හොදි පැකට් එක අගේ හලාගන්නේ නැතිව පාවිච්චි කිරීම ගැන සිරිසේන ජනධිපතිවරාගේ ජනපි‍්‍රය කියමනක් තිබුනි. ඔහු වරක් කියා සිටියේ මමත් අගමැති තුමත් හොදි පැකට් එක අගේ හලාගන්නේ නැතිව වැඬේ කළ බවයි. නමුත් ඒ කතාව කියා කට ගන්නා ලැබුනේ නැත. හොදි අගේ හලා ගත්තා පමණක් නොව නාගන්න අවස්ථාද එමට තිබුනි. දෙදෙනා අතර පැවති විරසකයට වටේ පිටේ සිට අය පෙට්ට‍්‍රල් වක්කරමින් සහාය දැක්විම නිසා, වරෙක ආණ්ඩුව රෙදි නැතිව දගල සේයාවක් රටට පෙනින.

2014 නොවැම්බර් මාසයට පෙර මෛතී‍්‍රපාල සිරිසේන ගැන සමාජයේ එතරම් කතා බහක් නිර්මාණය වී නොතිබිනි. ඉන් පෙර උද්ඝෝෂණ, පෙලපාලි, පිකටින් වැනි මහජන කි‍්‍රයාකරම් පමණක් නොව වෙනත් කිසිදු සමාජ කි‍්‍රයාකාරීත්වයක් සමග කි‍්‍රයාකාරී සම්බන්ධයක් ඔහුට නොතිබුනි.

නමුත් නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස රාජපක්ෂ රෙජීමයෙන් කැඞී විත්, 2015 වසරේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහු තරග වදින බවට කළ ප‍්‍රකාශයත් මේ රටේ බහුතරයක් ජනයා දැත් ඔසවා ඔහු පිළිගනිමින් විශාල කැපවීමක් හා වෙහෙසක් දරමින් ජනාධිපති පුටුවේ වාඩි කරවූහ.

ඔහු ඒ පුටුවේ වාඩි කරවීමට, මේ රටේ හැට දෙලක්ෂයකට අධික මහජනයා සමග රනිල් වික‍්‍රමසිංහ සමග එජාපය, චන්ද්‍රිකා බණ්ඩාරනායක, පුජ්‍ය මාදුලූවාවේ සොභිත හිමියන්, රාජිත සේනාරත්න, දෙමළ ජාතික සංධානය, ජනතා විමුක්ති පෙරමුණ හා අනෙකුත් ප‍්‍රගතිශීලී සියලූ සිවිල් සංවිධාන ඇතුලූ අනෙකුත් සුලූ පක්ෂ ඔහු පිළිබදව කිසිදු අවිශ්වාසයක් නොතබා ඔහුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඉතා කැපවීමෙන් කටයුතු කරනු ලැබීය. ඉහත සදහන් කිසිවෙකු ඉතා සුලූ අතපසුවීමක් හෝ අඩු කැපවීමක් කරනු ලැබුවේ නම් ඔහු පැවසූ පරිදි රියන් 4ක් යට සැතපීමට ඔහුට බොහෝ ඉඩ තිබුනි.

නමුත්, මෙම කැපකිරීම හා පරිත්‍යාගය සතපහකට මායිම් නොකරමින් ඔහුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කළ මේ සියලූම දෙනා අමතකරමින් ඔහුට ඡුන්දය දුන් මේ රටේ හැට දෙලක්ෂයකට වැඩි වූ ජනතාවට කොකා පෙන්වමින් 2015 පරාජය කරනු ලැබූ ප‍්‍රථිවිරුද්ධ කණ්ඩායම් හා එක් වී කටයුතු කිරීමත්, ඔවුන් සමග ආණ්ඩු කිරීමට යාමට උත්සාහ කිරීමත් නිසා 2015දී ඔහුගේ ජයග‍්‍රහණයට කටයුතු කළ සියලූ බලවේග එක්වී 2018 දී ඔහුව පරාජය කරනු ලැබීය.

2015 දී ඔහුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැප වූ සියලූම දෙනා අද ඔහුව පිළිකුලෙන් යුතුව ප‍්‍රථික්ෂේප කරන පුද්ගලයෙකු මෙන්ම කිසිම ලෙසකින් විශ්වාස කල නොහැකි සත්වයෙකු ලෙසට නමක් තබා ගෙන 2019 නොවැම්බර් 18 හෝ 19 වන දින දේශපාලන දිවියෙන් සමුගැනීමට නියමිතව ඇත.

Similar Posts