ප්‍රථම වතාවට ඊයේ (10) කෝවිඩ් 19 ආසදිත රෝගීන් 300 දෙනෙකු වාර්තා විය. මෙහි තත්ත්වය බරපතල  වන්නේ නිරෝධයන මධ්‍යස්ථානය තුළ දී මෙම වෛරසය අන් අයට පැතීරී ඇති බවට දැන ගන්න ලැබීම නිසාය. රජයේ වෛද්‍ය නිලධාරීනගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත පැවසුවේ ඒම මධ්‍යස්ථානය තුලදී මීට පෙර දින දෙසීයකට වැඩි ප්‍රමාණයකට රෝගය වැලදී ඇති බවට පරීක්ෂණ හරහා තහවුරැ වී තිබුනත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින්  ඒම සත්‍ය තොරතුරැ කුමක් හෝ හේතුවක් මත මාධ්‍යය වෙත ලබා දීමෙන් වැලකී සිටි බවයි. කෙසේ වුවත් ටිකෙන් ටික රට නැවත යථාතත්වයට පත්වෙමින් පැමිණි මේ මොහොතේ මෙවැනි තත්ත්වයක් ඇති වීම මුලු රටම විශාල ව්‍යාකූලත්වයකට පත් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම පැවසුවේ රටවල් නැවත විවෘත කරන විට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් නිර්දේශ අකුරට පිළිපදිමින් ඒය සිදු කළයුතු බවයි. ඒමෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ කොරෝනා දෙවැනි රැල්ලක් ව්‍යාප්ත වෙමින් පවතින නිසා ඒ පිළිබදව විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙසත් අවධානම අඩු කිරීම සදහා දිගින් දිගටම පරීක්ෂණය සිදු කරන ලෙසයි.

පසුගිය කාලය තුළ අප රට තුළ කොරෝනා පැතිරීම සැහෙන දුරකට පාලනය වීම තුළින් මාස කිහිපයක් තිස්සේ සමාජය තුළින් කොරෝනා අසාදිත රෝගීන් හමු නොවීමත් හේතුවෙන් මේ උපදෙස් සෑහෙන පමණකට පිළිගෙන ඒවා ක්‍රියාත්මක කර තිබු බව නම් පිළිගත යුතුය. ඒ් සදහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශයන් හි තිබු කැපවීමත් ඒ සදහා ජනතාවගෙන් ලැබුන සයෝගයත් අගය කළ යුතුය.

නමුත් තොන්ඩමන් මහතා ගේ අවමංග්‍ය උත්සවයේ සිට, මේ වන විට ක්‍රියාත්මක මැතිවරණ ප්‍රචාරක වැඩසටහන් දෙස බැලු විට පෙනී යන්නෙ රට තුළ කිසිදු කොරෝනා වසංගත අවධානමක් නොපවතින බවයි. සමහර මැතිවරණ රැස්වීම් වල මීටරේ නොව සෙන්ටිමීටරේ දුරින් වත් සමජ දුරස්ථර භාවයන් පවත්වාගෙන යන බවක් අපට නොපෙනුනි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ කෝවිඩ් වසංගතය මර්ධනය සදහා පත් කළ කාර්යසාදක කමිටුව මසකින් රැස්වී නොමැති බවයි. ඒමෙන්ම රජයේ වෛද්‍ය නිළදාරීන්ගේ සංගමය පවසන්නේ මේ සම්බන්ධව සිදු කරන නියදි පරීක්ෂණය ඉතා පහත් මට්ටමක පවතින බවත් ඒම ප්‍රමාණය 2500 සිට 5000 දක්වා වර්ධනය කළ යුතු බවයි. දෙකෝටි විසිලක්ෂයකට ආසන්න ජනග්‍රහණයක් සිටින අප තවත් පරීක්ෂන සිදු කර තිබෙන්නේ ඒක්ලක්ෂ පහලොස්දහසකට ආසන්න ප්‍රමාණයක් පමණි. මෙය කොවිඩ් සාර්ථකව පාලනය කරමින් සිටින අන් රටවලට සාපේක්ෂව ඉතා සුලු ප්‍රථිශතයකි.

මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටින්නේ “කෝවිඩ්-19 පාලනය සඳහා මාර්ගෝපදේශ මෙතෙක් නීතිගත නොකිරීමේ තත්ත්වය මත, දැඩි කැපවීමකින් පාලනය කරගත් වසංගතය යළි හිස එසවීමේ අවදානමක් ඇති බවයි,” මෙම මාර්ග උපදේශ තවමත් සෞඛ්‍ය ඇමතිනී විසින් අනුමැතිය ලබා ගෙන නොමැති බවත් වාර්තා වේ.

More Stories