එක්සත් ජනපද රජය විසින් පසුගියදා ඉහළ දැමූ ආනයන බදු ශ්‍රී ලංකාවේ දුර්වල ආර්ථිකයට තවදුරටත් බලපෑම් සිදු කළ හැකි බව Fitch Ratings සමාගම අනතුරු අඟවයි. ශ්‍රී ලංකාව වැනි විදේශ සංචිත අඩු සහ විදේශ ණය බර වැඩි රටවල් මෙම වෙළඳ යුද්ධයේ බලපෑම්වලට දැඩිව ලක්වනු ඇතැයි Fitch සඳහන් කරයි.
CCC+ ලෙස ශ්‍රී ලංකාවට දැනට ලබා දී ඇති ණය ශ්‍රේණිගත කිරීම අනුව, අලුත් ආර්ථික ආතති හමුවේ එය පාලනය කළ හැකි තත්වයක් නොමැති බවද Fitch පෙන්වා දෙයි. එක්සත් ජනපද බදු වැඩිවීම් හේතුවෙන් ආසියානු කලාපයේ නිෂ්පාදනය හා වෙළඳාම මන්දගාමී වුවහොත්, ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම තවදුරටත් අඩුවිය හැකිය.
එමෙන්ම, ඇමරිකානු ඩොලරයේ ශක්තිමත් වීමත් සමඟ ශ්‍රී ලංකාව මෙන් විදේශ ණය මත රඳා සිටින රටවල් සඳහා ණය සේවා වියදම ඉහළ යා හැකි බවත් Fitch අවධාරණය කරයි. රුපියල ආරක්ෂා කිරීම සඳහා මහ බැංකුව මැදිහත් වුවහොත් විදේශ සංචිත තවදුරටත් අඩුවිය හැකි බව ද Fitch වාර්තාවේ සදහන් වේ.
2022 ආර්ථික අර්බුදයෙන් පසු යළි ස්ථාවරත්වයට පත් වීමට වෙර දරමින්ද සිටින ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙමගින් තවත් අස්ථාවර වීමේ අවදානමක් පවතින බව Fitch දැනුම් දෙයි.