වර්තමාන රජය පත්වී අදට දින 100කි. ඔ්නෑම රජයක ස්වර්ණමය යුගය ලෙස පළමු දින 100 හෝ පළමු මාස 6 ගණනය කරනු ලබයි.  2015 දී බලට පත් වූ යහපාලන රජයේ ස්වර්ණමය යුගය ලෙස බොහෝ දෙනෙකු විසින් සලකනු ලබන්නේ ඒම රජයෙ පළමු දින 100 යි. ඒම කෙටි කාලය තුළ සැලකිය යුතු දේශපාලනික ප්‍රථිසංස්කරණ රාශියක් ඒම රජය හරහා කර ගැනීමට මේ රටේ ප්‍රගතිශීලීන්ට හැකි විය. මෙහි විශේෂත්වය වුයේ පාර්ලිමේන්තු සුලුතරයක් සමග මෙම දේශපාළණ ප්‍රථිසංසකරණයන් සිදු කිරීමට යහපාලන රජයට හැකියාව ලැබීමයි.

වර්තමාණ රජයට ද 2015 දී පත්වු යහපාලන රජයට මෙන් පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති විය. නමුත් 2015 වසරේ දී ලැබූ ජනවරමට සාපේක්ෂව වැඩි ඡන්ද ලක්ෂ හතකට වැඩි ජනවරමකින් පත් වූ නව ජනාධිපතිවරයාට පැවති යහපාලන රජයට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමක පාර්ලිමේන්තු නියෝජනයක් පැවතුනි. ඒ් අතින් බලන කල වර්තමාන රජය 2015 පැමිණි රජයට වඩා සෑම අතකින්ම ස්ථාවර සිටී. නමුත් ඒම ස්ථාවරත්වය මත විපක්ෂයේ මන්ත්‍රීවරන්ට පවා මගහැරිය නොහැකි මට්ටමේ ප්‍රගතිශීලි කිසිදු යෝජනාවක් මෙම දින 100 තුළ වර්තමාන රජය විසින් ගෙන ආ බවක් අපට නොපෙනේ.

රාජ්‍ය ආර්ථික ගැටලු සදහා විසදුමක් ලෙස පරිපුරක ඇස්තමේන්තුවක පසුගිය දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වර්තමාන රජය විසින් උත්සාහ කරනු ලැබුවත් ඊට විපක්ෂයේ සහාය නොලැබෙන බව තහවුරැ වීම නිසා නැවත ඒය අකුලා ගත් බවට ප්‍රකාශ විය.

මීට අමතරව පසුගිය සතියේ කතා බහට ලක්වුයේ ශ්‍රී ලංකාව සම්බන්ධව ජිනිවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඇමරිකාව විසින් ඉදිරිපත් කරනු ලැබු 30/1 සහ 40/1 දරණ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම වර්තමාන රජය විසින් නතර කරන බවත් ඒ් සම්බන්ධව හෙට (26) පැවැත්වෙන කවුන්සිලයේ දී නිල වශයෙන් දැනුම් දෙන බවත් ය.

මීට අමතරව කල්මුණේ, සයින්දුමරැදු කොට්ඨාශය නගර සභාවක් බවට පත්කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් පෙබරවාරී 14, ආදරවන්තයින්ගේ දිනය දා ප්‍රකාශයට පත්විය. නමුත් ඉන් දින කිහිපයකට පසුව නැවතත් ඒම අතිවිශේෂ ගැසට් පත්‍රය අත්හිටවු බව රජය විසින් ප්‍රකාශ කරනු ලැබීය.

මෙම කරැණු හැරැණු කොට වෙනත් වැදගත් යමක් පසුගිය දින 100 තුළ සිදු බවක් වාර්තා නොවීය. නමුත් යම් අවධානය දිනාගත් සිද්ධි කිහිපයක් මෙහිලා සදහන් කළ හැක. ඒහි පළමු වැන්න ලෙස නව රජය පත්වීමෙන් පසුව උතුරැ හා නැගෙනහිර පළාත් තුළ මහවිරැ දින සැමරැම් ගණනාවක් සංවිධානය කොට තිබු අතර, ඊට රජයේ විශාල විරෝධයක් ඉදිරිපත් නොවීමත්, සමහර ආයතනයන් සදහා පත්කරනු ලැබු දූෂිත යැයි හැදින් වු නිලධාරීන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් නැවත ඉවත් කිරීමත් සම්බන්ධවත්, ජනාධිපතිවරයාගේ නිදහස්දින කතාව තුළින් මේ රටේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් ඒක හා සමානව ආරක්ෂා කරන බවට කළ ප්‍රකාශයත් සම්බන්ධව යම් ප්‍රසාදයක් රජය වෙත හිමි විය.

මේ අතර විශේෂයෙන් නව රජය පත්කිරීමට වෙහෙස වූ විශේෂයෙන් පුජ්‍ය පක්ෂය, අනෙකුත් සිවිල් කණ්ඩායම් හා අබාධිත රණවිරැවන් සමහර දේශපාලණයින් රජය ගෙන යන වැඩ පිළිවෙල සම්බන්ධව දැඩි විවේචනයන් ඉතා ප්‍රසිද්ධියේ ඒල්ල කරමින් සිටී. මෙහි දී අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීමට රජයට මෙතෙක් නොහැකිවීම සම්බන්ධව රජයේ මැති ඇමතිවරැන් පවා රජය වෙත දැඩි විවේචන ඉදිරිපත් කර තිබේ.

වර්තමාණආණ්ඩුවේ සමහර දේශපාලඥයින් මේ සම්බන්ධව ප්‍රකාශ කරන්නේ ස්ථාව ආණ්ඩුවක් නොමැති වීම නිසා මෙම තත්ත්වයට මුහුණ දී ඇති බවත්, ඉදිරි මහමැතිවරණයෙන් පසුව ස්ථාවර රජයක් පිහිටුවීමට ඔවුන් කටයුතු කරන බවත්ය. මාර්තු 01දායි පසුව ජානාධිපතිවරයා වෙත පාර්ලිමේන්තුව විසුරැවා හැරීමේ බලය ලැබෙන අතර, ඒ් අනුව බොහෝ විට ලබන අප්‍රේල් මාසයේ මහ මැතිවරණය පැවැත්වෙනු ඇතැයි ද ඉන් පසුව ඒළඹෙන  පළමු අවුරැද්ද තුළ වර්තමාණ රජයේ ස්වර්ණමය යුගය උදාකරන බව ද ප්‍රකාශ කරයි.

 

More Stories