රෙජිස්ට්‍ර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමට නියමිත නව උප්පැන්න සහතිකයෙන් ශීර්ෂ කිහිපයක් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශකර තිබුනි.

ඒම ‌වෙනස්කම් අතරට, උප්පැන්නය සහතිකය වෙනුවට – ජාතික උප්පැන්න සහතිකය ලෙස නව උප්පැන්නය නම් කිරීමත්,  සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඒය නිකුත් කිරීමත්, උපතේ දී සෑම පුද්ගලයෙකුටම අනන්‍යතා අංකයක් ලබාදීමත් සිදු වෙනවා. ඒමෙන්ම, මෙහි ක්ෂනික ප්‍රථිචාර කේතයක්, කේත අංකයක්, දිය සලකුණ හා හොලෝග්‍රෑම් ස්ටිකරයක් සහිතව රෙජිස්ටර් ජෙනරාල්ගේ අත්සන සහිතව වඩා ආරක්ෂිත කඩදාසියක ඩිජිටල් තාක්ෂණයෙන් මුද්‍රණය කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

මේ සම්බන්දව අදහස් දැක්වූ රෙජිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කලේ, 2019 දී හදුන්වාදුන් ජාතික උපැන්න සහතිකයේ පැවති අඩුපාඩු හදුනාගෙන නව ජාතික උප්පැන්නය ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන අයුරින්,  නවීන ආරක්ෂිත ක්‍රම උපයෝගී කර ගෙන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව නිර්මාණය කර ඇති බවයි.

නමුත් අදවන විට මෙම ජාතික උප්පැන්නය සම්බන්ධව විශාල විරෝධතාවයක් නිර්මාණය වී තිබේ. ඊට හේතුවී ඇත්තේ මෙම ජාතික උප්පැන්නයට ඉහත සදහන් වෙනස්කම් වලට අමතරව, සමහර ළමයින්ට අගතිගාමී ලෙස බලපෑ දෙමාපියන් විවාහක ද යන්න හා ආගම පිළිබදව විස්තර නව උප්පැන්යට ඇතුලත් නොකිරීමත්, ජාතිය යන්න වෙනුවට දෙමාපියන්ගේ ජාතිය මීට ඇතුලත් වී තිබීමත් නිසාය.

නව උප්පැන්නයේ ජාතිය හා ආගම ඇතුලත් නොවීම සම්බන්ධව ආණ්ඩුවේ සමහර පාර්ශවයන්ගෙන් හා සමහර ස්වාමීන්වහන්සේලා කිහිප නමක් තම විරෝධය මේ වන විටත් ප්‍රකාශකර තිබේ. පසුගියදා මේ සම්බන්ධව අදහස් දැක් වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ කියා සිටියේ, ජාතිකත්වය හා ආගම ඉවත්කර නව උප්පැන්නයක් හදන්න යන බව සමාජ මාධ්‍ය හරහා දැනගත් බවත්, මේ ගැන ජනාධිපති හා අගමැතිවරයා දැනුවත් කළ බවත්ය. ඒමෙන්ම ඔහු කියා සිටියේ, ඔය කියන නිලධාරීන් පරණ සංකල්පවල සිට තවමත් කටයුතු කරන බවත්, වර්තමාන නායකත්වය යටතේ ඒවැනි වෙනස්කමක් සිදු කිරීමට කිසිසේත් ඉඩ නොතබන බවයි.

මේ සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරන අරඹෙපොල රතනසාර ස්වාමීන්වහන්සේ.., ගොඨාභය පාලනය මේ සැරසෙන්නේ සිංහලයා මිනී පෙට්ටියට ඔබා අවසන් ඇණය ගැසීමටද…? යැයි විමසයි. උප්පැන්නයෙන් ජාතිකත්වය ඉවත් කිරීම තුළින් සිංහල ජාතිය අතුගා දැමීමේ සැලැස්මක් ඇති බවත්, මෙවැනි තීරණයක් ගනු ලැබුවොත් සිංහලයන් විසින් ජනාධිපති අසුනට ඔසවා තැබුවා මෙන්ම ඔබව පහතට හෙලීමද ඔවුන් කටයුතු කරනු ඇතිබවට ද අනතුරැ අගවයි.

රෙජිස්ටර් ජෙනරාල්වරයා විසින් ඉදිරිපත්කර ඇති  මෙම යෝජනා කාලයක සිට සාකච්ඡා කර පැමිණි ඒකගතාවයන් අනුව සිදු වූ ඉතා ප්‍රගතිශීලි යෝජනාවන් ලෙස හැදින්විය හැක. නමුත්, තමුන් විසින්ම උත්කර්ශයට නැන් වූ බලවේගයන් විසින් ඉදිරිපත් කෙරෙන මෙම විරෝධයන්ට මුහුණ දීමට වර්තමාන ජනාධිපතිවරයාට කොපමණ දාරිතාවයක් තිබේදැයි යන්න දැක බලාගැනීමට ඉදිරියේ දී හැකි වෙනු ඇත.

Similar Posts