නොවැම්බර් 18 ලංකාවට විශේෂ දිනයක්, ඒ වර්තමාන අගමැති මහින්ද රජපක්ෂ මහතාගේ 75 වන ඡන්ම දිනය යෙදී තිබීමත්, සහ ඔහුගේ සොයුරු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා මේ රටේ 8 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී වසරක් සම්පුර්ණ වීමත් ඒදිනට යෙදී තිබීමත් නිසාය.
වත්මන් රජයට පසුගිය රජයට සාපේක්ෂව විශාල ජනවරමක් හිමිව තිබූ තිබේ, ජනාධිපතිවරණයේ දී හැට නම ලක්ෂයකට වැඩි පිරිසක් වර්තමාන ජනාධිපතිවරයා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර තිබු අතර, ඔහුට අවශ්‍ය පාර්ලිමේන්තුවක් ගොඩනැගීම සදහා තුනෙන් දෙකකට ආසන්න ජනවරමක්ද මෙම රාජපක්ෂවරුන් වෙත මෙරට බහුතර ජනතාව විසින් ලබා දී තිබුනි. ඊට පෙර පසුගිය රජයට නොති බූ පළාත් පාලන බලය ද මේ රජය වෙත ලබා දී තිබුනි.
ඒමෙන්ම, වත්මන් රජයේ ජානධිපතිවරයා ඇතුලු විධායකයට සුලුවෙන් හෝ යම් බලපෑමක් කළ හැකිව තිබූ යාන්ත්‍රණය ද පසුගියදා ආණ්ඩුපක්ෂයේ මෙන්ම විපක්ෂයේ සිටි මන්ත්‍රීවරු පිරිසක් ද ඒක වී සම්මත කරගන්නා ලද 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු කිරීම නිසා, වර්තමාන ජනාධිපතිවරයාට නිදහසේ පියාසර කරණ පක්ෂියෙකු සේ කටයුතු කිරීමට හැකියාව ලැබී තිබේ.
ඒනයින් බැලූ කළ රටක් පාලන කිරීමට අවශ්‍ය පුර්ණ දේශපාලන බලය වර්තමාන රජය සතුව තිබේ. ඒමෙන්ම, රාජ්‍ය ව්‍යුහයේ ප්‍රධාන මෙන්ම තීරනාත්මක තණතුරැ සදහා තම පවුලේ ප්‍රධානීන් පත්ව සිටීමත්, සමග වත්මන් රාජ්‍යය තව දුරටත් ශක්තිමත්ව තිබේ. මෙවැනි සෑම අතකින්ම ශක්තිමත් රජයක් මින් පෙර ගොඩනොනැගුණ තරම්ය.
මෙම රජයේ බලවත්ම පුරුක ලෙස හැදින්විය හැක්කේ දෙවරක් ජනාධිපතිධුරයක් දැරූ, හතරවරක් පමණ අගමැති ධුරය දැරූ ඉතා පරිණත අවුරැදු 55ක පමණ දේශපාලණ ඉතිහාසයක් තිබෙන අගමැතිවරයෙකු හා ආර්ථික හා සංවර්ධන කටයුතු මෙහෙය වීම සදහා ඒවැනිම පරිනත දේශපාලඥයෙකු තිරය පිටු පස සිට විශාල කාර්යක් සිදු කරන සහෝදරයන් දෙදෙනෙකු වත්මන් ජනාධිපතිවරයා සතු වීම නිසාය.
ඒසේ නම් මෙවැනි ශක්තිමත්, පරිණත හා රාජ්‍යයක පළමු වසර සෑම අතින්ම සාර්ථක වනු නොවනු මානය. මෙවැනි සාර්ථක තත්ත්වයන් නොපැවතියද පසුගිය බොහෝ රජයන් පළමු වසර අනෙක් වසරයන්ට සාපේක්ෂව සෑහෙන සාර්ථකත්වයක් පෙන්වා තිබුනි.
වර්තමාන රජය පළමු වසර තුළ සිදු කළ කාර්යන් කිහිපයක් ප්‍රසිද්ධ කර තිබුනි.
*නිවසක් නොමැති දුගී පවුලක් තෝරාගෙන එක් ග්‍රාමසේවා වසමකට එක් නිවස බැගින් නිවාස 14,000ක් ඉදිකර දීමේ වැඩසටහන ඇරඹීම.
*පුරාණ තාක්ෂණය හා නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය
*කඩා වැටී තිබුණු ආර්ථිකය ගොඩනැගීමට බදු සහන සහ බදු අඩුකිරීම හා දුරකථන ගාස්තු මත අය කර තිබු බද්ද 25% කින් පහත දැමීම. 15% වැට් බද්ද 8% දක්වා පහත හෙළීම.
