කෝවිඩ් 19 පාලනය සදහා දැනට ඇති ඒකම විකල්පය රෝගය වැලදී ඇතැයි සැක සහිත පුද්ගලයින් හඹාගොස් අඛන්ඩව සිදු කරන පරීක්ෂණයන් හරහා රොගීන් නිවැරදිව හදුනා ගෙන ඔවුන් සමාජයෙන් වෙන්කර ප්‍රථිකාර සදහා යොමුකිරීමෙන්  පමණක් බව පසුගිය සතියේ රිපෝටර් ගේ කොලමින් තුලින්ද පෙන්වා දුන්නෙමි.

නමුත් අවසානාවකට ශ්‍රී ලංකා රජය ඒම ක්‍රියා මාර්ග ගැනීම සදහා විශාල කාලයක් ගැනීම නිසා මේ වන විට අප රට තුළත් රෝගය වේගයෙන් පැතිරෙමින් තිබේ. වසන්ගත රෝග විශේෂඥයින් පවසන්නේ ශ්‍රී ලංකාව මෙම රෝගයේ තුන්ව අදියර වෙත පැමිණ ඇති බවයි. ඒමෙන්ම තවත් සමහර විෂේඥයින් පවසන්නේ අප මෙම රෝගයේ හතරවන අදියර වෙත පැමිණිය හොත් ඒය ඉතා භයානක තත්ත්වයකට පත්විය හැකි බවයි.

යම් පමණකට මෙම රෝග පරීක්ෂණ උපකරණ හා එම උපකරණ පරිහරනය කළ හැකි තාක්ෂණික නිලධාරීන් අප සතුව පැවතියද සෑහෙන කාලයක් යන තෙක් ඉන් උපරිම ප්‍රයෝජනයක් ගැනීමට කටයුතු නොකිරීම කිසිසේත් තේරැම් ගත නොහැකි ක්‍රියාවක් මෙන්ම  ඒය මේ රටේ සාමාන්‍ය ජනයාට ඒල්ල කළ මාරාන්තික ප්‍රහාරයක් ද වී තිබේ.

මේ සම්බන්දව අදහස් දක්වන සමහර දේශපාලඥයින් පවසන්නේ රජය මහ මැතිවරණය ඉලක්ක කරමින් කටයුතු කළ බවත්, අප්‍රේල් 19 වන දින වන විට තත්ත්වය සම්පුර්ණයෙන් පාලනය වෙනු ඇතැයි ඔහුට උපදෙස් ලැබී තිබූ බවත්ය.

ටෙස්ටින් සම්බන්ධව විශාල හඩක් නැගුවේ රජයට ඉතා හිතවත් වෘත්තීය සමිතියක් වන රජයේ ‌වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසිනි. ඔවුන් දිගින් දිගටම පවසා සිටියේ මේ සම්බන්ධව කරන පරීක්ෂණ ප්‍රමාණය වැඩි කළ යුතු බවත්, ඒ් සදහා හැකියාවක් අප සතුව ඇති බවත්ය. නමුත් ඔවුන්ගේ හඩටද  ඇහුම්කන් නොදුන් රජය සුපුරැදු ක්‍රියා මාර්ගයන් වෙත යමින් රෝගයෙන් ආරක්ෂා වීම සදහා පැය 24 පුරාම මහජනතාවට පමණක් උපදෙස් ලබා දෙනු ලැබීය.

නමුත්, සොයා ගත් රෝගීන් සමග ඉතා ආසන්නව කටයුතු කරනු ලබන විශේෂයෙන් ආරක්ෂක අංශ වෙත මෙම රෝගය වැදීමෙන් ආරක්ෂා වෙමින් අවශ්‍ය කටයුතු සිදු කර නොමැති බව වැලිසර නාවිකයන් මුහුණ දුන් ඛේදවාකය අපට හරහා පෙනේ. දැනට සොයාගෙන ඇති රෝගීන්ගෙන් තුනෙන් ඒකක් පමණ ආරක්ෂක අංශ නිලධාරීන් වීම හරහා පෙනී යන්නේ, රෝගීන් සමග කටයුතු කළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් පමණක් නොව අවශ්‍ය මූලික පහසුකම් පවා ඔවුන් වෙත නොලැබී ඇති බවයි.

More Stories