂාවෙහි, දූෂණය, වංචාව සහ ඥාති සංග්‍රහය යන වචන තුනෙහි අර්ථය පුළුල් ලෙස විග්‍රහ කර ඇත්තේ මෙසේය. දූෂණය: සාමාන්‍යයෙන් අල්ලස් ගැනීම හා සබැඳි වංක හෝ ප්‍රෝඩාකාරී ක්‍රියාව. වංචාව: සිතා මතාම මුළාකොට අසාධාරණ හා නීති විරෝධී ලෙස ලාභ ප්‍රයෝජන ගැනීම. ඥාති සංග්‍රහය: සුදුසුකම් පිලිබඳ තැකීමක් නොකොට, බලය සහිත තනතුරු වලට තම මිතුරන්, සගයන් හා පවුලේ අය…

අතීත අත්දැකීම් අපි ඊළඟ පරම්පරාවට කියන්නේ නැහැ

අතීත අත්දැකීම් අපි ඊළඟ පරම්පරාවට කියන්නේ නැහැ

ශ‍්‍රී ලංකාවේ පොලිසිය සහ වධහිංසාව ගැන කතා කරද්දී කාලෙකට ඉහතදී 2015 ට පෙර ඒවා ගොඩාක් සිද්ධ වුණා. සමහරුන්ට වෙඩි තියලා මැරුවා, විත්තිකරුවන්ව අරන් ගිහින් ආයුධ පෙන්වන්න කියලා ඝාතනය වීම් සිද්ද වුනා. ඒවා දැන් අඩු වෙලා තියෙනවා. නමුත් පොලිසිය තුළ දි වන වධහිංසාවල ඒ තරම් අඩුවීමක් නැහැ. ඒ ගැන ඔබේ අදහස…. යුද්ධය පැවති කාල සීමාවේ පොලිසිය…

බැරූරුම්කමකින් තොර වාර්තාවක්.. බැසිල් ප‍්‍රනාන්දු

බැරූරුම්කමකින් තොර වාර්තාවක්.. බැසිල් ප‍්‍රනාන්දු

පාස්කු ඉරිදා සිදුවූ 250 ට වැඩි පිරිසකට මරණය ගෙන ආ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳ ගෙන ආ පාර්ලිමේන්තු කමිටුව එහි වාර්තාව නිකුත් කොට ඇත. මෙම වාර්තාව කියවීමේදී ඉතා පැහැදිළිව පෙනී යන්නේ මෙවැනි විශාල බරපතල හානියක් සිදු කළ අපරාධයක් සම්බන්ධයෙන්වත් බැරුම් විග‍්‍රහයක් කිරීමට පාර්ලිමේන්තු කමිටුව කිසියම් උත්සාහයක්වත් දරා නැති බවය. අදාළ සිද්ධීන්ට බුද්ධි ප‍්‍රධානියාගේ නොසැලකීම, ආරක්ෂක ප‍්‍රධානියාගේ නොසැලකීම,…

ජනාධිපතිවරණයේ දී මාක්ස්වාදීන්ගේ ඉලක්කය මොකක්ද?

ජනාධිපතිවරණයේ දී මාක්ස්වාදීන්ගේ ඉලක්කය මොකක්ද?

රටට විකල්ප නායකයකු අවශ්‍යය යන්න කොළඹ කේන්ද්‍රීය සංවාද මණ්ඩපවල කතාවූයේ බොහෝ කලක පටන් ය. ඒ නිසා සම්ප්‍රදායික පක්ෂ දේශපාලනයට එරෙහිව මෙවර ජනාධිපතිවරණයේ දී විකල්ප දේශපාලන ව්‍යාපාරයක් බිහිවූ අතර ඊට නායකත්වය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. ජවිපෙ ඊට කැප කිරීමක් කළ අතර පක්ෂ නාමය, සලකුණ, රතුපාට පමණක් නොව පක්ෂ ප්‍රතිපත්ති පවා යම් තරමකට පැත්තකින් තැබුවේ ය. සමාජවාදී…

යාපනය ගුවන්තොටුපොළේ නාමපුවරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීමක්
|

යාපනය ගුවන්තොටුපොළේ නාමපුවරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීමක්

  යාපනය ගුවන් තොටුපළ විවෘත කිරීමේදී එහි නාම පුවරුවේ සිංහල භාෂාව දෙවන ස්ථානයට යොදා තිබීම පිළිබඳව මේ දිනවල දේශපාලන අවස්ථාවාදීන් විසින් විශාල ආන්දෝලනයක් ඇති කරමින් සිටියි. මෙය මගින් ජාතිවාදය අවුස්සමින් තමන්ගේ දේශපාලන ජයග්‍රහණයන් සඳහා එය පාවිච්චි කිරීම ඔවුන්ගේ අභිප්‍රායයි. කණගාටුවට කරුණ නම් වගකිවයුතු මාධ්‍ය ආයතනද මෙය සිය වෙබ් අඩවි මගින් දක්වා සිටියේ සිංහල භාෂාව දෙවන…

මලියදේව විදුහල්පති පිළිබඳ මානව හිමිකම් කොමිසමේ විමර්ශනය කොයිබටද?

මලියදේව විදුහල්පති පිළිබඳ මානව හිමිකම් කොමිසමේ විමර්ශනය කොයිබටද?

  වර්තමාණයේ කුරුණෑගල මලියදේව විදුහලේ විදුහල්පති ලෙස කටයුතු කරනු ලබන සමන් ඉන්ද්‍රරත්න මහතා ගේ සමහර කි‍්‍රයාකාරකම් සම්බන්ධව 2019 පෙබරවාරි මස 26 දින ලංකා ගුරු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී හෙලිදරව් විය. එම ප‍්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව මේ සම්බන්ධව තවත් තොරතුරු අප වෙත ලැබීමත්, මේ සම්බන්ධව මැදිහත්වන ලෙස ඉහත විදුහල්පතිගේ කි‍්‍රයාකාරකම් මත පීඩාවට පත්…