කොරෝනා වෛයිරසය ඉතා සීග්‍රයෙන් ලෝකය පුරා පැතිරෙමින් පවතී. ඒය සාර්ථකව පාලනය කිරීමට කිසිදු රටක් මෙතෙක් නොහැකිව තිබේ. ලොව පුරා රටවල් 119ක අද වන විට මෙම රෝගය පැතිරී ඇති අතර, වෛරසයට ගොදුරැ වු සංඛ්‍යාව 120,000 කට ආසන්න වී තිබේ.  

මීට මසකට පමණ පෙර චීනයෙන් හුබේ ප්‍රාන්තයෙන් සොයාගත් මෙම වෛරසය අද වන විට චීනයේ ප්‍රධාන නගර ගණනාවකට පැතිරී ඉන් අසුදාහකට වැඩි පිරිසකට මෙම වෛරසය ආසාදනය වී තිබේ. ඉන් මිය ගොසේ ඇති ප්‍රමාණය 3158 බව චීන රජය පවසයි. ඒමෙන්ම තම රට තුළ මෙම වෛරසය පැතිරීම පාලණය කර ඇති බවත් චීනය පවසන අතර, ඊයේ (10) වන විට අලුත් රෝගීන් වාර්තා වීම 24 දක්වා පහල බැස ඇති බව ඔවුන් පවසයි. නමුත් ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ චීනයේ තත්ත්වය මීට වඩා බරපතල බවත්, සුපුරැදු පරිදි සත්‍ය තොරතුරැ ඔවුන් වසන් කරන බවත් ය.   

චීනය හැරැණු කොට මෙම රෝගය දරැණු ලෙස පැතිරමින් තිබෙන්නේ ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානය යන රටවල් තුළය. චීනය හැරැණු විට වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉතාලියෙනි. ඉතාලිය තුළ රෝගීන්  10,149 ක් වාර්තා වන අතර ඉන් රෝගීන් 631 දෙනෙක් මේ වන විට මියගොස් තිබේ. ඉරානයෙන් රෝගීන් 8042 ක් සොයාගෙන ඇති අතර ඉන් 291 දෙනෙකු මේ වන විට මියගොස් තිබේ. දකුණු කොරියාවේ රෝගීන් 7755 සොයාගෙන ඇති අතර ඉන් 60 දෙනෙකු මියගොස් තිබේ.

මේ අතර, මෙම නව කොරෝනා වෛරසය අවම වශයෙන් වසරක පමණ කාලයක් පවතිනු ඇති බවත් ඊට මුහුණ දීම සදහා ලොව පුරා රටවල් සූදානම් විය යුතු බව සිංගප්පූරුවේ විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා පවසා තිබේ.

චීනය මුහුණ දුන් මෙම හදිසි තත්ත්වය හේතුවෙන් චීන නිෂ්පාදන හා සේවා මත යැපෙන බොහෝ රටවල් විශාල අර්බුදයකට මුහුණ දී සිටින අතර, සමහර නිෂ්පාදන අමුද්‍රව්‍ය නොලැබීම නිසා දැනටමත් සමහර කර්මාන්ත පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයට පත්ව තිබේ. ඒමෙන්ම බොහෝ ගුවන් සමාගම් කොරෝනා පැතිරී ඇති රටවලට තම ගුවන් ගමන් නවතා දැමීම නිසා ද විශාල අර්බුදයකට මේ වන විට මුහුණ ඇත.

මේ වෛරසයට මුහුණ දීම සදහා ලංකාවේ ඇති සුදානම පිළිබද සෞඛ්‍ය බලධාරීන් මාධ්‍ය හරහා විවිධ අදහස් දැක්වූ අතර, මේ සම්බන්ධව ඔවුන්ගේ ඇති සූදානම පිළිබදව අපි සතුටට පත්වුයෙමි. ඒමෙන්ම, ලංකාවෙන් හමු වූ පළමු කොරෝනා ආසාදිත චීන කාන්තාව ඉතා ඉක්මනින් සුවකර, ආගන්තුක සත්කාරයෙන් පුද දී, අප සෞඛ්‍ය ඇමතිනිය ඇය වැලද ගැනීමෙන් පසුව ඇයගේ මව් රටට පිටත්කර යැවීම පිළිබද අප ද ආඩම්බරයට පත්වුයෙමි.

නමුත්, දකුණු කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලංකික තරැණයින් පිරිස නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීම සදහා සේඛ්‍ය බලධාරීන් ගත් ක්‍රියා මාර්ගයන් හා නිරෝධායන මධ්‍යස්ථානයන් හි ක්‍රියාකාරීත්වය පිළිබදව ඔවුන් විසින් ම සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද වීඩියෝ පටයෙන් අපගේ කොරෝනා නිරෝධායන ක්‍රියාවලිය පිළිබදව ලඡ්ඡාවට, කණාගාටුවට හා  බියට පත් වුයෙමු.

නමුත්, මෙම වෛරසය සෙල්සියස් අංශක 26-27ත් අතර දී විනාශ වන බව දැනගත් නිසා, මේ දිනවල  ලංකාවේ පවතින දැඩි නියගය හේතුවෙන් ලංකාවේ උෂණත්වය සෙල්සියත් අංශක 32 ඉක්මවා ඇති නිසා සොබා ධර්මය විසින් අපව ආරක්ෂා කිරීම සදහා මෙවැනි කාලගුණික විපර්යාසයක් අප වෙනුවෙන් ඇති කර ඇතැයි කියා හිත හදාගෙන සිටියෙමු.

නමුත් මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රථම ශ්‍රී ලංකිකයා වාර්තා වු බවත්, ඔහු කොළඹ අයිඩීඒච් රෝහලේ ප්‍රථිකාර ලබන බවත් අද මාධ්‍ය මගින් වාර්තා විය. ඒ් අතර, පසුගිය දින කිහිපය පුරා  පිලිකා, වකුගඩු රෝග ඇතුලු ප්‍රධාන රෝග සදහා අත්‍යාවශ්‍ය ‌‌‌‌‌ඖෂධ දැනටමත් රෝහල්වල නොමැති බවත් වාර්තා විය. ඒමෙන්ම, කොරෝනා ඒන්න පෙර නිරෝධායන මධ්‍යස්ථානයක් වත්තල ප්‍රදේශයේ ගොඩනැගීමට විරැද්ධව ආගමික පූජකයින්ම මූල් තැන ගැනීමත් සමගම අප රටට කොරොනා පැමිණියොත් ඇතිවිය හැකි තත්ත්වය පිළිබදව නම් බැරෑරැම්ව කල්පනා කළ යුතුය.

More Stories