ලබන මැයි 11 වන දා සිට රට නැවත විවෘත කිරීමට රජය තීරණය කර තිබේ. ලංකාවේ පාසැල් ද ලබන  මැයි 11 වනදා සිට විවෘත කිරීමට මීට පෙර රජය තීරණය කර තිබුන ද පසුව ඒය වෙනස් කර තිබේ. මෙතෙක් ලංකාව තුළ පමණක් නොව ලෝකයේ අනෙක් රටවල් තුළත් කොරෝනා රෝගීන් වර්ධනයෙහි  කිසිදු අඩුවක් නොපෙන්නුවත්, ලෝකය බොහෝ රටවල් කල්පනා කරනුයේ යම් කිසි අවධානමක් ගෙන හෝ තම රටවල් නැවත විවෘත කළ යුතු බවයි.

ප්‍රංශ ජනාධිපතිවරයා ද ලබන මැයි මස 11 දා සිට තම රට නැවත විවෘත කිරීමට තීරණය කර ඇති බව මාධ්‍යයට ප්‍රකාශ කළාය. නමුත්, සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධව ගෙන ඇති පියවර පිළිබදව තවමත් සෑහීමකට පත්විය නොහැකි බවත්, මේ වන විට ප්‍රංශය තුළ කොරෝනා වෛරසය යම් කිසි පාලනය කළ හැකි මට්ටමක  පවතින බැවින් රට නැවත විවෘත කිරීම මගින් පවතින තත්ත්වය නැවත වෙනස් කළ හැකි බවට ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය විසින් එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබුනි. ඒ අනුව ප්‍රංශය නැවත විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් ගොස් තිබේ.

මේ අතර, ලෝක නිෂ්පාදන හා  අර්ථික ක්‍රියාවලිය මෙසේ තව දුරටත් අඩපන කර තැබුවොත් ඉන් ඇති වන ප්‍රථිවිපාකය කොරෝනාවට වඩා දරැණු විය හැකි බවයි ආර්ථික විශේෂඥයින් පවසයි. මෙසේ දීර්ඝ කාලයක් තිස්සේ රටවල් වසා දැමීම නිසා ඇති වන සමාජ හා ආර්ථික පිරිවැය අති විශාල වීම නිසා ඒය බොහෝ රටවලට දැනටමත් දරා ගැනීමට නොහැකි මට්ටමට පත්වී තිබේ.

ශ්‍රී ලංකාවත්, දැනටමත් විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති අතර, අපගේ ප්‍රධාන ඉපැයුම් මාර්ග ලෙස සැලකෙන, ඇගලුම්, සංචාරක හා විදේශ ගත ශ්‍රමිකයන් ගෙන ලැබෙන ආදායම් ඇතුලු සියලුම ආදායම් මාර්ගමේ වන විට සම්පුර්ණයෙන් අඩපන වී තිබේ. ඒමෙන්ම, තවත් සෑහෙන කාලයක් යන තෙක් ඒම ආදයම් මාර්ග  නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකි මට්ටමට පත්ව තිබේ.

ඒක පැත්තකින්, මෙම තත්ත්වයට මුහුණ දීම සදහා රටවල් විවෘත කර නිශ්පාදන ක්‍රියාවලීන් නැවත සක්‍රීය කිරීම ඇතුලු ඒදිනෙදා කටයුතු පවත්වාගෙන යා යුතුව තිබේ. ඒමෙන්ම, රටවල් නැවත විවෘත කිරීම නිසා දැනට යම් කිසි පාලනයක පවතින මෙම වෛරසයේ කිසියම් තැනකින් පාලනය ලිහිල් වුවහොත් ඒම තත්ත්වය පාලන කිරීම සදහා ද සමහර විට ඊටත් වඩා වැඩි පිරිවැයක් දැරීමට ද සිදු වනු ඇත.

ලොව පුරා සිටින බොහෝ රාජ්‍ය නායකයින් තම රටවල් විවෘත කළ යුතු බවට ප්‍රකාශ කරනුයේ මෙම ‌වෛරසය පාලනය කිරීම සදහා තවත් බොහෝ කාලයක් ගතවනු ඇති බවට වෛද්‍ය විශේෂඥයින් පවසා සිටීම නිසාය. වෛරසය පාලනය කිරීම සදහා සුදුසු ඒන්නතක් සොයා ගැනීමට අවම වශයෙන් තවත් මාස 6 කට වැඩි කලක් ගත වනු ඇතැයි ඔවුන් පවසයි.

More Stories