කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පාලනය කිරීමට ලෝකයේ ඉහලම තාක්ෂණය සහිත විෂේශඥයින් ගෙන් සමන්විත කිසිදු රටකට මෙතෙක් නොහැකි වී තිබේ. අද වන ඒම රටවල් මුහුණ දී ඇති භායානක තත්ත්වය සම්බන්ධව මුලු ලෝකයම කම්පා වේ. ලෝකයේ දියුණුම සෞඛ්‍ය පහසුකම් සහිත මෙම රෝහල් අද වන විට කොරෝනා රෝගීන්ගෙන් පිරී ඉතිරි ඇති අතර, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා අත්‍යවශ්‍ය උපකරණ නොමැති වීමත් රෝහල් ධාරිතාවයන් ප්‍රමාණවත් නොවීමත් නිසා 10% ක පමණ ප්‍රථිශතයක් කොරෝනා රෝගය වැලදීමේ අවදානමකට ද පත්වී සිටී.

නමුත්, ඒම රටවල් තුළ කොරෝනා රෝගීන් මෙතරම් විශාල වශයෙන් සොයා ගැනීමට හැකි වී තිබෙන්නේ, රෝගය වැලදී රෝගියා රෝහලට පැමිණෙන තෙක් නොඉද, සෞඛය කාර්ය මණ්ඩල ඒරට සිටින රෝගීන් සොයා යාමට කටයුතු කිරීම නිසාය.

මෙම රෝගය පාලනය සදහා දැනට ඇති ඒකම විසිදුම ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයත්, අනෙකුත් වෛද්‍ය විශේෂඥයින් නිර්දේශ කරන්නේ රෝගය වැළද ඇතැයි සැක කෙරෙන අය ‌වෙත ගොස් පරීක්ෂණ සිදු කර, අන් අයට රෝගය පැතිරවීම පාලනය කිරීමයි.

මේ වන විට ඉහත රටවල් තුළ විශාල වශයෙන් රෝගීන් වාර්තා වීමට පටන් ගෙන ඇත්තේ සොයාගත් රෝගීන්ට ප්‍රථිකාර ලබා දෙන ගමන් රෝගය වැලදී ඇති බවට සැක කරනු ලබන සියලුම අය පරීක්ෂාවට ලක්කිරීම නිසාවෙනි.

මේ වන විට වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තාවන ඇමරිකාව රොගීන් 763,832 සොයා ගැනීම සදහා පරීක්ෂණ 3,861,549 පවත්වා තිබේ. ඉතාලිය තුළ රෝගීන් 178,972 සදහා පරීක්ෂණ 1,356,541 පවත්වා තිබේ. ජර්මනිය රෝගීන් 145,742 සොයා ගැනීම සදහා පරීක්ෂණ 1,728,357 පවත්වා තිබේ.

ඒ් ඇමරිකාව ඇතුලු යුරෝපීය රටවල් විසින් සිදුකර ඇති ක්‍රම වේදයයි. ආසියානු රටවල් පවා මේ ක්‍රමය ඉතා සාර්ථකව අනුගමන කරමින් සිටිනා අතර, ඉන්දියාවේ රෝගීන් 17,615 වාර්තා වන විට  පරීක්ෂණ 401,586 පවත්වා තිබේ. නේපාලය රෝගීන් 31 දෙනෙකු සොයා ගැනීම සදහා පරීක්ෂණ 29,567 පවත්වා තිබේ. භූතානය රෝගීන් 5ක් සොයා ගැනීම සදහා පරීක්ෂන 8,107 පවත්වා තිබේ. මේ වන විට පරීක්ෂණ ඉතා සාර්ථකව පවත්වාගෙන යන ආසියාතික රට වන්නේ වියට්නාමයයි. ඒහි රෝගීන් 268 ක් වාර්තා වන විට සිදු කළ ඇති පරීක්ෂන ප්‍රමාණය 206,253 කි.

නමුත් මෙම ක්‍රමය අප රට තවමත් අනුගමනය කරනු බවක් නොපෙනේ. ලංකාවේ රොගීන් 271 දෙනෙකු සොයා ගැනීම සදහා මෙතෙක් පවත්වා ඇති පරීක්ෂණ ප්‍රමාණය 6,463කි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා දිගින් දිගටම ප්‍රකාශ කරනු ලබන්නේ අප සතු සියලුම උපකරණ භාවිතා කරමින් පරීක්ෂන වේගවත් කළ යුතු බවයි. මීට සුමාන දෙකකට පමණ පෙර ඔවුන් පැවසුවේ හදුනාගත් රෝගීන් සමග පළමු දෙවන හා තුන්වන ස්පර්ෂ කරැවන් සියලුම දෙනා පරීක්ෂා කරනු ලැබුවත් ඒම ප්‍රමාණය පනස් දහසකට නොඉක්මන වන බවයි. නමුත් අද ඒම ප්‍රමාණය ලක්ෂය ඉක්මවා තිබෙන්නට පුලුවන.

ඊයේ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් සොයාගත් රෝගීන් දෙස බැලීමේ දී පෙනී යන්නේ අදාල ස්පර්ෂ කරැවන් හදුනාගෙන පරීක්ෂණ නිසි වෙලාවෙදී සිදු නොකල නිසා මෙම තත්ත්වය උදා වී ඇති බවයි. මාධ්‍ය වාර්තා කළ ආකාරයට ඒක් අයෙකු විසින් තවත් දොලොස් දෙනෙකුට මෙම රෝගය ලබා දී තිබේ. කොළඹ තට්ටු නිවාස හා පැල්පත් නිවාසයන් වෙත මෙම රෝගය මෙසේ පැතිර ගියහොත් ඉන් සිදු විය හැකි විනාශය කිසිවෙකු අපේක්ෂා නොකරන්නක් විය හැක.

More Stories