*ජන ජීවිතය අඩාල කරන පාතාල කල්ලි මර්දනය කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහනට හසු කර ගැනීම, පාතාලය හා මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායට බලය දීම.
*දිවයින පුරා කුඩා නගර අලංකාරවත් ලෙස නවීකරණය කොට සංවර්ධනය කිරීමට පියවර ගැනීම
*මාර්තු 01 වනදා සිට වතුකම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රු 1000ක් කිරීම
*දිළිඳු හා අඩු ආදායම්ලාභීන් ලෙස හඳුනාගනු ලබන පුද්ගලයන්ට ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් ප්‍රතිස්සංකරණ කොමිෂන් සභාව සහ බිම් සවිය සමග සම්බන්ධීකරණය කර කෘෂිකර්ම සංවර්ධන සහ නිවාස හා ව්‍යාපාර වෙනුවෙන් තිස් අවුරුදු බදු පදනම් යටතේ ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීම
*රටේ සියලු මාර්ග ඉදිරි සිව් වසරකදී ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹීම, ග්‍රාමීය යටිතල පහසුකම් නැංවීමට ග්‍රාමීය මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීම – නෙළුව ලංකාගම මාර්ගය දින 90 කින් ප්‍රතිසංස්කරණය කර දීම – රත්නපුර අධිවේගයට ප්‍රමුඛතාව – කොළඹ මාර්ග තදබදයට ඉක්මන් පිළියම් – ගාලුපාරට සමාන්තර මුහුදු බඩ මග පානදුර දක්වා
*අඩු ආදායම්ලාභීන් සහ උපාධිලාභීන් සඳහා සැලසුම් කළ රැකියා එක්ලක්ෂ පනස්දහසක් ලබාදීම. උපාධිධාරීන්ට සහ අඩු ආදායම්ලාභීන් 100,000කට රැකියා ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැගීම.
*රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිෂ්පාදන ජනතාවට පහසු මිලට ලබාගැනීම සඳහා දිවයින පුරා සතොස සහ සමූපකාර සුපිරි වෙළඳසැල්වල ඖෂධ අළෙවිසැල් 100ක් ස්ථාපනයට පියවර ගැනීම.
*පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලොකු කුඩා සියලු කර්මාන්තකරුවන් රැක ගැනීමට මූල්‍ය පහසුකම් සැපයීම, ජන ජීවිතය අඩාල නොවීමට විශේෂඥ උපදෙස් අනුව සැලසුම් සකස් කිරීම, රුපියල් පන්දහසේ දීමනාවක් සියලු ජන කොටස් ආවරණය වන පරිදි ලබාදීම, ණය ගත් ව්‍යාපාරිකයන්ට සහන සැලසීම, නවෝත්පාදන නිර්මාණ සඳහා රට විවෘත කිරීම, පවතින තත්ත්වය හමුවේ කෘෂි අපනයන ආර්ථිකයකට සැලසුම් සකස් කිරීම, ඊ- අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කිරීම, දිවයිනේ සියලුම මුඩු බිම් හමුදාවේ සහය ඇතිව කෘෂි සංවර්ධනය සදහා උපදෙස් ලබාදීම, ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ ස්වයං රැකියා සඳහා යොදා ගන්නා මෝටර් රථ ඇතුළුව පහළොස් ලක්ෂයකට කල්බදු වාරික සහන ලබාදීමත් මේ අතර වේ.
*ජනාධිපතිතුමාගේ සියලු වාචික නියෝග චක්‍ර ලේඛ සේ සලකා ඉටු කිරීමට උපදෙස් දීම.
*මහජන පැමිණිලි සඳහා ජනාධිපති මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීම
තමන් විසින් සිදු කළා යැයි පැවසෙන ඉහත සදහන් කාර්යන් සසදා බැලීමේ දී විශේෂයෙන් පසුගිය රජයේ පළමු දින 100 හා අවුරුද්ද සමග සැසදීමේ දී විශාල පසුබෑමක් වත්මන් රජය පෙන්නුම් කරයි. මේ පසුබෑමට බලපෑ හේතු අතරින් පළමු වැන්න ලෙස කෝවිඩ් වසංගත තත්ත්වය හදුන්වා දිය හැක. ඒහි යම් සත්‍යයක් ද තිබේ.
නමුත්, රජය මුල් අවධියේ දී සිදු කළ ආකාරයට මේ වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට අපොහොසත් වුවහොත් ඉන් සිදු විය හැකි ජීවිත හානි මෙන්ම ආර්ථික පරිහානිය මත විශාල අර්බුද රාශියකට මුහුණ දීමට සිදු වනු නොවනුමානය.