SRI LANKA-POLITICS-VOTE

පාර්ලිමේන්තු කාලය අවසන්වීමට මාස 6ක් තිබිය දී ජනාධිපතිවරයා සතු බලතල උපයෝගී කරගනිමින්, ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව විසුරැවා හැරීම බලය තමුන්ට ලැබුනු දිනයේම, වර්තමාන ජනාධිපතිවරයා විසින් පසුගිය මාර්තු 2 දා පාර්ලිමේන්තුව විසුරැවාහරිනු ලැබීය. නව පාර්ලිමේන්තුව රැස්වන දිනය ලෙස මැයි 14 දින බවට ඒම ගැසට් පත්‍රයේ සදහන් කර තිබුනි.

ඒ් අනුව මහ මැතිවරණය පැවැත්වෙන දිනය අප්‍රේල් 25 දිනයත්, නාම යෝනා භාරගන්නා අවසාන දිනය මාර්තු 19 දිනයත් මැතිවරණ කොමිසම විසින් නම්කරනු ලැබීය.

මේ අතර පළමු කොරෝනා ආසාදිත චීන කාන්තාව ජනවාරි 27 වන දින ලංකාවෙන් වාර්තා වු තර, මාර්තු 11 වන දින දෙවැනි කොරෝනා ආසාදිතයා ශ්‍රී ලංකික රෝගීයා වාර්තා විය. මාර්තු 11 සිට මැයි 18 වන විට ලෝකයේ අනෙක් රටවල් පරදවා වැඩිම කොරෝනා රොගීන් ප්‍රමාණයක් ලංකාවෙන් වාර්තා වු අතර ඒම ප්‍රමාණය 52ක් විය.

කොරෝනා වෛරසය ලෝකය පුරා සීග්‍ර ලෙස පැතිරෙමින් තිබු අතර, ශ්‍රී ලංකාව තුළද මෙම වෛරසය වේගයෙන් පැතිරීම නිසා, විපක්ෂයේ සියලුම දේශපාලණ පක්ෂ මෙන්ම, අනෙකුත් ප්‍රගතිශීල බහු ජන සංවිධාන බොහොමයක් රජයෙන් ඉල්ලා සිටියේ මෙම තත්ත්වය තුළ මහ මැතිවරණය කල්දමා කොරෝනා මර්ධනය සදහා මුලු අවධානය යොමු කරන ලෙසයි.

නමුත් රජය කල්පනාව වූයේ වර්තමානයේ පැවැති විපක්ෂයේ බෙදීම් හා දුර්වලතා උපයෝගී කරගනිමින්, රජයට පක්ෂපාතී ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම සදහා හැකි ඉක්මනින් මහ මැතිවරණය පවත්වා තම බලය තහවුරැක කර ගත යුතු බවයි. රජයේ සමහර දේශපලණඥයින් ප්‍රකාශ කර සිටියේ මේ අවස්ථාවේ ඔවුන්ට 2/3 බලයක් ලබා ගැනීමට හැකි බවයි.

කෙසේ හෝ රජය සැලසුම් කළ පරිදි නම යෝජනා ක්‍රියාවලිය අවසන් කර ඉක්මින් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සියලුම පියවර ගනු ලැබීය. නමුත්, මැතිවරණ කොමිසම නාම යෝජනා ලබා ගැනීමෙන් පසුව තමුන්ට පැවරී ඇත බලතල අනුව ඡන්දය පැවැත්වීම දින නියමක් නොමැතිව කල් දමනු ලැබීය. දැන් ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ පවතින තත්ත්වය තුළ මහ මැතිවරණය මැයි මස අවසන් සතියේ දී වත් පැවැත්විය නොහැකි බවයි. ඒ අනුව  ජනාධිපතිවරයාගේ ගැසට් පත්‍රය අනුව මැයි මස 14 දින පාර්ලිමේන්තුව කැදවීමටත් නොහැකි නිසා මේ පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මේ අතර, අවශ්‍ය නම් නැවත පාර්ලිමේන්තුව කැදවීමේ බලය ජනාධිපතිවරයා සතුව ඇති බව පෙන්වා දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින්, මෙම හිදිසි තත්ත්වය තුළ පාර්ලිමේන්තුව කැදවීම ඉතා අවශ්‍ය බවත්, රට හමුවේ ඇති මෙම අභියෝගයට මුහුණ දීම සදහා රටට අවශ්‍ය නීතිරීති පාර්ලිමේන්තුවේ සම්මත කරවා ගැනීමටත්, මේ සදහා අවශ්‍ය අරමුදල් වෙන්කරවා ගැනීමත් සදහා පාර්ලිමේන්තුව කැදවා ගැනීම ඥාණාන්විත ක්‍රියාවක් බවත් පෙන්වා දී තිබේ.

ඒමෙන්, ඔවුන් පෙන්වා දෙන්නේ දැනට රජයට අවශ්‍ය අරමුදල් ලබා ගැනීමට හැකි වී තිබෙන්නේ ඒකාබද්ද අරමුදලින් පමණක් බවත්, ඒයත් පසුගිය රජය සම්මත කරනු ලැබූ අතුරැ සම්මත ගිණුමේ මුදල් හරහා බවත් ය. නමුත්, ඒම අතුරැ සම්මත ගිණුම ලබන අප්‍රේල් 13 වනදායින් පසුව අහෝසි වන බැවින් ඉන් පසුව රජයට අවශ්‍ය මුදල් වෙන්කරවා ගැනීමට පාර්ලිමේන්තුව කැදවීම අත්‍යවශ්‍ය කරැනක්ව පවතින බවයි.

Similar Posts