අස්වැසුම ගැන ඇස්වැසුම – අජිත් පැරකුම් ජයසිංහ
දිළින්දන්ට අස්වැසුම ලැබිණි. සියලු දිළින්දන්ට නොලැබුණත්, ඔවුන්ගෙන් කොටසකට ලැබිණි. කිසිදු සහනාධාර ක්‍රමයකින් ආවරණය කරන්නට බැරි තරම් ලංකාවේ දිළිඳුකම සුවිසල්ය. ශ්‍රී ලංකාවේ නිල දරිද්‍රතා රේඛාව අනුව, 2022 ජූනි මාසය වන විට එක් පුද්ගලයකුට තම මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මසකට වැය වන මුදල රු.13,421ක් ලෙස ගණනය කර තිබිණි. දරිද්‍රතාවෙන් පීඩා විඳින පුද්ගලයන් ලෙස සැලකෙන්නේ පවුලේ ආදායමෙන් මෙම…